(රවී ලියනගේ)
අගෝස්තු 05 ඡන්දය ලබාදී මේ රටේ ජනතාව තීරණය කළ යුත්තේ සහෝදරයින් දෙන්නාට ඡන්දය දී එක් වේලක් කනවා ද එජාපයට ඡන්දය දී වේල් තුනම කනවා ද යන්න බව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අද ( 02) ගාල්ලේදී පැවසීය.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය,
‘‘අගෝස්තු 05 පනවත්වන ඡන්දය දේශපාලනඥයක්ගේ ඡන්දයක් නෙවේ. ඡන්ද දායකයින් වන ඔබගේ ඡන්දයක්. ඔබයි තීරණය කරන්නේ කවුද එවන්නේ කියලා. මේක ඔබේ ඡන්දය.
අගමැති පත් කරන්නේ මේ ඡන්දයෙන්, පාර්ලිමේතුව පත් කරන්නේ මේ ඡන්දයෙන්. මේක ඉතාම වැදගත් ඡන්දයක්. ඒ නිසා ඒ සඳහා ඔබේ අවදානය යොමු කරන්න. ඔබේ ඡන්දය ලබා දෙන්න පෙරමුණ ගන්න.
අද ආණ්ඩු බලය සඳහා ඉදිරිපත් වන්නේ පක්ෂ දෙකයි. ඒ එජාපය හා පොහොට්ටුව අනිත් අය එන්නේ වෙන වැඩ වලට. එක පක්ෂයක් කියනවා ශක්තිමත් විපක්ෂයක් හදනවා කියනවා , තව එකක් කියනවා උතුරේ ප්‍රශ්න විසදනවා කියනවා. තව පිරිසක් මට බනිනවා. ඒ දේවල් වලට එන පක්ෂ වලට ඔබේ ඡන්දය නාස්ති කරන්න අවශ්‍ය නෑ. මේ ඔබේ තීරණය. මේක අතහරින්න එපා. මේ ක වැදගත් සංදිස්ථානයක්.
ඔබේ අනාගතය තීරණය කරන ඡන්දයක් මේක. මමත් මේකෙදී ඡන්දය දෙන්නේ ඡන්ද දායකයෙක් හැටියට. අපි ඔක්කොම එදාට තීරණය කරන්නේ රටේ අනාගතය ගැන. අපිට මේ අයිතිය ලබා දුන්නේ ඩී.එස්.සේනානායක. ඒ නිසා කරුණාකරලා මේ අවස්ථාව අතහරින්න එපා. කරුණාකරලා ඡන්දය දෙන්න.
සමහරු කියනවා මේ දේශපාලන පක්ෂවලින් වැඩක් නෑ කියලා. එදා ජනාධිපතිවරනයේ දී තිබුණු උනන්දුව අද නෑ. දේශපාලනඥයින් හොද නෑ කියලා පිටින්ම එක්කෙනෙක් ගෙනවා.
අද එකත් හොද නැති වෙලා. මේක ඔබේ ඡන්දය මේ අවස්ථාව අතහරින්ද එපා. මුන්ගෙන් වැඩක් නෑ, කොරොනා කියලා ඡන්දය දෙන්නේ නෑ කියලා ඡන්දය අතහැරියොත් රටට ද්‍රොහීන් වීමක්. ප්‍රජාතන්ත්‍රවාදයට ඡන්දය දුන්නේ නැත්නම් ඒකාධිපතිවාදය ජයගන්නවා.
අපි කොහොමද මේ කොරොනා වලට මුහුණ දෙන්නේ. කට්ටියක් කියනවා දැන් කොරොනා හොඳයි කියලා. ඇත්ටම හොදයි ද නැද්ද? ඒ ගැන සංවාදයක් ගොඩ නගන්න ඕන. අද කොරෝනා අර්බුදයක් තියනවා. සමහර රටවල් කොරෝනා වලට මුහුණ දෙනවා ආර්ථික අර්බුදය ජයගන්න ගමන්. අපිත් කරන්න ඕන ඒ විදියට. එජාපයට තියෙන්නේ අන්න එහෙම රට ගොඩනඟන වැඩපිළිවෙලක්. එහෙම නැතිව අපි කොරෝනා දිනුවා කියලා හිතලා ඉදලා වැඩක් නෑ. අපි කියන්නේ කොරෝනා එක්ක අපි ජීවිතය හැඩ ගස්සවා ගත යුතුයි. අපි කියන්නේ පරීක්ෂණ 5000ක් වත් කර යුතුයි.
එජාපය මේ බලයට එන්න හදන්නේ ජනතාවගේ අතට මුදල් දී රටේ ආර්ථිකය හදන්න. අපි හොද වෙලාවට පසුගිය කාලය තුල මුදල් ඉතුරු කරලා ගියපු නිසා දැන් මේ ආණ්ඩුව ණය වාරික ගෙවනවා.
මේ අය සතයක් හම්බකොරලා නෑ. දෙසැම්බර් 31 වන විට ඩොලර් මිලියන 2500 ක් ගෙවන්න තියනවා. බලවෙන්න දෙයක් නෑ. අපි ඒ මුදල් ඉතුරුකරලා ගියේ.
අපිට රටක් විදියට මුදල් නැත්නම් අපි මොකද කරන්න ඕන. රුපියල් මිලියන වලින් 150000 ක් එකතු කරා මම පසුගිය කාලය තුල. මේ ආණ්ඩුව ඇවිල්ලා බදු අඩුකරලා ඔක්කොම කෑවා.
