ක.ග කරුණාරත්න
අලි මිනිස් ගැටුම් අවම කිරීම සඳහා ජාතික වනෝද්‍යාන තුල දැනට සිදු කෙරෙන නීති විරෝධී මිනිස් ක්‍රියාකාරකම් හා පරිසර විනාශයන් මැඩලීම සඳහා නොපමාව පියවර ගන්නා බව තිරසර සංවර්ධන හා වනජීවී ඇමති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අද (03) පොලොන්නරුවේදී ප්‍රකාශ කළේය.
අම්පාර, මඩකලපුව සහ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ ඇමතිවරයා ඒ බව පැවසීය.
ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය සහ සෝමාවතිය ජාතික වනෝද්‍යානය තුල සිදු කෙරෙන වැලි ගොඩ දැමීම්, වන විනාශයන්, කුඹුරු අස්වැද්දීම් ඇතුලු නීති විරෝධී මිනිස් ක්‍රියාකාරකම් පිළිබඳව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඇමතිවරයා ඒ පිළිබඳව සොයා බලා ඒවා වැළැක්වීමට පියවර ගන්නා බවද කීය.
පොලොන්නරුව මහ නගර සභාව සහ පොලොන්නරුව ප්‍රාදේශීය සභාව මඟින් දිනපතා කැලිකසල බැහැර කරන ගල්ලෑල්ල ප්‍රදේශයේ පිහිටි එම ස්ථානය සහ කුණු කන අලි පිළිබඳව නිරීක්ෂණය කළ ඇමතිවරයා එම කැලිකසල සමඟ මිශ්‍රවී පොලිතින් ආහාරයට ගැනීමෙන් අලි මරණයට පත්වීම වැලැක්වීම සඳහා එම ස්ථානයට බැහැර කරනු ලබන කැලිකසල සමඟ ඇති පොලිතින් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසද අදාල අංශවලට උපදෙස් දුන්නේය.
වනජීවී නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම, වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරිය බණ්ඩාර, පොලොන්නරුව කලාපය බාර වනජීවී සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඩී.එම්.ජේ වික්‍රමසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අලි මිනිස් ගැටුම් අවම කිරීමට පියවර ගන්නවා - ඇමැති ෆොන්සේකා
Bamunuarachchi Monday, 04 June 2018 01:48 AM
ගෝඨාභය මහතාගේ උපදෙස් ලැබුනොත් වැඩේ ලෙහෙසි වේවි , නැතිනම් මට සැකයි වැඩේ වෙයිද කියලා.