(කාංචන කුමාර ආරියදාස)
අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගල්කිරියාගම කෝම්පලගම ප්‍රදේශයේ වන අලි රංචුවක් වැදී අස්වනු නෙළීමට ආසන්නව තිබූ ලොකු ලූනු වගා බිම් රැසක් විනාශ කර දමා ඇතැයි ගොවීහු පවසති.
කලාවැව රක්ෂිතයේ සිටින වන අලින් මේ ආකාරයෙන් විදුලි වැටවල් කඩාගෙන ගම්වැදීම කාලයක සිට සිදුවන බවත් මෙවර ඒ තත්ත්වය වැඩි වශයෙන් දක්නට තිබෙන බව ද ඔවුහු කියති.
දේශීය ලොකු ලූනු වගාවේ තවත් සති කිහිපයකින් අස්වනු නෙලීමට ආසන්න ව තිබුණු බවත් එකවරම රාත්‍රී කාලයේ වන අලින් කඩා වැදී එළවලු වගාවන් ලූනූ වගාවන් විශාල වශයෙන් මිල කිරීමට නොහැකි තත්ත්වයේ පාඩුවක් සිදුකර ඇති බව සඳහන් කරති.
කෝම්පලයාගම ප්‍රදේශයේ වගා බිම් වලට වන අලින් කඩා වැදීම වළකා ගැනීමට රජය විශාල මුදලක් වියදම් කර පසුගිය කාලයේ විදුලි වැටක් ක්‍රියාත්මක කර ඇති අතර එම විදුලිවැට ඉදිකර ඇත්තේ ප්‍රදේශ අවට ගස් වලට කම්බි ඇද ගැට ගසමිනි.
ගස් විශාල වීමත් සමඟ එම කම්බි ගස් තුළම ඇදී විනාශ වීම වන අලින් කඩා බිඳ දැමීමෙන් අලි වැට සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් තිබෙන අයුරු දක්නට ලැබේ.
මේ පිළිබඳව වනජීවී නිලධාරීන්ට රාජ්‍ය නිලධාරීන්ට කොතෙකුත් ප්‍රකාශ කළ ද කිසිදු පලක් නොමැති බව ගොවියෝ කියති. රාජ්‍ය සේවයේ පලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන පිරිස් හැසිරෙන ආකාරය පිළිබඳව ද ගොවීන් දැඩි වේදනාවෙන් යුතුව කියා සිටියේ උදෑසන සේවයට වාර්තා කිරීම 10 පසු වී සිදුවන බවත් ඉන් පසුව ආහාරය ලබාගෙන ජංගම දුරකථන ඔබමින් ජනතා සේවයක් සිදු නොකරන ආකාරයට හැසිරෙන බව ඔවුහු දැඩි කනගාටුවෙන් යුතුව ප්‍රකාශ කළහ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අස්වනු නෙළීමට තිබූ ලූනු වගාව වන අලි විනාශ කරති