( සිතුම් චතුරංග)
වවුනියාව නගරයට පැමිණෙන කාන්තා යතුරුපැදි වල කැබිනය කඩා මුදල් හා ජංගම දුරකථන සොරාගත් කොල්ල කල්ලියක ප්‍රධාන සාමාජිකයින් දෙදෙනකු සොරකම් කළ භාණ්ඩ සමඟ අද (21) අත් අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය කියයි.
කාන්තා යතුරුපැදි වල අසුන යට තිබෙන කැබිනය කඩා මුදල් හා ජංගම දුරකථන ඇතුළු වටිනා භාණ්ඩ සොරාගැනීමේ සිද්ධීන් පිළිබඳ වවුනියාව අපරාධ විමර්ශන ඒකකයට ලැබුණ පැමිණිලි වලට අනුව සිදුකළ විශේෂ විමර්ශනයකදී සැකකරුවන් අත්අඩංගුටගත් ගෙන ඇත.
අත්අඩංගුවටගත් සැකකරුවන් දෙදෙනා දීර්ඝ කාලයක් කටාර් හි සේවයකොට ඇති අතර එහිදී යතුරු පැදි සම්බන්ධයෙන් ලබූ පුහුණුව මත තවත් කිහිපදෙනකු සම්බන්ධ කරගනිමින් කොල්ලකෑම් සිදුකර ඇති බවට තොරතුරු අණාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.
සැකකරුවන් සතුව තිබී ජංගම දුරකථන 14ක් , මුදලින් රුපියල් 30000ක් , කාන්තාවන්ගේ මුදල් පසුම්බි හා රියදුරු බලපත්‍ර ඇතුළු කොල්ලකෑම සඳහා භාවිතා කළ විශේෂිත වූ යතුරක්ද සැකකරුවන් සතුව තිබී සොයාගෙන ඇත.
වවුනියාව නගරයට පැමිණ විවිධ ස්ථානයන්හි නවතා තිබෙන යතුරුපැදිවල අසුන් යට කැබිනය සැකකරුවන් විසින් විශේෂිතවූ යතුරක් භාවිතාකොට විවෘත කරන අතර එහිදී සොරාගන්නා ලද ජංගම දුරකථන විවිධ පුද්ගලයින් වෙත අලෙවිකර ඇති බවද තොරතුරු අනාවරණය වී ඇත.
කොල්ලකෑම්වලට සම්බන්ධ අනෙක් සැකකරුවන් අත්අඩංගුවටගැනීම විමර්ශන සිදුකරන අතර උත්සව සමයේ වවුනියාව නගරයට පැමිණෙන යතුරු පැදිවල ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිළිමත් වන ලෙසද වවුනියාව පොලිසිය ඉල්ලා සිටිති.
සැකකරුවන් වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොල්ල කල්ලියක දෙන්නෙක් වව්නියාවෙන් අත්අඩංගුවට