IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ජවිපෙ ජාතික ලැයිස්තුවට හිටපු විගණකාධිපති

මහා මැතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය ජාතික ලැයිස්තුවට හිටපු විගණකාධිපති එස්.සී.මායාදුන්නේ මහතා ප්‍රධාන උගත් විද්වතුන් , නීතිවේදීන් , පරිසරවේදීන්,ජනමාධ්‍යවේදීන්, කලාකරුවන් ගෙන් සමන්විත පුද්ගලයන් 29 දෙ‍නෙකු නම් කරනු ලැබ ඇත.

එම පක්ෂය විසින් සිය ජාතික ලැයිස්තුවට නම් කළ සෙසු පුද්ගලයින් වනුයේ නීතිවේදීන් වන ක්‍රිෂ්මාල් වර්ණසූරිය , උපුල් කුමරප්පෙරුම, මහාචාර්යවරුන් වන ඒ.ජේ.රුහුණු හේවගේ, මහාචාර්ය සුසිරිපාල මානවඩු,මහාචාර්ය කපිල පෙරේරා,ආචාර්ය කේ.එස්.චනද්‍රබෝස්, පරිසරවේදී සජීව චාමිකර , මාධ්‍යවේදී විනී හෙට්ටිගොඩ, කලාකරුවන් වන සරණපාල ජයසූරිය , අනුරුද්ධ ජයසිංහ,අනුර ශ්‍රීනාත් ඇතුළු පිරිසක්ද වෙති.



අදහස් (0)

ජවිපෙ ජාතික ලැයිස්තුවට හිටපු විගණකාධිපති

මැගී Monday, 13 July 2015 10:58 AM

කවදත් හොඳදේ කරන පක්ෂයට මෙවර සහයෝග වැඩිවෙයි . ජයවේවා ජයවේවා ! (බ)

:       0       0

විජේසේකර Monday, 13 July 2015 10:59 AM

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා ලබා දීමේ දී ජනතා අපේක්ෂා තේරුම් ගෙන තිබෙන්නේ ජවිපෙ පමණක් බව ඒ ඒ පක්ෂයේ නාම යෝජනා ලැබූ පුද්ගලයින් දෙස බැලූ විට පැහැදිලි වේ. ජනතා අපේක්ෂා තේරුම් ගෙන එයට අනුකූලව කටයුතු කරනු ලබන ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් වැඩි ප්‍රමාණයක් පත් විය යුතුයි. (බ)

:       0       0

සුසන්ත Monday, 13 July 2015 11:08 AM

උගත් බුද්ධිමත් අයට තැනක්දෙන ජ වි පෙට රටේ එක ගෙදරකින් එක ඡන්දයක් වත් ලබාදෙන්න කාරුණික වන්න.ජවිපෙ ජය යනු රටේම ජයග්‍රහනයක් බව අවධාරනය කරගන්න. (බ)

:       0       0

විජේ Monday, 13 July 2015 11:19 AM

රටේ ජනතාව මේ පක්ෂ 2 ට අවුරුදු 60 කට වැඩියෙන් රැවටුන ඒකේ තව එක පාරක් රැවටෙනවා කියල හිතලා ජවිපෙට මේපාර දීල බලන්න ඔබ බලාපොරොත්තුවෙන රට ජවිපෙ හදයි ඔබ ජන්දය නොදී දීල වැඩක් නැ කියල හිතන්න එපා එක පාරක් රැවටුනනට මොකද වෙන්නේ මෙච්චරකල් රැවටුන ඒකේ (බ)

:       0       0

එම්.ඩී සිල්වා Monday, 13 July 2015 11:26 AM

මමත් 17 ට කලින් ලංකාවට එනවා මෙම විශ්වාස කළ හැකි, බලාපොරොත්තු තියා ගත හැකි, පක්ෂය වෙනුවෙන්ම මගේ ජන්දය පාවිච්චි කරන්න.(ම)

:       0       0

අජන්ත Monday, 13 July 2015 11:31 AM

රටේ අනාගතය පිළිබඳ සිතනවා නම් අපේ ජන්දයට වැඩි වටිනාකමක් බලාපොරොත්තු වෙනවනම් දිය යුත්තේ ජවීපෙට තමා (ම)

:       0       0

සඳුන් Monday, 13 July 2015 12:03 PM

ඔන්න මිනිස්සු. අනෙක් උන් දාන්නේ කුඩ්ඩෝ, එතනෝල් කාරයෝ, පිස්තෝල කාරයෝ, ගල් ගහන උන්. (බ)

:       0       0

ුදමින්ද Thursday, 16 July 2015 08:05 AM

ජීවිත් පරිත්‍යාගයෙන් පක්ෂය බේරා ගත් හිටපු නායක සහෝදරයා අමතකද ? (නදී)

