(කුෂාන් ජයවරධන)
කලාවැව විජිතපුර ප්‍රදේශයේ දී දුම්රියේ ගැටීමෙන් අනතුරට ලක්ව සිටි වල් අලි දෙදෙනෙකුට අද (09) කලාවැව ජාතික වනෝද්‍යානය තුළදී ප්‍රතිකාර කළ බව ගල්කිරියාගම වනජීවි කාර්යාලය පවසයි.
කොළඹ මඩකලපුව දුම්රිය මාර්ගයේ කිලෝමීටර 111 2/1 කණුව ආසන්නයෙදී වල් අලි තිදෙනෙකු මෙලෙස දුම්රියේ ගැටීමෙන් අනතුරට පත්ව තිබිණ.
අනතුරට ලක් වූ වල් අලි තිදෙනා අතර කුඩා පැටවකු ද සිට ඇති බව ගල්කිරියාගම වනජීවි කාර්යාලය පවසයි.
දුම්රියේ ගැටුණු අලි පැටවා දුම්රියත් සමඟ මීටර 20 ක් පමණ දුරට ඇදී ගොස් ඇති බව වනජිවි නිලධාරිහු පැවසූහ. අනතුරට ලක්ව ඇති එම අලි පැටවා සම්බන්ධයෙන් කිසිඳු තොරතුරක් වනජීවී නිලධාරීන්ට මෙතෙක් ලැබී නොමැති බවද ඔවුහු සඳහන් කළහ.
අනතුරට ලක්වූ අනෙක් අලි දෙදෙනා අනතුරින් පසු කලාවැව ජාතික වනෝද්‍යානයට පැමිණ ඇති අතර එම අලි දෙදෙනාගේ පසු පාද යුගලයේ අස්ථි මෙන්ම උකුල් ඇට බිදීම් සිදුව ඇති බව වනජීවි නිලධාරීහු පැවසූහ.
අනුරාධපුර පන්ඩුලගම වනජීවි පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ඇතුලු නිලධාරිහු පිරිසක් එම අලි දෙදෙනාට ප්‍රතිකාර කිරීමට කටයුතු කළහ.
එක් අලියෙකු කලාවැවට බැස සිටීම නිසා ඔරැ කිහිපයක ආධාරයෙන් අලියා සිටින ස්ථානයට ගොස් ප්‍රතිකාර කිරීමට සිදු වූ බවත් එම අවස්ථාවේ වනජිවි නිලධාරීන් දෙදෙනෙකු ඇතුලු තිදෙනෙකු ගමන්ගත් ඔරැවක් කලාවැවේ පෙරැළී අනතුරට ලක්වූ බවත් එම වනජීවී නිලධාරීන් දෙදෙනා ඇතුලු එහි ගමන් ගත් තිදෙනාගෙන් කිසිවකුටත් ජීවිත හානියක් සිදු නොවූ බවත් ගල්කිරියාගම වනජීවි කාර්යාලය පැවසීය.
අනෙක් අලියාට ප්‍රතිකාර කරනු ලැබූයේ කලාවැව වැව් රක්ෂිතය තුළදීය.
අනතුරට පත්වූ අලි පැටවා සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් වනජීවී නිලධාරීන්ට අනාවරණය වී නොමැති අතර එම අලි පැටවා සොයා විජිතපුර බීට්ටු කාර්යාලය හා ගල්කිරියාගම අඩවි කාර්යාලවල වනජීවී නිලධාරීන් මේ වනවිට විශේෂ සෝදිසි මෙහෙයුමක් ද අරම්භ කර ඇති බව ගල්කිරියාගම වනජීවි කාර්යාලය සඳහන් කළේය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දුම්රියේ ගැටුණු අලි දෙන්නාට වනජීවියෙන් ප්‍රතිකාර