IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


තුවක්කු-උණ්ඩ තබාගෙන සිටි සැකකරු රඳවාගෙන ප්‍රශ්න කරන්න නියෝග

(ටෝනි කරුණානායක) 

විදේශීය රටක නිෂ්පාදිත  රිවෝල්වර 02 ක් , චීනයේ  නිෂ්පාදිත බෝර 12 තුවක්කු 01 ක් විවිධ වර්ගයේ ජීව උණ්ඩ 23 ක් සහ කඩුවක් සන්තකයේ තබා ගෙන සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් අත්අඩංගුවට ගෙන මිනුවන්ගොඩ පොලිසිය වෙත බාරදී ඇති සැකකරුව පැය 48 ක් මිනුවන්ගොඩ පොලිසියේ රදවා තබාගෙන විමර්ශන සිදුකිරීම සඳහා මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී තේනබදු මහත්මිය ඊයේ   (23) සවස  මිනුවන්ගොඩ පොලිසියට අවසර ලබා දුන්නාය .

පොලිස් විශේෂ කාර්ය බලකායේ කඩවත කඳවුරේ ප්ර ධාන පොලිස් පරීක්ෂක එච්.වී.එල්. විජේරත්න මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් විසින් සැකකරුව  ගිනි අවි, උණ්ඩ සහ කඩුවක්  සමග අත්අඩංගුවට ගෙන මිනුවන්ගොඩ පොලිසියට  බාර දුන් බවට  අධිකරණයේදී සඳහන් විය.

සැකකරු මෙම ගිනි අවි භාවිතා කරමින් යම් අපරාධයක් කළේ ද යන්නත් එසේත් නැතිනම්  සැලසුම් කළේ ද යන්නත් සහ  සැකකරුට මෙම ගිනි අවි ලැබුණු ආකාරය සම්බන්ධවත් පරීක්ෂණ සිදු කිරීම සඳහා සැකකරුව රඳවා තබා ගැනීමට පොලිසිය කළ ඉල්ලීම  සැලකිල්ලට ගනිමින් සැකකරුව මෙසේ පැය 48 ක් පොලීසියේ රඳවා තබා ගැනීමට අධිකරනයෙන් මෙසේ අවසර ලැබුණි .
මිනුවන්ගොඩ, පොල්වත්ත, කෙසෙල් කොටුව වත්ත ප්ර8දේශයේ නිවසක් කුලියට ගෙන පදිංචිව සිටි ඩබ්.කේ . සමීර සම්පත් ප්ර්නාන්දු නැමැති 36 හැවිරිදි සැකකරුව මෙසේ පැය 48 ක්  පොලිසියේ රදවා තබාගෙන විමර්ශන කිරීමට අවසර ලැබුනි.
සැකකරු මීගමුව දළුපොත මන්ත්රීප වත්ත ප්රෙදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු බව පොලිසිය කියයි. ව්යා පාරිකයකු ලෙස රඟපාන සැකකරු දිවයිනේ විවිධ පළාත්වල සහල් ව්යාිපාරිකයින් ඇතුළු වෙනත් ව්යාෙපාරිකයින්ගෙන් භාණ්ඩ ලබාගෙන මුදල් ලබා නොදී 
කෝටි ගණනක  මුදල්  වංචා කිරීම සම්බන්ධව අධිකරණ රැසක  නඩු 09 ක් ඇති බවත් 3.8 වර්ගයේ  ගිනි අවියකින් වෙඩි තැබීම් සිද්ධීන් සම්බන්ධව අධිකරණ තුනක සැකකරුට විරුද්ධව නඩු ඇති බවත් පොලිසිය අධිකරණය හමුවේ පැවසීය .
අධිකරණ රැසකින් සැකකරුව අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර ඇති බවට වාර්තා වෙමින් පවතින බවද පොලිසිය අධිකරණය හමුවේ වැඩිදුරටත් පැවසීය. සැකකරු මෙම ගිනි අවි සන්තකයේ තබාගෙන යම් අපරාධ සිදු කළේ ද යන්නත් 
අපරාධයක් සිදු කිරීමට සැලසුම් කළේ ද යන්නත් , සැකකරුට මෙම ගිනි අවි  ලැබුණු ආකාරය සම්බන්ධවත් විමර්ශනය සිදු කොට සැකකරු සමඟ එම විමර්ශනවල ප්රෙගතිය අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට අධිකරනයෙන් මිනුවන්ගොඩ පොලීසියට  නියම කෙරුණි. 
ගම්පහ කොට්ඨාස භාර ජ්යෙ ෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ
මහතාගේ අධීක්ෂණය මත සහ  සහකාර පො.අ. තුසිත කුමාර මහතාගේ උපදෙස් මත මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්රො පො ප සාලිය පතිරාජසුරිය , අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති (පො ප ) ඩබ් පී එන් කරුණාරත්න , උප පො ප . අබේරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරනා බවට අධිකරණයේදී සඳහන් විය.



අදහස් (0)

තුවක්කු-උණ්ඩ තබාගෙන සිටි සැකකරු රඳවාගෙන ප්‍රශ්න කරන්න නියෝග

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 268 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1271 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 360 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 428 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 420 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 310 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 67 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2132 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 985 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site