IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ඉන්දු - ලංකා හමුදා සාකච්ඡා

ඉන්දියා සහ ශ්‍රි ලංකා සන්නද්ධ හමුදා අතර උපාය මාර්ගික සාකච්ඡා මාලාවේ දෙවන සැසිය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතාගේ සම ප්‍රධානීත්වයෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ දී පැවැත්විණි.

දෙරට අතර උපායමාර්ගික වශයෙන් වැදගත් වන කරුණු පිළිබද හා වෘත්තීමය වශයෙන් සන්නද්ධ හමුදා දැනුම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම සාකච්ඡා 2013 වසරේ දී ආරම්භ කරන ලදී. ඉන්දීය හමුදා දූත පිරිසේ ප්‍රධානී ලෙස එයාර් මාර්ෂල් අජිත් එස් බෝන්ස්ලේ මෙම සැසි වාරයට සහභාගි වු අතර බ්‍රිගේඩියර් එස්එල් ජෝසි, ශ්‍රි ලංකාවේ ඉන්දියානු ආරක්ෂක උපදේශක කැප්ටන් ප්‍රකාශ් ගෝපාලන්, වින්ග් කමාන්ඩර් ඒඒ කෙල්කාර් සෙසු සමාජිකයින් ලෙස සහභාගි විය.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා නියෝජිත පිරිසට යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ‍මේජර් ජෙනරාල් එමිපී පීරිස්, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් එස්එස් රණසිංහ, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සීආර් ගුරුසිංහ, ජාතික බුද්ධි සේවා ප්‍රධානී, අධ්‍යෂක ජෙනරාල් ශ්‍රි ලංකා වෙරළ ආරෂක රියර් අද්මිරාල් ජීඩීඒඑස් විමලතුංග ඇතුළු ආරක්ෂක හාවිදේශ කටයුතු අමාත්‍යශයන්හි නියෝජිතයෝ සහභාගි වූහ.

දෙරට අතර පවතින දීර්ඝකාලීන ආරක්ෂක සබදතා තවදුරටත් වර්ධනය කර ගැනීමට අමතරව ඉන්දියන් සාගරය තුළ උපායමාර්ගික වැදගත්කම සහ ජාතික හා ජාත්‍යන්තර වශයෙන් බලපානු ලබන නව ආරක්ෂක තර්ජන වනත්‍රස්තවාදය හා අන්තවාදය පිළිබදවත් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කැරිණි.



අදහස් (0)

ඉන්දු - ලංකා හමුදා සාකච්ඡා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 769 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 459 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site