(එච් චන්දන සහ රෝවන් පෙරේරා )
තබ්බෝව අභය භූමිය තුළ දඩයමේ ගිය හා වැලි ජවාරමේ නියුතු පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගත් බව කරුවලගස්වැව වනජීවී කාර්යාලය කියයි.
වනජීවී නිළධාරින්ට ලැබුණු තෙරතුරකට අනුව අද (8) සාලියවැවව ගලවැව මාර්ගයේ තබ්බෝව අභය භූමිය තුළ දඩයමේ ගිය පුද්ගලයින් හතර දෙනකු සමග විදෙස් රටක නිෂෟපාදිත බෝර 12 ගිනි අවියක්, ජීව උණ්ඩ 8 ක් , එම ආසන්නයේ මේ කැන්ටර් රථයකට වැලි පටවා රැගෙන එමින් සිටි පුද්ගලයින් තිදෙනකු ද මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සැකකරුවන් විසින් සකස් කර ඇති බවත් විශාල උණ්ඩයට (ඊයම් බෝල) පිටු පසින් තවත් කුඩා බෝල තුනක් යොදා ඇති බවත් මෙයින් අලියකු පවා මරා දැමිය හැකි බවත්, මෙය කුඩා සතුන් එක එල්ලේ මරා දැමීමට සකස් කර ඇති බව වනජීවී නිලධරයෝ පවසති.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පුත්තලම අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතයි.
(ජායාරූප - එච් චන්දන )
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
තබ්බෝව අභය භූමියේ දඩයමේ ගිය 7 ක් අල්ලති