විනීතා එම් ගමගේ
නකල්ස් රක්ෂිතයට ස්වාරක්ෂක කලාපයක් තිබිය යුතුය යන සම්මුතියක් ඇතත් එය නීතිමය අවශ්‍යතාවයක් නොවන බව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පරිසර ප්‍රතිපත්ති හා සැලසුම්) වසන්ත දිසානායක මහතා ප්‍රකාශ කළේය.
එහෙත් ස්වාරක්ෂක කළාපය තිබීම තුළ රක්ෂිතයේ ආරක්ෂාව තහවුරු වන නිසා එවැන්නක් තිබීම අවශ්‍ය යැයි ද දිසානායක මහතා පැවැසීය.
මධ්‍ය කඳුකරයේ ඉඩම් පරිභෝජන රටාව යහපත් නොවන බව ද පරිසර හානිවලට එය ද හේතු වන බව ද අතිරේක ලේකම්වරයා කියා සිටියේය.
දිසානායක මහතා මේ අදහස් පළ කළේ මධ්‍යම පරිසර අධිකාරියේ අද (12) පැවැති විශේෂ සාකච්ඡාවක දී අදහස් දක්වමිනි. නකල්ස් රක්ෂිතයේ ආරක්ෂාව වෙනුවෙන් ගතයුතු පියවර පිළිබඳ විවිධ පාර්ශවවල අදහස් විමසීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්විණි.
එහි දී තවදුරටත් අදහස් දැක්වූ දිසානායක මහතා මෙසේ ද කීය.
‘‘ශ්‍රී ලංකාව දේශගු‚ක විපර්යාසවලට මුහුණ දෙමින් සිටින රටක්. ඊසාන දිග මෝසමේ වැසි අඩුවෙලා නිරිත දිග මෝසමේ වැසි වැඩිවෙලා. රටේ තුනෙන් එකක් වු වියලි කලාපය තව දුරටත් වියලි යන අතර තෙත් කළාපයට මෝසම් වැසි වල තීව්‍රතාවය වැඩි වී ගංවතුර තර්ජන එනවා.
මේ නිසා දේශගුණ විපර්යාසවලට මුහුණ දීම වෙනුවෙන් සුවිශේෂී වැඩ පිළිවෙලක් හැදිය යුතුව තිඛෙනවා. එවැනි ව්‍යාපෘති සඳහා ලෝක හරිත දේශගුණ අරමුදල මූල්‍ය ආධාර දෙනවා. මෙම අරමුදලෙන් පරිසර අමාත්‍යංශය කළ ඉල්ලීමකට අනුව එහි නියෝජිතයින් ලංකාවට ආවා. ඔවුන් අපට පොරොන්දුවක් දුන්නා අපේ යෝජනාවලට මුදල් දෙන බවට. ඒ වගේම ආදර්ශයක් වන පරිදි වැඩ පිළිවෙලක් සකස් කරන්න ඔවුන් යෝජනා කළා.
වියලි කළාපයේ තව දුරටත් වියලීමට එක හේතුවක් වන්නේ මධ්‍ය කඳුකරයේ ඉඩම්වල භූමි පරිභෝජන රටාවයි. මොරගහකන්ද ජලපෝෂක නොරැකුණොත් ජලාශයට වියදම් කළ මුදල් අපතේ යනවා. ‘‘
මෙහිදී පරිසර නීතිඥ ජගත් ගුණවර්ධන මහතා අදහස් දක්වමින් මෙසේ කීය.
‘‘වසර 2000 වන තුරුත් නකල්ස් රක්ෂිතයක් නොවෙයි. එය රක්ෂිතයක් බවට පැවැති මතය නිසා එය රැකුණා. මේ ප්‍රදේශයේ ඇති ශාක සත්ව ගහනයන් මේ වනතුරුත් හඳුනා ගෙන අවසන් නැහැ. නකල්ස් රක්ෂිතයේ ස්වාරක්ෂක කළාප ඇති කළයුතුයි. එය මීටර් 500 ක් නොව අවශ්‍යතා අනුව වැඩි කළ යුතුව තිඛෙනවා. සංවේදී ප්‍රදේශ ආරක්ෂිත විය යුතුයි. ඉහළ ප්‍රදේශවල පාංශු ඛාදන වැළැක්වීමට කටයුතු යෙදිය යුතුව තිඛෙනවා. ගල් පිපිරවීමට කිසිසේත්ම ඉඩ නොදිය යුතුයි.
්
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නකල්ස් ස්වාරක්ෂිත කලාපයේ වැදගත්කම පරිසර අමාත්‍යංශයෙන්ම පෙන්වයි