(උපාලි ආනන්ද)
අනුරාධපුර අංක දෙක මහාධිකරණය තුළ මෙතෙක් කලක් විභාග වෙමින් තිබූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාර වලට සම්බන්ධ සියළු නඩු විභාග කිරීම වහාම ක‍්‍රියාත්මක වන පරිදි උතුරු මැද පළාත් බද මහාධිකරණයට යොමු කර තිබේ.
අගවිනිසුරු පි‍්‍රයසාද් ඩෙප් මහතාගේ නියෝගයනට අනුව ප‍්‍රහාර වලට සම්බන්ධ නඩු මෙලෙස අනුරාධපුර අංක දෙක මහාධිකරණයේ සිට උතුරු මැද පළාත් බද මහාධිකරණයට යොමු කරන ලැබ ඇත.
එල්ටීටීඊ සංවිධානය විසින් අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට ගුවනින් හා ගොඩ බිමින් ප‍්‍රහාර එල්ලකර රුපියල් කෝටි 400 ක් පමණ වටිනා ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා දහයක් සම්පූර්ණයෙන්ම විනාශ කර තවත් ගුවන් යානා හයක් අර්ධ වශයෙන් විනාශ කර ආරක්ෂක අංශ සාමාජිකයින් 14 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුව පලාලි සිට රත්මලාන දක්වා පියාසර කරමින් තිබූ ඇන්ටෙනෝ 32 වර්ගයේ ගුවන් යානයකට විල්පත්තුව ජාතික වනෝද්‍යානයට ඉහල අහසේදී මිසයිල ප‍්‍රහාරයක් එල්ල කර ත‍්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සාමාජිකයින් එම ගුවන් යානය පදවමින් සිටි රුසියානු ගුවන් නියමුවා සහ කාර්ය මණ්ඩලය ඇතුළු 37 දෙනෙකු මරණයට පත් කිරීමේ සිද්ධියට අදාළ නඩුව විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ආරක්ෂක තත්වය පරික්ෂා කිරීමට යමින් සිටි ශ‍්‍රි ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ සේනා විධායකවරයාව සිටි කර්නල් ජයන්ත සුරවීර මහතා ඇතුළු අට දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුව මෙලෙස වැඩිදුර විභාගය සඳහා අනුරාධපුර අංක දෙක මහාධිකරණයේ සිට උතුරු මැද පළාත් බද මහාධිකරණයට යොමු කර තිබේ.
උතුරු මැද පළාත් බද මහාධිකරණයේ වත්මන් විනිසුරුවරයා ලෙස කටයුතු කරන්නේ මහේෂ් වීරමන් මහතායි මේ අතර මේජර් ජනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 30 දෙනෙකු මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රාහාරයකින් මරණයට පත් කිරීමේ සිද්ධියට අදාළ නඩුව තවදුරටත් විභාගයට ගැනෙන්නේ අනුරාධපුර අංක දෙක මහාධිකරණය තුළය. ඒ එම නඩුව විභාග කිරීම සඳහාම ගම්පහ පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් මහතා විසින් පත්කර තිබීමයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අ’පුර මහාධිකරණයේ ත්‍රස්තවාදී ප්‍රහාර නඩු විභාග කිරිම පළාත් බද මහාධිකරණයට