IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


‘ඡන්දෙන් පස්සේ ජාතික ආණ්ඩුවක් : රනිල් අගමැති වේවි‘

ඉදිරි මහ මැතිවරණයෙන් පසු පිහිටුවන්නේ ජාතික ආණ්ඩුවක් බවත්, ජාතික ආණ්ඩුවේ ප්‍රථම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බවත්, මේ පාර්ලිමේන්තු කාලයෙන් පසු එජාපයේ නව නායකයකු බිහි වන බවත්, මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට තේරී පත් වුවද මන්ත්‍රීවරයකු ලෙස කටයුතු නොකරනු ඇති බවත් ජ්‍යෝතිර්වේදියකු වන උපුල් එස් දොඹේපොල මහතා කියයි.

ඔහු මේ බව කියනුයේ ලංකාදීප වෙබ් අඩවියේ  [email protected] විද්‍යුත් ලිපිනයට ලිපියක් එවමිනි.

දොඹේපොළ මහතා එවූ ලිපිය මෙසේය.

‘‘ ප‍්‍රජාත‍්‍රන්ත‍්‍රවාදී රටක ජනමතය වෙනස් කරන්නට ජ්‍යොතිෂ්‍ය ආදී ගුප්ත විද්‍යාවන් පිටුවහලක් වන්නේ දැයි යන පැනය අද මෙරට ජනතාවට යොමු කළහොත් බොහෝ දෙනා ඒකාන්තයෙන් ම පිළිවදන් දෙනුයේ ‘ නැත ‘ යන්නයි’එයින් හැගෙන්නේ අප රටවැසියන් ජ්‍යොතිෂ්‍යාදි ගුප්ත විද්‍යාවන් නොපිළිගන්නවා යන අරුත නොවේ’ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන රටක අන් බලයන්ට වඩා ජන බලය උසස්ය .උත්තරිතරය .එසේ හෙයින් ජන බලයත් ගුප්ත විද්‍යාවත් අන්ත දෙකක ගමන් කරන්නක් බව හගවමින් මේ ලිපිය සැකසෙන බව ඔබට පසක් කරමි.

පසුගිය වසර කිහිපය තුළ ජ්‍යොතිෂ්‍යෙවිදීයා දේශපාලනීකරණය වී මේ මහැගි විෂය පුස්සක් කොට දැමු අයුරු ඔබත් මමත් අත් දුටුවෙමු’එවන් පසුබිමක් තුළ ඔබ ෙමි මහැගි විෂය ජිවිතයෙන් බැහැර කිරිම සධාරණය’කෙසේ නුමුදු අතලොස්සක් වු ජ්‍යොතිෂ්‍යෙවිදීන් පිරිසක් නිසා මේ විෂයේ සත්‍යය තවමත් සමාජය තුළ ජීවමානව පැවතිම පැසසිය යුත්තකි’ ජ්‍යොතිෂ්‍යය කර පින්නාගෙන දේශපාලනය කරන්න යැයි අපි කිසි විටකත් නොකියන්නෙමු’නමුදු ෙමි ව්ෂය පථය තුළින් දේශපාලනයේ දිශානතිය කල් තියා දැක්ක හැකි බව පමණක් ඔබට පසක් කරන්නෙමුිඒ අනුව යමින් ඉදිරි මහ මැතිවරණය කෙබඳු වේදැයි ජ්‍යොතිෂ්‍යය ඇසින් විමසා බලමු’මම මින් පෙර මෙරට මුද්‍රිත මාධ්‍යයන් වෙත පළ කළ ජනපතිවරණ අනාවැකිය සේම මෙම ලිපිය ද කිසිදු දේශපාලන පක්ෂයකට හෝ පුද්ගලයෙකුට වාසියක් හෝ අවාසියක් පිණිස නොෙවිවායි පතමි’