:       0       0

චන්න බුවනක Monday, 13 July 2015 12:20 PM

උගතුන්ට තැන දීම ගොඩක් හොඳ තීරණයක්. (නි)

:       0       0

ඉන්දික Monday, 13 July 2015 12:34 PM

ජනතා අපේක්ෂා තේරුම්ගෙන එයට අනුකූලව කටයුතු කරනු ලබන ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් හට වැඩි පාර්ලිමේන්තු නියෝජනයක් ලබාදිය යුතුයි.උගත් බුද්ධිමත් අයට තැනක්දෙන ඔවුන්ට එක ගෙදරකින් එක ඡන්දයක්වත් ලබාදෙන්න. උගතුන් පිරිසක් සමඟ රට ඉදිරියට ගෙනයන්න අපි ඔවුන්ට සහය වෙමු. (නි)

:       0       0

ආරි Tuesday, 14 July 2015 12:12 PM

රට විනාශ කල මිනීමරුවන් පිටු දකිමු. (නදී)

:       0       0

ගුණසේකර Thursday, 16 July 2015 05:25 AM

කව්රු මොනවා කීවත් රට බේරාගැනීමට ඇති එකම විකල්පය ජවිපෙ විතරයි. එනිසා අපේ යුතුකම ඉටු කරමු. (ස)

:       0       0

අරවින්ද බණ්ඩාර රඹුක්වැල්ල Monday, 13 July 2015 02:40 PM

ජනතා විමුක්ති පෙරමුණ පීඩිත අපගේ ආදරණීය පක්ෂයයි, රටට ආදරය උගත් තරුණ පිරිසක් ඉන්නෙ මෙතැනයි. කොල නිල් එලවා රතු කොල්ලො පාර්ලිමේන්තුවට යවමු. (ර)

:       0       0

දහම් Tuesday, 28 July 2015 01:03 PM

අධිරාජ්‍ය ගැති රනිල්ට අගමැතිකම අරන් දෙන්න ජේ වී පී එක මරුනේ ඒ පක්ෂය හොඳ නැති නිසාද. මේවා බයිලා. මේ පාර ආසන 3 ලැබෙයි.(නදී)

:       0       0

කුමාර Thursday, 16 July 2015 09:36 AM

රටේබහුතරයක් ජේ.වී.පි හොද බව දන්නවා. නමුත් අපේ ජනතාව ඡන්දය දෙනකොට එක අමතක කරලා අයෙත් අමාරුවේ වැටෙනවා (ස)

:       0       0

ශාමන්ත වෙල්ගම Monday, 13 July 2015 09:28 AM

ජයවේවා.අප ඉතාම අගය කරන සාධාරන අපක්ෂපාත රජ්‍ය සේවකයෙක්. (බ)

:       0       0

මහේෂ් ප්‍රනාන්දු Monday, 13 July 2015 09:30 AM

සන්ධාන ලැයිස්තුවට එහෙනම් ආටක නාටක නිලියෝ ටිකක් හොඳයි නේද? (බ)

:       0       0

ප්‍රසාද් Monday, 13 July 2015 09:32 AM

විද්වතුන් පාර්ලිමේන්තුවට යැවීම ජනතාවගේ වගකීමකි, මෙම මැතිවරණයේදී ජනතාව ඒ වගකීම ඉටුකළ යුතුය. (බ)

:       0       0

තිලක්-ඩුබායි Monday, 13 July 2015 03:46 PM

මමත් මෙවර ඡන්දය පාවිච්චි කරන්න ඉන්නෙ ජනතා විමුක්ති පෙරමුණට.ජවිපෙ නැතිනම් අදටත් අපි පොලවේ පය ගහල ඉවරයි. (බ)

:       0       0

ජේ. හෙට්ටිඅරච්චි Monday, 13 July 2015 09:33 AM

මමත් මෙවර ඡන්දය පාවිච්චි කරන්න ඉන්නෙ ජනතා විමුක්ති පෙරමුණට. අනිත් ප්‍රධාන පක්ෂ දෙකම කරන්නෙ බොරුව බව පේනව. බලයට ආවට පස්සෙ දුන්න පොරොන්දු එකක්වත් ගැන තැකීමක් නෑ. බලයට ආපු වෙලේ ඉදන් බලන්නෙ හම්බ කරන්නෙ කොහොමද කියල. (බ)

:       0       0

මහේෂ් ප්‍රනාන්දු Monday, 13 July 2015 09:36 AM

ආටක නාටක නිලියෝ එහෙම නැද්ද සන්ධාන ලැයිස්තුවට? (බ)

:       0       0

දිලුක්ෂාන් වික්‍රමසිංහ Tuesday, 14 July 2015 09:46 AM

හෙට දිනේ රට බාර දෙන්න සුදුසුම අය ජවිපෙ .මට හැකි පමණින් මිනිසුන් දැනුවත් කර ඒ සඳහා මාවත සකසනවා .ජවිපෙ ඔබලාට ජයෙන් ජයම වේවා .මන්ද ඔබලාගේ ජයග්‍රණය අපේ ජයග්‍රහණයක් නිසා (බ)

