IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


ජිනීවා පන්සලෙන් සමාජ සත්කාරයක්

ස්විට්සර්ලන්තයේ ජිනීවා බෞද්ධ විහාරස්ථානය මගින් වෙසක් පුන් පොහොය වෙනුවෙන් සංවිධානය කළ විශේෂ පිංකම සඳහා ශ්‍රී ලාංකික, තායිලන්ත, බුරුම, ස්විස් සහ අනෙකුත් ජාතික බෞද්ධ සැදැහැවතුන් විශාල පිරිසක් සහභාගිවූ බව විහාරාධිපති තවලම ධම්මික හිමියෝ පැවසුහ.

වෙසක් උළෙල ඉතාමත් සාර්ථකව පැවැත්වීම සඳහා උපකාරි වු සැමට උන්වහන්සේ පුණ්‍යානුමෝදනා කළහ. එදින පිංකම සඳහා බුද්ධ පුජා, බුද්ධ වන්දනා, ධර්ම දේශනා, ධර්ම සාකච්ජා සහ භාවනා අංග ඇතුළත්ව තිබුණි. දහවල් දානය සඳහා මහා සංඝරත්නය සංකේතාත්මකව පිඬු සිඟා වැඩියහ. බුරුම සහ තායි නැටුම් අංගද උත්සවයට ඇතුළත්ව තිබුණි. 

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංගමයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාත් ආරියසිංහ විශේෂ දේශනයක් ද පැවැත්විය.

වෙසක් සතිය වෙනුවෙන් ජිනීවා බෞද්ධ විහාරස්ථානය විසින් ශ්‍රී ලංකාවේ ගංවතුරෙන් සහ නාය යෑම් වලින් බලවත් ලෙස පිඩාවට පත්ව ඇති ජනතාව සඳහා සහන සැපයීමේ වැඩපිළිවෙළක්ද ආරම්භ කර ඇත. 

මෙම වැඩපිළිවෙල යටතේ හබරකඩ ශ්‍රී විජයානන්ද පිරිවෙන් කෘත්‍යාධිකාරී, විශ්‍රාමික විදුහල්පති  ශාස්ත්‍රපති එප්පල සොරත හිමියන්ගේ දැඩි අධීක්ෂණය යටතේ විපතට පත් අයට ඒ ඒ ප්‍රදේශවලටම ගොස් අවශ්‍ය ආහාර ද්‍රව්‍ය  බෙහෙත් හා සනීපාරක්ෂක දේ ලබාදීම දැනටමත් ආරම්භ කොට ඇත. 

මේ සත් ක්‍රියාව සඳහා හැකි අයුරින් සම්මාදන් වීමට කැමැතිනම් ඔබේ මුල්‍යමය ආධාරය ජිනීවා විහාරස්ථානයට ගෙනවිත් භාර දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටින බව ධම්මික හිමියෝ පැවසුහ.

IMG_3242[1] IMG_3243[1] IMG_3281[1] IMG_3313[1] IMG_3319[1] IMG_3385[1]



අදහස් (0)

ජිනීවා පන්සලෙන් සමාජ සත්කාරයක්

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 315 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1303 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 385 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 465 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 447 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 336 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 532 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2067 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site