ලංකා කේන්ද්‍රය සහ මෛතී‍්‍රපාලනය 

කුම්භ ලග්න හිමි ලංකා කේන්ද්‍රය ෙමි ගත කරමින් සිටින්නේ කුජ මහා දශාවේ සිකුරු අතුරු දශාවයි’2015-06-23 වන දින සිට 2016-02-16 වන දින දක්වා මෙසේ කුජ මහා දශාවේ සිකුරු අන්තරය ලැබීම රටට මෙන් ම පාලන තන්ත‍්‍රයටද යහපත් ෙවි’මින් පෙර එනම් 2015-02-16වන දින සිට 2015-06-23 වන දක්වා ලංකා කේන්ද්‍රය ගෙවනු ලැබුයේ කුජ මහ දශාවේ කේතු අතුරු දශාවයි’මේ කාලය සිතන තරම් යහපත් නොවු බව අපි අත් දුටුවෙමු’එය ඔබටත් රටටත් එතරම් සුබදායි කාලයක් නොවුණි’ නානාවිධ දේශපාලන කැළඹිලි සහිතව මේ කාලය ගෙවි ගිය අතර දැන් එළඹි ඇත්තේ ඉතා යහපත් කාලයකි’සිකුරු අතුරු දශාව විශේෂයෙන්ම රට කරන වත්මන් ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාට ඉතා යහපත් කාලයකි’එයට හේතුව තුලා ලග්න හිමි එතුමාගේ කේන්ද්‍රයේ ලග්නාධිපති සිකුරු වීමයි’2015-05-01 දින සිට 201612-01 දින දක්වා මෙතුමන්ට සෙනසුරු මහා දශාවේ සඳු අතුරු දශාව ලැබිම නියම මෛත‍්‍රී පාලනයක ලක්ෂණ පෙන්නුම් කරයි’සෙනසුරු අසරණ ජනතාව වෙනුවෙන් පෙනී සිටිද්දි නියම මෛත‍්‍රීය ඔවුන් කෙරෙහි පැතිර වීමට සඳු වග බලා ගන්නවා ඇත’ෙමි තත්වය රටේ මහජනතාවට සුබදායක වේ’

2016-12-01 දින සිට 2018-01-10 දක්වා මෙතුමාට සෙනසුරු මහා දශාවේ කුජ අතුරු දශාව ලැබිම ද මී ළගට සලකා බැලිය යුතු වේ’මේ කාලය තුළ දි තරමක් දැඩි නායකත්ව ගති ලක්ෂණ මෙතුමන් තුලින් පෙන්නුම් කරයි’නමුත් ඒ සියල්ල ම මහජන යහපත පිණිසම වේ’මත්ද‍්‍රව්‍ය හා හානිකර කෘෂි රසායනික හැකි පමණින් මෙරටින් පිටුවහල් කිරිමට ද මරණ දඩුවම පවා අප රට තුළ යළි ක‍්‍රියාත්මක කිරිමට ද පියවර ගන්නවා ඇත’දේශීය දේ අගයන නිදහස් රටක් බිහි වේ’එසේම නිදහස් ලංකාවේ මෙතෙක් බිහි වූ සුවිශේෂි නායකයෙකු ලෙසින් ජනහද දිනා ගැනිමට මෙතුමන් සමත් වනු නොවනුමානය’පොදුජන හදවතට සේම බුද්ධියට ද ආමන්ත‍්‍රණය කළ හැකි මේ ජනාධිපතිවරයා පාලකයෙකු නොවු නායකයෙක් ලෙසින් ජනහද දිනා ගන්නවා ඇත’මේ සටහන ජ්‍යොතිෂ්‍ය න්‍යායක් ම මිස රජුන් අරඹයා කරන ප‍්‍රශස්ති ගායනයක් ලෙසින් නොසලකත්වා’’

