අමදෝරු අමරජීව
ත්‍රිකුණාමලය කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අවට කැණීම් වලින් සොයා ගත් පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති කෞතුක වස්තු තැන්පත් කර ඇති ගොඩනැගිල්ල ගරා වැටී විනාශයට පත්වෙමින් පවතින බව එම ගොඩනැගිල්ල පිහිටි කුච්චවේලි පිච්චමල් විහාරවාසි කැපපෙටියාවේ අරණ විහාරි හිමියෝ පවසති.
මෙම පුරාවිද්‍යාත්මක භාණ්ඩ තැන්පත් කර ඇති කෞතුකාගාරයේ බිත්ති පුපුරා වහලය දිරාපත්වි විනාශ වී යන අතර මේවා රැකගැනිම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වගකීමක් බවද උන්වහන්සේ පෙන්වා දෙති.
පැරණි තානායකමට අයත් බෝධි රුක්ෂයක මුල් විහිදි යෑම බිත්ති පුපුරා යෑමට ප්‍රධාන හේතුව බවද උන්වහන්සේ පෙන්වා දෙති.
බුද්ධ ප්‍රතිමා, හා එහි ශිර්ෂ තැන්පත් කර ඇති මෙම කෞතුකාගාරය රැක ගැනිම පිළිබඳව ද බලධාරින්ගේ අවධානය යොමු කරන විහාරවාසි හිමියෝ ඒ සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් අවශ්‍ය බව කියති.
2013 අගෝස්තු 16 දින අංක 1823/73 දරණ ගැසට් නිවේදනය මගින් කුච්ච්වේලි පිච්චමල් විහාරයේ දාගැබ හා ගොඩනැගිලි පුරාවිද්‍යා ස්මාරක ලෙස ප්‍රකාශයට පත්කර ඇති නිසා මේ පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලය හා පොලොන්නරුව ප්‍රාදේශීය පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ ඩබ්.එච්.ඒ.සුමනදාස මහතාගෙන් කළ විමසිමේදී එහි කෞතුකාගාරයක් නැති බව කීය.
කැණීම් වලින් හමුවු පෞරාණික දේවල් එහි තැන්පත් කලාට ගරා වැටෙන ගොඩනැගිල්ල කෞතුකාගාරයක් නොවෙයි. අනිත් එක ඔය පිච්චමල් විහාරය කියලා ගැසට් කලාට එය විහාරයක් නොව එය පුරාවිද්‍යා වැඩ බිමක්. කාලයක් ත්‍රිකුණාමලය පුරාවිද්‍යා ප්‍රාදේශීය කාර්යාලය තිබුණේ එතනයි.
මේ ගොඩනැගිල්ල ගරා වැටුණාට එහි පුරාවස්තු තවමත් අපේ සේවකයන් විසින් ආරක්ෂා කරනවා.ගරා වැටෙන ගොඩනැගිල්ල හැකි ප්‍රමාණයෙන් අපේ සේවකයන් සාදාගෙන යනවා. එම ගොඩනැගිල්ල ඉදිරියේ දී සංරක්ෂණය කිරිමට ප්‍රධාන කාර්යාලයට යෝජනා ඉදිරිපත් කරලා තියනවා යැයි කීය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘ත‍්‍රි’මලේ කැණීම් වලින් සොයා ගත් වස්තු ඇති ගොඩනැගිල්ල විනාශ වෙනවා’