(සිරංගිකා ලොකුකරවිට )
දකුණු පළාතේ පවුල් 31%ක් සඳහා පිරිසිදු පානීය ජල පහසුකම් නොමැති බවත් ඔවුන්ට ලැබෙන්නේ අර්ධ හෝ මුළුමනින් ම අනාරක්ෂිත පානීය ජල සැපයුමක් බවත් දකුණු පළාතේ පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරුගේ මහතා කීවේය.
හෙතෙම මේ බව කියා සිටියේ අද (24) දකුණු පළාත් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවැති පානීය ජල ගැටලු පිළිබඳ මහජන උපදේශනය සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම් සභාව මගින් සංවිධානය කර තිබූ වැඩසටහනක දී අදහස් දක්වමිනි.
දකුණු පළාතේ ඇති පළාත් පාලන ආයතන 49න් ආයතන හයක් හැරුණු විට අන් සියලු පළාත් පාලන ආයතන දෛනිකව හෝ වර්ෂයේ කවර හෝ කාල සීමාවක ජල බවුසර් මගින් පානීය ජලය බෙදා හැරීම සිදුකරන බවත් ඇතැම් විට එම ප්‍රමාණය ජලය ලීටර 2000 සිට 150,000 දක්වා ප්‍රමාණයක් බවත් කොමසාරිස්වරයා කියා සිටියේය.
දකුණු පළාත තුළ පමණක් පළාත් පාලන ආයතන මගින් ජලය ලීටර ලක්ෂ 17ක් දිනකට බෙදා හරින බව ද ඔහු පවසයි.
දකුණු පළාතේ පිරිසිදු පානීය නල ජලය ලැබෙන්නේ 35%ක ප්‍රමාණයකට පමණි. තවත් 3.6%ක පිරිසක් තම ජල අවශ්‍යතා සපයා ගන්නේ නල ළිං මගිනි. දකුණේ 29% ක පිරිසක් සිය පානීය ජල අවශ්‍යතාව සපුරා ගන්නේ ආරක්ෂිත ළිං හා ප්‍රජා ජල යෝජනා ක්‍රම මගිනි. ඒ අනුව දකුණු පළාත තුළ 31%ක පිරිසකට ආරක්ෂිත පානීය ජලය ලැබෙන්නේ නැත.
පළාත් පාලන කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේ පිරිසිදු පානීය ජල සැපයුම් නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශවල සැළකිය යුතු ප්‍රමාණයක් ඇතත් ග්‍රාමීය ප්‍රදේශ හා වතු ආශ්‍රිතව ජීවත්වන පුද්ගලයන් වැඩි පිරිසකට පිරිසිදු පානීය ජලය නොලැබෙන බවයි.
දකුණු පළාතේ පානීය ජල ගැටලුව විසඳීම හා අඛණ්ඩ ජල සැපයුමක් ලබාදීම සඳහා මහජනතාවගේ අදහස් විමසීමට මෙම වැඩසටන සංවිධානය කර තිබිණි. ඒ සඳහා විවිධ ප්‍රජා සංවිධාන නියෝජනය කරමින් විශාල පිරිසක් පැමිණ සිටියහ. මෙම වැඩසටහන සඳහා දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා, මහජන උපයෝගීතා කොමිසම් සභාවේ නිලධාරීන් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඒ.සී.එම්.නෆීල් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක් ද සහභාගී වී සිටියහ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දකුණු පළාතේ පවුල් සීයයට 31කට පානීය ජලය නෑ