(මොරගහහේන - කේ. බුද්ධික කුමාරසිරි)
මනුෂ්‍ය ඝාතන ඇතුළු විවිධ වර්ගයේ දරුණු අපරාධවලට සම්බන්ධ “නේවි රුවන්” නමැති පාතාල ක්‍රියාකාරිකයෙකුගේ සමීපතමයෙකු වන ගල්කිස්සේ තිලක් බඩා හෙවත් අශාන් මදුශංක නම් 22 හැවිරිදි අයෙකු ඇතුළු තිදෙනෙකු රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය සහ ගිනි අවි කොටසක් සමගින් අද (03) අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගන්නා ලද ගිනි අවි කොටසට අදාල ගිනි අවිය සඟවා තිබූ හෝමාගම නියඳගල ප්‍රදේශයේ තෙමහල් නිවසක් පරීක්ෂා කිරීමට සැකකරු සමග යාමේදී සැකකරු පොලිස් අත් අඩංගුවෙන් මිදී පලාගොස් තෙමහල් නිවසේ ඉහළම මාලයෙන් බිමට පැනීම නිසාවෙන් බරපතල තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කළ බවත් පොලිස් ආරක්ෂාව යටතේ සැකකරු රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය පවසයි.
මීගොඩ බටවල ප්‍රදේශයේදි යතුරුපැදියකින් රුපියල් ලක්ෂ හයහමාරක් පමණ වටිනා මැණ්ඩි නමැති මත්ද්‍රව්‍ය ග්රැම් 110 ක් ප්‍රවාහනය කරමින් සිටියදී අත් අඩංගුවට ගත් 39 හැවිරිදි පුද්ගලයෙකුගෙන් ලද තොරතුරක් මත මෝටර් රථයකින් යමින් සිටි මෙම පුද්ගලයා අත් අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී මෝටර්රථයේ කාන්තා අත්බෑගයක තිබී මැණ්ඩි මත් ද්‍රව්‍ය ග්‍රෑම් 50 ක් සොයා ගත් බවත්, පසුව තවදුරටත් සෝදිසි කිරීමේදී සැකකරු පැළඳ සිටි පාවහන් යුගලයේ සූක්ෂම ලෙස සඟවා තිබූ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 20 ක් ද සොයා ගැනීමට හැකි වූ බවද පොලිසිය පවසයි.
ඒ අන්ව තව දුරටත් පරීක්ෂා කිරීමේදී මිලි මිටර් නවය වර්ගයේ ගිනිඅවි සඳහා යොදන උණ්ඩ 06 ක් අඩංගු මැගසිනයක් ද සොයා ගැනීමට හැකි වූ බවත් සැකකරු සතුව තිබූ කාන්තා අත් බෑගයේ හිමිකාරිය වන සැකකරුගේ අනියම් බිරිඳ බව කියන 26 හැවිරිදි කාන්තාවකද සැකපිට අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවත් සැකකාරියගෙන් වැඩි දුරටත් ප්‍රශ්න කරන බවත් පොලිසිය පවසයි
මොවුන් හෝමාගාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගල්කිස්සේ ‘තිලක් බඩා‘ අල්ලයි