(එම්.සුසිල් ප්‍රියන්ත)
ජනපති නියෝග කළ කටු පොල් වගා තහනම වහාම ක්‍රියාවට නංවන ලෙස ඉල්ලා අද (29 ) ඇල්පිටිය තල්ගස්වල නගර මධ්‍යයේදි උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්විණි.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය රාජාසන කතාවේදී කටු පොල් වගාව තහනම් කරන ලෙස කීවද ඇල්පිටිය ප්‍රදේශයේ වතු හාම්පුතුන් එය තඹයකටවත් මායිම් නොකර කටු පොල් පැල සිටුවන බවද උද්ඝෝෂකයෝ කියති.
එබැවින් කටු පොල් වගා තහනම කථාවට පමණක් සීමා නොකොට එය ක්‍රියාවට නැංවීමේ අරමුණින් තමන් මේ උද්ඝෝෂණය කරන බවද ඔවුහු කියති.
මේ වනවිටත් බොහෝ වතු හාම්පුතුන් වතුවල කටු පොල් පැල සිටුවීමේ ක්‍රියාවලියේ යොමුවී සිටින බවද උද්ඝෝෂකයෝ කියති.
ජනපති නියමයෙන් තහනම් කරන ලද කටු පොල් තහනම වහාම ක්‍රියාත්මක කරන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බවද ඔවුහු කියති.
සොබා පරිසර සංසදය සංවිධානය කොට පැවති මේ උද්ඝෝෂණයට එම සංසදයේ සභාපති කීර්ති පේලිතන්ත්‍රි,ලේකම් ඉන්දික තුෂාර,පහත රට වතුකම්කරුවන්ගේ සංගමයේ සභාපති රුවන් ගාල්ලගේ ,කැදවුම්කරු චමිල නිශාන්ත යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගීවූහ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කටුපොල් වගා තහනම ක්‍රියාත්මක කරන්නැයි උද්ඝෝෂණයක්
puppa Sunday, 29 November 2020 11:49 PM
මේ තවත් බොරුවක්, අපි අසාවෙන් බලා හිටියේ මේ කටු පොල් වගාව නවත්වයි කියලා.