රනිල් වික‍්‍රමසිංහ හා එක්සත් ජාතික පක්ෂය

මේ දෙස ජ්‍යොතිෂ්‍ය ඇසින් බලන කල්හි රනිල් වික‍්‍රමසිංහ මැතිතුමන් මුහුණ දෙන අවසන් මහා මැතිවරණය මෙය බව ප‍්‍රකාශ කරමි’එසේ ම මෙවර මහ මැතිවරණය රනිල් වික‍්‍රමසිංහ මැතිදුන්ගේ නායකත්වයෙන් යුතු එක්සත් ජාතික පෙරමුණ ප‍්‍රමුඛ කණ්ඩායම විසින් පාර්ලිෙමින්තුෙවි බහුතරය හිමිකර ගන්නවා ඇත’එසේ ම වෙනත් පක්ෂ ගණනාවක සහය ද එ’ජා’ප’ට හිමි වේ’ ජාතික ආණ්ඩු සංකල්පයේ පුරෝගාමියා වශයෙන් විසි වන සංශෝධනය ද සම්මත කරගන්නා මෙතුමන් මෙම ආණ්ඩුවේ ප‍්‍රථම අගමැතිවරයා වනු ඇත’මෙතුමාගේ ධූරකාලයෙන් අනතුරුව පක්ෂ නායකත්වය වෙනත් අයෙකුට පිරිනැමෙන අතර විශ‍්‍රාම යාමෙන් අනතුරුව එ’ජා’ප’ යේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ලෙස කටයුතු කරනු ඇත’

රනිල් වික‍්‍රමසිංහ මහතාගේ කේන්ද්‍රය

2014-04-17 වන දින සිට 2017-02-23 වන දින දක්වා මෙතුමන්ට සෙනසුරු මහා දශෙවි රාහු අතුරු දශාව වෙයි’බැලු බැල්මට මෙය අයහපත් අතුරු දශාවක් සේ පෙනුනත් එසේ වන්නේ නැත’මේ කාලය තුළදි එනම් 2014-07-12 සිට 2016-01-29 දක්වා රාහු ග‍්‍රහයා මෙතුමන් උපන් කේන්ද්‍රයේ හත්වැන්න වු කන්‍යාවේ ගමන් කරයි’මේ කාලය තුළදි මෙතුමන්ට නොවැරදීම උසස් තනතුරු හිමි වේ’

එපමණක් නොව එ් සඳහා මෙතුමන්ගේ කේන්ද්‍රය තුළ පිහිටි ගජ කේෂරී යෝගයත් රවි,කුජ,ශුක‍්‍ර ග‍්‍රහ බැ¥මත් එයට රුකුල් දෙනු ඇත.පරාජය හමුවේ නොසැළී සිටිමින් සැබෑ ජය ලැබෙන තුරු ඉවසා සිටින මෙතුමන් අනාගත දේශපාලඥයාට සැබෑ පූර්වාදර්ශයක් වෙමින් ඉතිහාසයේ සිය නාමය සනිටුහන් කරනු ඇත.රාහු හත්වැන්නේ ගමන් කිරීම තුළ උසස් අයගේ විශේෂ උපකාරද,මහජන ප‍්‍රසාදය හා ප‍්‍රසිද්ධියද ලැබේ. එසේම රටවැසියාගේ යහපත උදෙසා අගනා සේවාවන් රැුසක් මෙතුමන් විසින් ඉටුකරනු ඇත.විශේෂයෙන් ම සඳහන් කළ යුතුව ඇත්තේ යහපත් විදේශ ප‍්‍රතිපත්තයක් හා රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතා මේ කාලය තුළ ගොඩ නැගීමට මෙතුමාගේ ග‍්‍රහ බලය හේතු වන බවයි.

මැතිවරණ දිනය ද උමා ජ්‍යෝතිෂ්‍යයට අනුව සළකා බලන කල්හි රනිල් වික‍්‍රමසිංහ මහතාට වැඩි වාසි අත්වන බව පෙන්නුමි කරයි.එයට ප‍්‍රධාන සාධකය ලෙස රනිල් මහතාට හිමි මීන ලග්නය ගජ පක්ෂියාට අයත් වීම දැක්විය හැකිය.එසේම එ.ජා.ප ලකුණටද මෙය හිමිකාරීත්වය දරයි.මැතිවරණය පැවැත් වෙන්නේ සඳුදා දිනයක බැවින් එදින උදා පක්ෂියා වන්නේ බළලාය.ඒ අනුව ගජ පක්ෂියා බළලාට සය වැන්නේ සීටී .උදා පක්ෂියාට සය වැන්නේ ගජ පක්ෂියා සිටීම තුළ එකී පක්ෂියා රජ  වන බව උමා ජ්‍යෝතිෂ්‍යයේ ඉගැන්වේ. එපමණක් නොව ‘රනිල්‘’ ‘ යන නාමය උමා ජ්‍යෝතිෂ්‍යයට අනුව ගජ නාම යෝණියට අයත් ෙවි.

