(එම් .සුසිල් ප්‍රියන්ත )
අය වැය සම්මත කිරීම සදහාවූ සහා රැස්වීම එය පැවැත්වීමට පැය කිහිපයකට පෙර කල් දැමුවේ යයි කියමින් අම්බලන්ගොඩ නගර සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් සභා රැස්වීම ශාලාව ඉදිරිපිටට පැමිණ විරෝධතාවය දැක්වීමත් සමග අම්බලන්ගොඩ නගර සභාවේ සභාපති අරුණ ප්‍රදීප් මහතා සහ එම මන්ත්‍රීවරුන් අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිවූහ.
මෙවර අයවැය පැරදෙන බව දන්නා නිසා සභාපතිවරයා සිතා මතාම සභා රැස්වීම කල්දමා ඇතැයි කියමින් මේ විරෝධතාවට එක්වූ මන්ත්‍රීවරු සභා රැස්වීම ශාලාව ඉදිරිපිට සිට විරෝධතාවේ නිරතවූහ.
අම්බලන්ගොඩ නගර සභාවේ 2021 වසර සදහා අය වැය සම්මත කර ගැනීම සදහා සභා රැස්වීම අද (15) උදේ පැවැත්වීමට නියමිතව තිබූ බවත් ඒ සදහාවූ අය වැය යෝජනාවලිය ඇතුලත් පොතක් ඊයේ (14 ) පස්වරු හතරට පමණ සිය නිවසටම ගෙනවිත් ලබාදුන් බවත් එය ලබාදී එදිනම රාත්‍රී නවයට පමණ නගර සභා සේවකයකු නිවසට පැමිණ සභා රැස්වීම කල්දමා ඇති බවට ලිපියක් ගෙනත් දුන් බවත් මේ විරෝධතාවට එක්වූ මන්ත්‍රීවරු පැවසූහ.
අද (15 ) දින පැවැත්වීමට නියමිත සභා රැස්වීමට සහභාගීවීම සදහා තමන් සේවය කරන ආයතනවලින් නිවාඩු ලබාගත් බව පැවසූ ඔවුහු සභාව කල් දැමීම නිසා තමන් දැඩි දුෂ්කරතාවන් රැසකටම මුහුණදුන් බවද පැවසූහ.
එක්සත් ජනතා නිදහස් සන්ධානය,ජනතා විමුක්ති පෙරමුණ,එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් මේ විරෝධතාවට එක්වී සිටි අතර පාලක පක්සයේ කිසිදු මන්ත්‍රීවරයෙක් මේ විරෝධතාවට එක්ව නොසිටියහ.
සභා රස්වීම ඉදිරිපිට මන්ත්‍රීවරුන් විරෝධතාවයේ යෙදී සිටියදි නගර සභා සභාපති අරුණ ප්‍රදීප් මහතා එම ස්ථානයට පැමිණීමත් සමගම විරෝධතාවේ යෙදී සිටි මන්ත්‍රීවරු අතර හා ඔහු අතර දැඩි වචන හුවමාරුවීම් සිදුවූහ.
මේ සම්බන්ධයෙන් අම්බලන්ගොඩ නගර සභාවේ සභාපති අරුණ ප්‍රදීප් මහතාගෙන් විමසූවිට කීවේ අපේ නගර සභාවේ නිලධාරීන්ගේ ක්‍රියා නිසා සභා රැස්වීම කල් දැමීමට සිදුවූ බවය.

2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
580
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අම්බලන්ගොඩ නගර සභාව උණුසුම් වෙයි