(එම් .සුසිල් ප්‍රියන්ත)
මිටියාගොඩ වාචිස්වර මාවත ප්‍රදේශයේ අසල්වාසීන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් කාන්තාවක් මරුමුවට පත්වි හයදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කල බව මීටියාගොඩ පොලීසිය කියයි.
ඊයේ (21 ) රාත්‍රියේ මෙම ගැටුම ඇති වී තිබේ.
මිටියාගොඩ වාචිශ්වර මාවත ප්‍රදේශයේම පදිංචි වැල්ලගේ කාන්ති නමැති හතලිස්පස් හැවිරිදි තිදරු මවක් මේ ගැටුමෙන් මිය ගොස් ඇති බවද පොලීසිය කියයි.
ඇයගේ එක් පුතකු මොරගහහේන පොලීසියට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරික්ෂකවරයෙක් බවද පොලීසිය කියයි
මේ කාන්තාවගේ ඝාතනයේ සැකකරු ඇයගේ නිවස අසල පදිංචි යුද හමුදාවේ විශ්‍රාමික සෙබලෙක් බවත් පවසන පොලීසිය මේ ගැටුමෙන් ඔහුද බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බවද කියයි.
මේ ගැටුමෙන් මියගිය කාන්තාවගේ සැමියා ,පුතුන් දෙදෙනා ,ඇයගේ සොහොයුරා ,තවත් ඥාතියකුද තුවාල ලබා රෝහල් ගත කර ඇති බවද පොලීසිය කියයි.
ගැටුමෙන් තුවාල ලැබූ හයදෙනාම පලමුව බලපිටිය මූලික රෝහලට ඇතුලත් කළ බවත් අසාධ්‍ය තත්වයෙන් පසුවූ ඝාතනයේ සැකකරු හා ඝාතනයවී ඇති කාන්තාවගේ සැමියා කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර යැවූ බවද පොලීසිය කියයි
ඇළ මාර්ගයක් අවහිර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ අසල්වාසීන් දෙපිරිස අතර කාලයක් තිස්සේ පටන්ම ආරවුලක් පවතින බවත් ඒ ආරවුල මේ ගැටුමට හේතුව වන්නට ඇති බවත් පොලීසිය කියයි .
තමන්ගේ අසල්වාසි ඥාතියෙකුට ඊයේ (21 ) රාත්‍රියේ මේ ඝාතනයේ සැකකරු ඇතුලු පිරිසක් පහරදී ඇති බවත් ඔහුව බේරා ගැනීමට මියගිය කාන්තාව ඇතුලු අසල්වාසි ඥාති පිරිසක් එහි ගියවිට සැකකරු ඇයට ,ඇයගේ සැමියාට ,දරු දෙදෙනාට, සහ ඇයගේ සොහොයුරාට තියුණූ ආයුධයකින් පහරදි ඇති බවත් ඉන් අනතුරුව මිය ගිය කාන්තාවගේ පිරිසේ අයවලුන් සැකකරුට පහරදී ඇති බවත් පොලීසිය කියයි
මීටියාගොඩ පොලීසිය හා ඇල්පිටිය පොලිස් අපරාද පරීක්ෂණාගරයේ නිලධාරින් මේ පිලිබදව පරික්ෂණ පවත්වති .
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගැටුමකින් කාන්තාවක් මරුට : 6 ක් රෝහලේ