IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


කුණාටුවට සිරවී සිටින පවුල් 88 කට වියළි ආහාර ගෙන යති


 (සිතුම් චතුරංග)
                                           
බුරවි සුළිකුණාටු තත්වය හේතුවෙන් කිලිනොච්චිය ,ඉරණතිව් දූපතේ සිරවී සිටින පවුල් 88 සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ හා වියළි ආහාර රැගෙනයාම අද(04) නාවික හමුදාව විසින් සිදුකළේය.

නාවික හමුදාවට අයත් විශේෂ යාත්‍රා දෙකකින් වියළි ආහාර රැගෙනයාම සිදුකෙරිණි.

බුරවි සුළිකුණාටුව හේතුවෙන් මුහුද රළුවීම හේතුවෙන් එම ජනතාවට සිය අවශ්‍යතා සපුරා ගැනීම සදහා කිලිනොච්චිය වෙත පැමිණිමට නොහැකි අතර සුළිකුණාටු තත්වය හේතුවෙන් එම ජනතාව පීඩාවට ලක්ව සිටින බවද කිලිනොච්චිය ආපදා කළමනාකරණ ඒකකය පැවසීය.

කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් රූපාවතී කේදීෂ්වරන් මහත්මියගේ ඉල්ලීමක් අනුව නාවික හමුදාව වියළි ආහාර හා අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කිරීමට ඉදිරිපත්ව තිබේ.

ඉරණතිව් දූපතේ සිටින පවුල් 88 කට අයත් පුද්ගලයින් 131 සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැගෙනයාම සිදුකෙරිණි.

කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන්, පුනකරි ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවකයින් ඇතුළු පිරිසක් ද්‍රව්‍ය රැගෙනයාම සඳහා එක්ව සිටියහ.    



අදහස් (0)

කුණාටුවට සිරවී සිටින පවුල් 88 කට වියළි ආහාර ගෙන යති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 785 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 579 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site