( එච් . චන්දන )
වනාතවිල්ළුව-එළුවන්කුලම කුරටියාමොහොට්ටේ ප්‍රදේශයේ සිමෙන්ති සංස්ථාවට අයත් ඉඩමක් එළිකර සම්බන්ධව මේ වන විට තවත් පුද්ගලයින් තිදෙනකු අත් අඩංගුවට ගත් බව වනාතවිල්ළුව පොලීසිය කියයි.
සිමෙන්ති සංස්ථාවේ සභාපති නිතිඥ ගාමිණි ඒකනායක මහතා කළ පැමිණිල්ලකට අනුව මෙම ඉඩමට අයුතු ඇතුල්වීම හා අනන්තයක් සිදු කිරීම වෙනුවෙන් පළමුව පුද්ගලයින් 05දෙනෙක්ද පසුව එක අයකුද අද( 09) පුද්ගලයින් 03දෙනකුද මෙලෙස අත් අඩංගුවට ගත් බවත් සිදු කරන විමර්ශණවලදී ඉදිරියේදී තවත් පුද්ගලයින් අත් අඩංගුවට ගන්නා බවයි වනාතවිල්ළුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්.පි.එන් පතිරත්න මහතා සදහන් කළේය.
මේ සමබන්ධව මුලින්ම අත් අඩංගුවට ගත් 05 දෙනා ලබන 15 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති අතර අනෙක් තිදෙනා පුත්තලම අධිකරණයට අද( 09) ඉදිරිපත් කිරීමට නියමිතයි.
අක්කර 100 ආසන්න ප්‍රමාණයක් දැනට මාස ගණනාවක සිට මෙලෙස විශාල ගස් ගිනි තබා සම්පුර්ණයෙන්ම සුද්ද කර තිබේ. මෙම ඉඩම තුල තිබූ වසර ගණනාවක් පැරණි පළු , බුරුත, වීර වැනි වටිනා ගස් රැසක් දැනට විනාශකර දමා මෙම භූමිය සකසා ඇති බව දක්නට ලැබෙන අතර මෙ සාමාන්‍ය හේන් ගොවි තැනට සුදුසු පරිසරක් දැන් සකසා ඇති බව දක්නට ලැබේ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
එළුවන්කුලමේ සිමෙන්ති සංස්ථාවට අයත් ඉඩම එළි කළැයි තවත්3 ක් අත්අඩංගුවට