(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල මූලික රෝහලේ කාර්ය මණ්ඩලය සහ මහ නගර සභාව එක්ව රෝහලේ මකුණන් මර්දනය සඳහා අද(03) කෘමිනාශක ඉසීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළහ.
දඹුල්ල මූලික රෝහලේ වාට්ටුවල මකුණන් බෝවීම නිසා රෝගීන් හා රෝහල් කාර්ය මණ්ඩලය දැඩි අසීරුතාවයකට කලක සිට පත්ව ඇති බවට ජනමාධ්‍ය මඟින් හෙළිදරව් කිරීමෙන් අනතුරුව රෝහල් කාර්ය මණ්ඩලය මේ පිළිබඳව අවධානය යොමුකරමින් කටයුතු කළහ.
මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා, මධ්‍යම පළාතේ සෞඛ්‍ය අංශ සහ දඹුල්ල මහ නගර සභාව ද දැනුවත් කිරීමේ කටයුත්තට එක්වූයේය. ඒ අනුව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා සහ මන්ත්‍රීවරු කණ්ඩායමක්ද, දඹුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය නිලධාරී කණ්ඩායමක් ද, දඹුල්ල රෝහලේ සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ කණ්ඩායමක් ද පැමිණ දඹුල්ල රෝහලේ රෝගීන් ඉවත්කර මකුණන් මර්දනය සඳහා කෘමිනාශක ඉසීමට පියවර ගත්හ.
දඹුල්ල මූලික රෝහලට අනියුක්ත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියාසිටියේ මෙම කෘමි නාශකය කිසිදු ආකාරයකින් මිනිස් සිරුරුවලට හානියක් නොවන බව සහ එයින් මකුණන් පමණක් මර්දනය වන බවය. ඉදිරි දින කිහිපයේදී ද තවදුරටත් මකුණන් මර්දනය කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බවද ඔවුහු වැඩිදුරටත් කියාසිටියහ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දඹුල්ල රෝහලේ මකුණන් මර්දනයට පියවර