(ඩබ්ලියු. හියුබට් ප්‍රනාන්දු සහ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කැපුන්ගොඩ ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් කැපුම් තුවාල ලත් වෛද්‍යවරයකු ඇතුලු තිදෙනෙකු මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් අයෙකු මරණයට පත්ව ඇතැයි දුන්ගාල්පිටිය පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ පමුනුගම කැපුන්ගොඩ පදිංචිව සිටි නානායක්කාර ගලබඩපිටියගේ ෂෙහාන් ප්‍රමෝද්‍ය නැමැති 21 හැවිරිදි තරුණයෙකු බවට හඳුනාගෙන ඇත.
වසර හතරක පමණ කාලයක සිට මෙම දෙපිරිස අතර බෝට්ටුවක් සම්බන්ධයෙන් ආරාවුලක් පැවතී ඇත. ඊයේ රාත්‍රියේදී දෙපිරිස අතර මේ සම්බන්ධයෙන් බහින්බස්වීමක් ඇතිවීමෙන් පසු මෙම ගැටුම හටගෙන ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. සිද්ධියේදී තිදෙනෙකු කැපුම් තුවාල ලබා ඇති අතර ඔවුන් රෝහල්ගත කිරීමෙන් පසු එම තරුණයා මරණයට පත්ව ඇතැයි පොලිසිය සඳහන් කරයි.
තුවාලකරුවන් අතර නුවරඑළිය ප්‍ර දෙහයේ සේවය කරන බව කියන 34 හැවිරිදි වෛද්‍යවරයකුද වන බව පොලිසිය කියයි. වෛද්‍යවරයා හා මියගිය තරුණයා අරාවුල බේර්ීමට මැදිහත්ළුූවන් බවට පෙලිසියට තොරතුරැ ලැබී ඇත. අනෙක් තුවාලකරු 58 හැවිරිදි විවාහකයෙකි. තුවාලකරුවන් දෙදෙනො දැඩි සත්කාර ඒකකයේ බරපතල ත්ත්වයෙන් ප්‍රත්කාර ලබමින් පසුවන බවද පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මූලික පරීක්ෂණවලදී හෙලිවූ තොරතරු අනුව තවත් සැකකරුවන් කිහිපදෙනෙකු අතුඅඩංගුවට ගැනීමට පරීක්ෂණ පැවැත්වේ. මියගිය අයගේ මරණය පිළිබද මහේස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය අද මීගමුව රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.
දුන්ගාල්පිටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දෙපිරිසක් අතර ගැටුමකින් අයෙක් මරුට -දෙදෙනෙක් රෝහලේ