
( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
පුත්තලම දිස්ත්‍රික්කයේ ස්ථාන දෙකකදී නාවික හමුදා විසින් සිදුකළ වැටලම් දෙකකදී ඉන්දියාවේ සිට නීති විරෝධි ආකාරයෙන් මෙරටට රැගෙන එමින් තිබු කහ කිලෝ 3,642 ක් අත් අඩංගුවට ගත් බව කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කල්පිටිය එත්තාල එරඹුගෝඩැල්ල ප්‍රදේශයේදී උර 65 ක අසුරා තිබු කහ කිලෝ 2045 ක් සේම උඩප්පුව පෙරියපාඩු වෙරළ තිරයේදී උර 45 ක අසුරා තිබු තවත් කහ කිලෝ 1600 ක ප්‍රමාණයක් බව කියයි.
වැටලිම් වලදී අත් අඩංගුවට ගත් කහ තොගයේ වටිනාකම ලක්ෂ 150 කට ආසන්න බවද කියයි.
අදාල කහ ඉන්දියාවේ සිට නීරෝධායන නීති කඩකරමින් නීති විරෝධි අයුරින් ධිවර යාත්‍රා මගින් රැගෙන විත් ඇති බවත් අදාල කහ තොග කටයුතු කළ සැකකරුවන් 13 දෙනෙකුද නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගෙන තිබුණි.
වැටලිම් වලදී ලොරි රථයක් , ධිවර යාත්‍රාවක් , හා යතුරු පැදියක් අත් අඩංගුවට ගෙන තිබුණි.
අත් අඩංගුවට ගත් කහ තොගය ශ්‍රී ලංකා රේගුවට බාර දීමට කටයුතු කරමින් තිබු අතර සැකකරුවන් කල්පිටිය හා උඩප්පුව පොලිස්ථාන වෙත බාර දිම සිදුකර තිබුණි.
වැටලිම් සදහා කල්පිටිය විජය නාවික හමුදා කදවුරේ නිළධාරින් හා උඩප්පුව නාවික හමුදා අණු කණ්ඩයේ නිළධාරින් එක්ව තිබුණි.
2025 දෙසැම්බර් මස 04
785
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
579
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නීති විරෝධිව රැගෙනවිත් තිබූ කහ තොගයක් නාවික හමුදා බාරයට
martintin Sunday, 01 November 2020 09:29 AM
ඉන්දියාවෙන් කහ ගේනවයි කියන්නේ. මේ කහත් එක්ක කොරෝනාවත් ගෙනාවයි කියන එක නේද? පාලනයක් පරීක්ෂණයක් නැතුව අපේ රටට ගෙන්නන දේවල් තමයි හුඟක් ලෙඩ රෝග වසංගත දද කුෂ්ට අපේ රටේ පතුරවන්නේ