(එම්.සුසිල් ප්‍රියන්ත)
තෙවැනි වරටත් අයවැයට ඡන්දයක් ඉල්ලා පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරුන් කෑකෝ ගැසීමත් සමගම අද(19 ) පැවති අම්බලන්ගොඩ මාසික සභා රැස්වීම උණුසුම් විය.
මීට පෙර පැවති සභා රැස්වීම් දෙකේදී මෙන්ම මෙවර සභා රැස්වීමද අම්බලන්ගොඩ නගර සභාවේ සභාපති අරුණ ප්‍රදීප් මහතාට සභාව කල් දැමීමට සිදුවිය. ගිය අවස්ථා දෙකේදී සති දෙකකින් කල් දැමුණු සභා රැස්වීම අද (19) පස්වරු 2.00 දක්වා කල් දැමීය.
මාසික සභා රැස්වීම නීතී විරෝධී සභා රැස්වීමක් යයි කියමින් පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරු 12දෙනෙක් කෑකෝ ගැසූහ. සභා රැස්වීම නීත්‍යනුකූලනම් අය වැය සභා සම්මතකර ගත යුතු යැයි පාලක පක්ෂයේ මන්ත්‍රී සරත් ශ්‍රී ලාල් මහතා, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු 12ක් කෑකෝ ගසමින් කියා සිටියහ. දිගින් දිගටම සභාවේ වැඩකටයුතුවලට බාධා කරමින් සිටි මේ මන්ත්‍රීවරුන්ගේ පිරිසට මාසයක් සභා රැස්වීම තහනම් කරන ලෙස සභාපති අරුණ ප්‍රදීප් මහතා විසින් යෝජනා කෙරුණත් එය ක්‍රියාත්මක නොකෙරුණි.
සභාපති අරුණ ප්‍රදීප් මහතා ඇතුළු පාලක පක්ෂයේ මන්ත්‍රීවරු 10දෙනා අය වැය සදහා ඡන්දයක් අනවශ්‍ය බව කීහ. අය වැය සදහා ඡන්දයක් නොවිමසා සභාවේ ගෙවීම් ඇතුළු අනෙක් යෝජනා සදහා සභාපතිවරයා ඡන්ද විමසීම හාස්‍යට කරුණක් බව කී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාගරික මන්ත්‍රීනි ඩබ්ලිව්.එම් .නිලානි මෙනවිය කීවාය.මේ සමගම සභාපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබූ ගෙවීම් ඇතුලු අනෙක් යෝජනාවලට බහුතරයක් වූ මන්ත්‍රීවරු විරුද්ධවෙමින් ඒ සදහා ඡන්දවිමසීමේදී එම යෝජනා වැඩි ඡන්දයෙන් පරාජය කිරීමට සමත්වූහ.
මේ අනුව සභාවේ අනියම් සේවකයින්ට රුපියල් 4000ක අත්තිකාරම් මුදලක් ලබාදීමේ යෝජනාව ද වැඩි ඡන්ද හතරකින් පරාජයට පත්විය. පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ දැඩි උණුසුම් වාග් ප්‍රහාරයන් මධ්‍යයේ සභාව රැස්වීම අද (19) පැවති මාසික සභා රැස්වීම පස්වරු 2.00 දක්වා සභාපති අරුණ ප්‍රදීප් මහතා මහතා කල් දැම්මේය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අම්බලන්ගොඩ නගරසභා රැස්වීම උණුසුම් වෙයි