
(ඉන්දිකා රාමනායක)
වැඩි මිලට අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ කහ කිලෝ 75 ක් සමඟ පුද්ගලයෙකු ජාඇල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත්බව පාරිභෝගික අධිකාරිය පවසයි.
ජාඇල ප්‍රදේශයේ ඇබරුම් හලක පාලන මිලට වඩා වැඩි මිලට කහ අලෙවි කිරීමේ සූදානමක් තිබෙන බවට බස්නාහිර බුද්ධි කොට්ඨාසට ලැබුණු තොරතුරක් මත පාරිභෝගික අධිකාරිය හා ජාඇල පොලිසිය එක්ව මෙම වැටලීම සිදුකළ බව පාරිභෝගික අධිකාරියේ උසස් නිලධාරියෙකු පැවසීය.
සැකකරු මෙම කහ කිලෝව රුපියල් 5000 ට අලෙවි කිරීමට සූදානමින් තිබූ බව එම නිලධාරියා කියා සිටියේය.
ඔහු මෙම කහ කිලෝවක් රුපියල් 4500 බැගින් වූ මුදලකට පිටකොටුවෙන් ලබාගත් බවට පාරිභෝගිය අධිකාරියට පවසා ඇත.
සැකකරු මෙම කහකුඩු සඳහා රසායනික ද්‍රව්‍ය සහිත ඩයිවර්ග හෝ වෙනත් කිසියම් ආදේශක මිශ්‍ර කර ඇති ද යන්න හෙළි කර ගැනීමට එහි සාම්පල් රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර ඇත.
මෙම කහවල ශරීරයට අහිතකර ඩයිවර්ග කිසිවක් මිශ්‍ර කර ඇති බවට හෙළි වුවහොත් සැකකරුට එරෙහිව ඒ සම්බන්ධයෙන් උපරිම නීතිය ක්‍රියාත්මක කරන බවද පාරිභෝගික අධිකාරිය වැඩිදුරටත් පවසයි.
2025 දෙසැම්බර් මස 04
785
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
579
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජාඇල ප්‍රදේශයෙන් තවත් කහ තොගයක් සොයාගනී