
(දයාරත්න ඇඹෝගම)
දා හත් හැවිරිදි බාල වයස්කාර දැරියක් අපයෝජනය කළ බව කියන 35 හැවිරිදි ව්‍යාපාරිකයෙකු ඇදගල ප්‍රදේශයේදි අත් අඩංගුවට ගත්බව එප්පාවල පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එප්පාවල, ඇදගල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි විවාහක ව්‍යාපාරිකයෙකි. මෙම වින්දිත දැරියත් සැකකාර ව්‍යාපාරිකයාත් අසල්වාසින් බව පොලිසිය කියයි.
දැරියගේ මව විදෙස් ගතවී ඇති අතර දිවා කාලයේ තනිව පාඩම් කරමින් සිටින දැරියගේ නිවසට පැමිණෙන සැකකරු කිහිප වතාවක්ම ඇය ස්පර්ශ කර ඒ පිළිබඳව කිසිවෙකුටත් නොකියන ලෙසට මරණිය තර්ජන කර බිය ගන්නවා ඇතැයි පොලීසිය සදහන් කළේය.
පසුගිය දින නිවසට පැමිණ ඇති මෙම සැකකරු දැරිය නිවසේ කාමරයකට රැගෙන ගොස් බරපතල ලෙස අප යෝජනය කර තිබේ.
දැරිය මේ බව විදෙස්ගතව සිටින සිය මවට දුරකතයෙන් දැනුම් දිමෙන් අනතුරුව මව ඒ බව ලංකාවේ සිටින සිය සොයුරියට පවසා ඇය මගින් සිද්ධිය පොලිසියට පැමිණිලි කර තිබේ. එම පැමිණිල්ල මත සැකකරු පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අද (25) දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රෝහණ අධිකාරි මහතා ඇතුළු නිලධාරින් පිරිසක් වැඩිදුර පරික්ෂණ පවත්වති.
2025 දෙසැම්බර් මස 04
785
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
579
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දැරියක් අපයෝජනය කළ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට