(දිනේෂ් උපේන්ද්‍ර)
කුලියාපිටිය නගර සභාවේ 2021 සඳහා වූ අයවැය සභාපතිවරයාගේ තීරක ඡන්දයෙන් අද(12) සම්මත විය.
නගර සභා අයවැය ඡන්ද විමසීම කුලියාපිටිය නගර සභා රැස්වීම් ශාලාවේ පැවති අතර එහිදී පක්‍ෂ ප්‍රතිපක්‍ෂ සියලුම මන්ත්‍රීවරු ඒ සඳහා සහභාගී වූහ.
එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ නරගසභා විපක්‍ෂයේ සියලුම මන්ත්‍රීවරුන් අය වැයට විපක්‍ෂව සිය ඡන්දය ප්‍රකාෂ කළ අතර විපක්‍ෂ නායක ගිහාන් ජීවන්ත, සෝභිත තේනුවර අනුරසිරි දිසානායක හා විද්‍යාසේකර භාණු යන මන්ත්‍රීවරු ඊට හේතු පහදා අදහස් දැක්වූහ.
පාලන පක්‍ෂය වූ එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කළ උපසභාපති ෂෙල්ටන් වනසිංහ මහතා සිය පක්‍ෂයේම සභාපතිවරයා ගෙන ආ අයවැය යෝජනාවට විරුද්ධව සිය ඡන්දය ප්‍රකාශ කළ අතර විපක්‍ෂය නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කුඩාබණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීවරයා එහිදී අයවැය යෝජනාවට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයකි.
කෙසේවෙතත් මන්ත්‍රීවරුනගෙන් කළ ඡන්ද විමසීම අනුව පක්‍ෂව ඡන්ද 8කුත් විපක්‍ෂව ඡන්ද 8කුත් ලැබී තිබීම හේතුවෙන් සභාපතිවරයාගේ තීරක ඡන්දය අනුව අයවැය වැඩි ඡන්ද එකකින් ජයගෙන තිබිණ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කුලියාපිටිය නගර සභාවේ අයවැය සම්මතයි