මෙකී නමේ බලවත් බව මෙතුමන් මෙතුවක් කල් එ.ජා.ප නායකත්වය ඉසිලීමට හේතු වූ බව මගේ පෞද්ගලික මතයයි.උමා ජ්‍යෝතිෂ්‍ය යනු අපට ම උරුම වූ හෙළ සම්ප‍්‍රදායකි.මේ මා හැගි විෂය ගවේෂණය කරන්නෝ අල්ප වෙති.

මහින්ද රාජපක්ෂ ආගමනය හා මහ මැතිවරණය

නැවත වරක් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මැතිඳුන් මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වී සිටියි.මම ගියවර පළ කළ ජනාධිපතිවරණ අනාවැකිය සේම මෙවරද පවසා සිටින්නේ තව කලක් ඉවසා සිටීම එතුමන්ට යෝග්‍ය බවයි.එසේ වූ කල ජාතික නායකයකු වශයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීිමේ ඉඩ ප‍්‍රස්ථාව එතුමන්ට හිමිවනු ඇත.20 වන සංශෝධනයෙන් පසුව එතුමන් උත්තරීතර නායකයකු ලෙස පාර්ලිමේන්තුවට පැමිණීම නොවැළැක් විය හැකිය. ජ්‍යෝතිෂ්‍යයට අනුව මේ කාල සීමාව එතුමාට එතරම් සුභ දායක නොවේ.මන්ද යත් එතුමන් ගෙවමින් සිටින ගුරු මහ දශාවේ බුධ අන්තරය එතරම් සුභදායක නොවීමයි.තවද ගෝචර පලාපල වලට අනුව මේ කාලය තමා සිටින තැනින් පහතට වැටීමට ද හේතුවේ.ප‍්‍රසිද්ධ රහස් සතුරන් ඇතිවීමට ද මේ කාලය හේතු වේ.සහෝදරයකුට අපල ඇති වීම ද පෙන්නුම් කරයි.මේ කරුණු අනුව සළකා බලන කළ 2016-08-12 වන දින දක්වා මහින්ද රාජපක්ෂ මැතිතුමාට සුබ නැත.එසේ එහෙයින් දේශපාලන පොරපිටියට නොපැමිණිම සෑම අතින්ම යහපත් වේ. මෙතුමා මහ මැතිවරණයෙන් ජය ගත්ත ද පාර්ලිමේන්තුව තුළ රුඳෙන බවක් පෙන්නුම් නොකරයි. ගුරු මහා දශාව පැවතීමත් ලග්නයට ගුරු සතුරු විමත් තවත් පසෙකින් අයහපත්ය.

2015-07-13 වන දින සිදුවන ගුරු මාරුව ද මෙතුමාට එතරම් යහපත් නොවනු ඇත.ඊට අමතරව මහා මැතිවරණය පවත්වන දිනය ද උමා ජ්‍යෝතිෂ්‍යට අනුව සුබදායක නොවේ. කන්‍යා ලග්නය සිංහ පක්ෂියාට හිමිවන අතර මෙදින උදාවන බළල් පක්ෂියාගෙන් සය වැන්න ගජ පක්ෂියා නියෝජනය කරන බැවින් ද මෙදිනට ගජ පක්ෂියා බලවත් වන බැවින් ද සිංහ පක්ෂියාගේ ප‍්‍රබල සතුරෙකු බැවින් ද මෙතුමාට සුබදායක තත්වයක් උදා නොකරනු ඇත.  ලිපියේ සාරංශයක් වශයෙන් ඉදිරි දේශපාලන ගමන් මග මෙසේ පිඬු කොට දක්වමි.

