IMG-LOGO

2025 අප්‍රේල් මස 02 වන බදාදා


කොට්ටාව -පිළියන්දල බස්පාර නිසි සැලැස්මකට ක්‍රියාත්මක කරන්නැයි උද්ඝෝෂණයක්

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට අයත්  කොට්ටාව -  පිළියන්දල 342 බස් මාර්ගයේ සංවර්ධනය ව්‍යාපෘති නිසි සැලැස්මකට ක්‍රියාත්මක නොවන බව පවසමින් , එම ප්‍රදේශයේ ජනතාව  මත්තේගොඩ සල්ගස්හන්දියේ දී අද (01) දා දහවල් විරෝධතාවක් පැවැත්වූහ.

කිලෝමීටර් හතරක් පමණ දුර මෙම මාර්ගය නිසි ප්‍රමිතියෙන් යුතුව සංවර්ධනය නොවන බවත් සංවර්ධන සැලැස්මේ අඩුපාඩු රැසක් ඇති බවත් ඒවා වහා නිවැරදි  කොට සංවර්ධන ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කර දෙන ලෙසත් ඉල්ලා  ප්‍රදේශයේ  ජනතාව  උද්ඝෝෂණ පාඨ කියමින්  පැයක පමණ කාලයක් විරෝධතාවයේ නියැලුණහ .

එහිදී විරෝධතාකරුවෝ සඳහන් කළේ මීට පෙර මාර්ගයෙන් ගලා ගිය ස්වභාවික වැසි ජලය නිසි පරිදි ගලාගිය බවත්  මාර්ගය උස්සා සංවර්ධනය කිරීමේදී , වැසි ජලය දෙපස නිවෙස් තුළට ගලා යාමේ අවදානමක් මතුව ඇති බවයි .

එසේම මාර්ගයේ තැනින් තැන සංවර්ධන කටයුතු අවිධිමත්ව සිදු කිරීම හේතුවෙන්  වැසි කාලයේදී   මඩ වගුරු  හරහා යාමටත් පායන කාලයේදී දූවිලි වලින් මාර්ගයේ දෙපස ජනතාව දුෂ්කරතා රැසකට  මුහුණදීමට සිදුව ඇති බවටත් චෝදනා කරති .

විරෝධතාව පැවැත්වෙන අවස්ථාවේ දී මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් පැවති අතර පොලිසිය මැදිහත්විය එය වැළැක්වීමට උත්සාහ දරනු දක්නට ලැබුණි.

හිටපු පළාත් සභා මන්ත්‍රී නලීන් ප්‍රදීප් උඩුවෙල , මත්තේගොඩ ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපති ගයන්ත රණසිංහ  මහතා ඇතුළු විශාල පිරිසක් මෙම විරෝධතාවයට සහභාගී වී සිටියහ .

 



අදහස් (0)

කොට්ටාව -පිළියන්දල බස්පාර නිසි සැලැස්මකට ක්‍රියාත්මක කරන්නැයි උද්ඝෝෂණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 401 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1383 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 438 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 536 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 506 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 391 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 208 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 796 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 781 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site