මේ ආණ්ඩුවසතයක් ඉතුරු කළේ නෑ. අද අමාරු තත්වයට ඇවිල්ලා ඉන්නවා. මේ අර්බුදයෙන් මිදෙන්න පුළුවන් එජාපයට විතරයි. ඒ සඳහා වැඩපිළිවෙලක් සහිතව ඡන්දයට ඉදිරිපත් වෙන්නේ එජාපය පමණයි.
2001 දී මම මේ ආර්ථික ආර්බුදයෙන් මිදෙන්න අවශ්‍ය වැඩ කළා. 2015 දී නැවත මම ඒ දේ කළා. දැන් මට 2019 දී ඒ වැඩ පිළිවෙල කරන්න එජාපයට වැඩ පිළිවෙලක් තියනවා.
අපේ නව ආර්ථික ප්‍රතිපත්ති රාමුව තුල ජනතාවට මුදල් ලැබෙනවා, ආර්ථිකය නිවැරදි තැනට එනවා. ව්‍යාපාර දියුණු වෙනවා. ඒ තැනට ගේන්න නම් එජාපය බලයට එන්න ඕන.
නොවැම්බර් මාසයේ එජාපයේ අපිට ජනතාව පණිවිඩයක් දුන්නා. අපි ඒ විදියට වෙනස් වෙනවා. වෙනස් වුණා. අළුත් මුණු අපිට ඕන. අපි අළුත් මුහුණු ඉදිරිපත් කරලා තියනවා. ඒ විදියට තමයි මේ පක්ෂය වෙනස් වෙන්නේ. ඒ ආකාරයෙක් ඔබේ අනාගතයට හරියන වැඩ පිළිවෙලක් අපි ඉදිරිපත් කරලා තියනවා.
ආණ්ඩුව තුනෙන් දෙකක් ඉල්ලනවා. මේ අයට තුනෙන් දෙකක් දුන්නාම කොරොනා බය වෙලා ආයිත් යනවද? වෙන රටවල් ආධාර දෙනවද? නෑ. අපි ගොඩඑන්න ඕන වැඩ පිලිවෙල ක්‍රියාත්මක කල යුතුයි. අපි ගොඩඑනවා ද යට යනවාද කියලා අද තීරණය කරන්න වෙනවා. ඒ තීරණය තමයි ඔබ අගොස්තු 05 ගත යුත්තේ.
සහොදරයින් දෙන්නට ඡන්දය දීලා එක වේලක් කනවා ද එජාපයට ඡන්දය දීලා තුන්වේලක් කනවද කියලා ඔබ තීරණය කළ යුතුයි.
අපි ඒ සඳහා හොද තරුණ කණ්ඩායමක් ඉදිරිපත් කරලා තියනවා. අගොස්තු 05 ඒ තීරණය නිවැරදිව ගන්න. එජාපයට ඡන්දය දීලා නැවත රට ගොඩනඟන වැඩපිළිවෙලට දායක වන ලෙස මම ඉල්ලා සිටිනවා. යැයි රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
‘‘එක වේලක් කනවාද වේල් තුනම කනවාදැයි හිතන්න‘‘
Binkunndaa Sunday, 02 August 2020 05:51 PM
යු එන් පී කියන්නේ පොහොට්ටුවේ බළල් අතක් විතරයි.
Raveendra Sunday, 02 August 2020 06:23 PM
වේල් තුන ගැන නොහොත් බඩගෝස්තරය ගැන පමණක්ම හිතන මේ වගේ අයගෙන්ද අපගේ මාතෘබුමිය පාලනය කරන්න හදන්නේ.?
නිලන්ත Sunday, 02 August 2020 07:51 PM
රාජපක්ෂවරුනේ, 19 වෙනස් කරනවා කිය කියා නොයිඳ අලුතෙන් දාන ඒවා ගැන ජනතාවට කියලා ඡන්දෙ ඉල්ලන්නෙ නැත්තෙ ඇයි?
බද්රානි Sunday, 02 August 2020 09:21 PM
ඔය, කවුරු මේ රටේ නායකත්වය දැරුවත්, අපිට නම් යහපතක් වෙලා නැහැ. මිහිපිට අමනයින් රජ කරන මේ මහා අපායක් වැනි සුන්දර ශ්‍රී ලංකාවේ උපදින්න පව් කරලා තිබුනත්, හිත හොඳ අපි නම් දෙයියන්ගේ පිහිටෙන් වේල් තුනම හොඳට කාල සුවසේ තවමත් හොඳින් ජීවත් වෙනවා.
Bamunuarachchi Monday, 03 August 2020 02:10 AM
අපි අහන්නේ සහෝදරයින්ට ඡන්දේ දී තුන්වේල කනවද එජාපෙට ඡන්දේ දී බඩගින්නේ මැරෙනවවද කියලා.?
Rohana Monday, 03 August 2020 02:14 AM
රනිල් මොනවද මේ කියවන්නේ. අගමුල ගැලපෙන්නේ නැති පිස්සු කථා නේද?
අනුර Monday, 03 August 2020 02:36 AM
මේ ප්‍රවෘතියේ සිරස්තලයට දාන්ඩ තිබුනේ "එක වේලක් කනවාද රටම කනවාදැයි හිතන්න" යනුවෙන්ය.
Palitha Lakshman Monday, 03 August 2020 02:58 AM
අපිනම් තුන්වේල හොඳට කනවා. ඔබතුමාගේ කාලෙත් කෑවා, දැනුත් කනවා.
Senarath Monday, 03 August 2020 03:37 AM
2015 දී දීලා කාපු කෑම හොඳටම ඇති.