  • x විසිවන සංශෝධනය සම්මත වේ.
  • x ජාතික ආණ්ඩුවක් බිහි වේ.
  • x ජාතික ආණ්ඩුවේ ප‍්‍රථම අගමැති තනතුර රනිල් වික‍්‍රමසිංහ මහතාට හිමි වේ.
  • x රනිල් වික‍්‍රමසිංහ මහතා මුහුණදෙන අවසාන මහ මැතිවරණය මෙයයි.
  • x මෛත‍්‍රී නාමය සුවිශේෂී ලෙස ඉත්හාස ගත වේ.
  • x තවත් ජාතික නායකයෙකු සුඵ පක්ෂයකින් මතු වේ.
  • x කුජ බලවත් වීමෙන් ජ.වි.පෙ. ජන බලය වර්ධනය වේ.
  • x දුෂණ චෝදනා ලද්දෝ සිරගෙට, මන්ත‍්‍රීවරු රැසක් ඉවතට.

ජ්‍යෝතිෂ්‍යට අනුව දේශපාලනයේ දිශානතිය තීරණය කරන්න යැයි මම නොකියමි.මා මෙහි සඳහන් කලේ මේ විෂයෙන් පෙන්නුම් කරන අනාගතය දැක්මක ඡුායා මාත‍්‍රයක් පමණි.සිත පවතින්නේ කර්මය හා කර්ම ඵලය වෙනස් කල හැකි උසස් තැනකය.එසේ හෙයින් තම තම නැණ පමණින් මේ සියල්ල දෙස විමසුම් ඇසින් බලත්වා ණී

පුරාණ අන්තරීක්ෂ විද්‍යා ගවේෂක

උපුල් එස් දොඹේපොල

බලන්ගොඩ

(ඉදිරි මහ මැතිවරණය ගැන ජ්‍යෝතිෂ මත ඇතොත් දුරකතන අංකය සමග අපට ඊමේල් කරන්න. [email protected])



අදහස් (0)

‘ඡන්දෙන් පස්සේ ජාතික ආණ්ඩුවක් : රනිල් අගමැති වේවි‘

නිරාන් Tuesday, 04 August 2015 07:55 AM

මගේ ලංකා මාතාවට සම්මා සම්බුදු සරණයි !! (ම)

:       0       0

විජයබාහු Tuesday, 04 August 2015 08:12 AM

මෙයාල යුද්දේ කාලේ කොහෙද දන්නේ නැ හිටියේ (ම)

:       0       0

දුල්මි Tuesday, 04 August 2015 08:24 AM

කොහොමත් මෙදා පාර නම් මහින්ද මහත්තයටනම් සුබ නෑ තමා (බ)

:       0       0

රුවන් රණසිංහ Tuesday, 04 August 2015 08:23 AM

අනේ වාසනාවන් රටට හොඳක් වෙනවානම් කොච්චර වාසනාවක්ද ? (බ)

:       0       0

ඉශාර Tuesday, 04 August 2015 09:16 AM

එහෙම වෙනවාමයි (නි)

:       0       0

ඉමාක් Tuesday, 04 August 2015 09:17 AM

අනිවාර්යයෙන්ම මෙහෙම වෙනවා (නි)

:       0       0

ෆේස්බුක් ඉරු සේවය Sunday, 09 August 2015 04:59 AM

මෙම ලිපිය සාධනීයයි. රටට ඉදිරියේ යහපත් කාලයක් දැනටත් වඩා උදාවන අතර, රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වනු ඇත. රටට යහපත් පාලනයක් දෙමින් මෛත්‍රි ජනපතිතුමන් විශ්‍රාම යන කාලයක, එයින් පසු ජනාධිපති වීමේ වාසනාව පවා රනිල්ට ඇත. මහින්ද රාජපක්ෂ මහතාට නැවත දේශපාලන ගමනක් ලැබීමට ඉඩ අතිශයින් අල්පය. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 315 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1302 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 384 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 464 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 445 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 335 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 515 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2046 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site