:       0       0

ප්‍රභාත් කුලතුංග Monday, 13 July 2015 09:38 AM

අද වෙනකන් අපි කළේ හොරු රැලක්, කුඩු කාරයෝ රැලක්, එතනෝල් කාරයෝ, පවුල් බලය පත්කරලා නිහඩව බලා හිටපු එක. අද මේ දේ වෙනස් කළ යුතු දවස ඇවිත් තියෙනවා. උගතුන් පිරිසක් සමග රට ඉදිරියට ගෙනයන්න ජේවීපී එකට ජන්දය දිය යුතුයි. (බ)

:       0       0

මහේෂ් Monday, 13 July 2015 09:39 AM

අනිත් දෙකෙන් කවුරුන්ව දාවිද? අනර්කලීව එහෙම? (බ)

:       0       0

වින්සන්ට් Monday, 13 July 2015 09:48 AM

බුද්ධිමත් ශ්‍රී ලාංකිකයන්ගේ සතුටට හේතු වෙනවාට සැක නැත. කොළ පාට, නිල්පාට දේශපාලනය මඟින් වංචාව සහ දුෂණය ඉවත් කළ නොහැකි බව සහතිකය. එය ඉවත්කර ගැනීම රටේ දියුණුවයි. රටේ දියුණුව ජනතාවගේ යහපතයි. ජනතාවගේ නිවැරදි තේරුම් ගැනීම රටේ අනාගතය විය හැකිය. (බ)

:       0       0

ජයන්ත Monday, 13 July 2015 09:54 AM

අනේ අපිට නම් නිලියක් දෙකක් ඕනෙමයි. නැත්නම් අපි ඡන්දය දෙන්න නැහැ. උගතුන් මොකටද අපිට නේද? (බ)

:       0       0

ජයන්ත Monday, 13 July 2015 09:56 AM

මේ පක්ෂය විතරයි මේ රටට ආදරේ. සියලුම දෙනා එකතු වෙලා අපි යවමු රතු කොල්ලෝ කෙල්ලෝ ටිකක් රටට වැඩ කරන්න. (ම)

:       0       0

විජයබාහු Monday, 13 July 2015 09:57 AM

මෙයාල එයාලව ඉස්සරහට දාලා ගොඩ යන්න වගේ හදන්නේ (ම)

:       0       0

සුමිත් Monday, 13 July 2015 10:10 AM

මුන් ඔක්කොම හොරු මමත් මෙදා රතු සහෝදරයන්ට ,මොනවා නැතත් එයාල පක්ෂේ දාල යන්නේ නැහැ , අවුරුදු පහම එක තැන ඉන්නවා (බ)

:       0       0

වසන්ත Monday, 13 July 2015 10:11 AM

අපි මෙදා ජනතා විමුක්ති පෙරමුණ බලවත් කරමු, එතකොට දුෂ්ටයෝ, අධමයෝ විසිවේවී. අපේ රටට පාලනයේ වෙනසක් අවශ්‍යයි. අපට ගැලපෙන ඡන්ද ක්‍රමයකුත් අවශ්‍යයි. (බ)

:       0       0

කැළුම් - කටාර් Monday, 13 July 2015 04:35 PM

රටට ආදරය කරන සැබෑ මිනිසුන්ගේ පක්ෂය ජනතා විමුක්ති පෙරමුණයි. අපේ දේශයේ හෘදසාක්ෂිය! --- දිනේවා මවුබිම ශ්‍රී ලංකා --- (නි)

:       0       0

සමන්ත සුගතවංස Monday, 13 July 2015 10:14 AM

අනාගතය කලින් දකින, එඩිතරව තීරණ ගතහැකි, මිල මුදලට තනතුර පවා නොදෙන, එක ප්‍රතිපත්තියක සිට අදහස් ප්‍රකාශ කරන ලංකාවේ එකම පක්ෂයට වැඩි පාර්ලිමේන්තු නියෝජනයක් ලබා දීම රටේ ජයග්‍රහණයක් බව අමතක නොකරමු. (බ)

:       0       0

කඩිගමුව Monday, 13 July 2015 10:23 AM

ගොඩක් හොද වැඩක් (ම)

:       0       0

සඳුන් චතුරංග Monday, 13 July 2015 10:23 AM

කව්රු කොහොම කිව්වත් රටට ආදරේ කරන එකම පක්ෂය මේක විතරයි. එහෙම පක්ෂයක් වෙනුවෙන් ජන්දේ දෙන්න (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 315 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1302 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 384 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 464 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 445 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 335 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 512 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2041 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site