පැරිස් නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධිත ශ්‍රී ලංකා අධ්‍යාපන, සංස්කෘතික සහ සමාජ සුභසාදන පදනම විහාරාධිපති පරවාහැර චන්දරතන හිමියන්ගේ අනුශාසනා පරිදි වාර්ෂිකව සංවිධානය කරන බක්මහ උළෙල අප්‍රේල් 24 වන දින දවස පුරාවටම, පෝල් සයිමන් ශාලාවේදී පැවැත්වුනි.
ආගමික කටයුතු වලට මුල් තැනක් දෙමින් පෙරවරු 9 ට ආරම්භ විය. මෙම උත්සවයේදී ශ්‍රී ලංකා ජාතික ගීයත් ප්‍රංශ ජාතික ගීයත් ගායනා කරද්දී දෙරටේම ජාතික කොඩි ඔසවනු ලැබිය.
ශ්‍රී ලංකා ජාතික කොඩිය ඔසවන ලද්දේ ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති තිලක් රණවිරාජ විසිනි.
පංච ශිලය සමාදන් වීම සහ ධම්ම චක්ක දහම් පාසලේ දරුදැරියන් විසින් ජය මංගල ගාථා ගායනයෙන් අනතුරුව නව වසරට සුභ පතා සම්ප්‍රදායික කිරි ඉතිරිවීම සහ රබන් වාදනය සිදු කැරිණි. ඉන් අනතුරුව කුලදේවතාවුන් වහන්සේලාට බුලත් දීමත් ප්‍රංශයේ ඉපදුන ශ්‍රී ලාංකික දුවා දරුවන් ඔවුනගේ දෙමාපියන් සහ අනෙකුත් වැඩිහිටියන් හට බුලත් දී අචාර කිරීමත් සිදු කැරිණි. මහා සංඝ රත්නය පරිත්ථාන ධර්මය දේශනා කරන අතරතුර චාරිත්‍රානුකූල හිසතෙල් ගෑම සිදුවිය.
සෑම වසරකම සිදුකෙරෙන අන්දමට මෙවරත් සමන් ගීතානි සමරක්කොඩි යුවල සහ චන්දන සුබෝධිනී මැනික්පුර යුවල විසින් පිළියෙළ කල කැවුම් කිරිබත් සහ අනෙකුත් රස කවිලිවලින් සමන්විත අලුත් අවුරුදු කෑම මේසය අලෙවි කැරිණි. මහාසංඝ රත්නය සඳහා දානය පිරිනැමීමත් අනෙකුත් සැමදෙනා සඳහා දහවල් ආහාර පාන ලබාදීමත් සිදුවිය.
ඉන් පසුව සම්ප්‍රදායික සිංහල අවුරුදු ක්‍රීඩා අවසන්වීමෙන් පසු සංස්කෘතික සංදර්ශනය ආරම්භවිය. ප්‍රංශයේ ලබුෂේ නගරාධිපති සහ උපනගරාධිපති වරුන්, ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නියෝජනය කල මධුකා ද සිල්වා සහ ශ්‍රී ලාංකික මෙන්ම ලාඕස, වියට්නාම, කාම්බෝජ සහ චීන ජාතික අමුත්තන් විශාල පිරිසක් උත්සවය සඳහා සහභාගිව සිටියහ.
පැරිස් නුවර තිසරාවි කලායතනය විසින් අලංකාර සංස්කෘතික සංදර්ශනයක් ඉදිරිපත් කල අතර අවුරුදු කුමරා සහ කුමරිය තේරීම ඇතුළු විවිධාංග රැසක්ම ඒ සඳහා ඇතුලත් කර තිබුණි. මෙම අවස්ථාවට කොන්ගස්දෙනියේ ආනන්ද නාහිමි, මුරුන්ගස්යායේ ඤානිස්සාර නාහිමි, මාපලගම ජිනානන්ද හිමි, කන්දවින්නේ රාහුල හිමි, කඳුරුපොකුනේ ධම්මාලෝක හිමියන්ද සහභාගී වුහ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කොහා පමා වී පැරිස් යයි
නීතා Thursday, 05 May 2016 05:11 PM
සෑම වසරකම වාගේ මෙය මෙවරත් පැවැත්වීම ගැන සියල්ලන්ටම ස්තූතිවන්ත වෙනවා (නි)