IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


නව දැනුම නැතිව ජිවත් වෙන්න බෑ

වයස අවුරුදු හයක දරුවකුගේ නූතන තාක්ෂණික දැනුම වයස අවුරුදු 45 ක වැඩිමහල් අයකුගේ දැනුම පරදන බව පර්යේෂණයකින් තහවුරු වී ඇත.

ස්මාර්ට් දුරකථන, ටැබ්ලට් පරිගණක, ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍ර ඇතුළු නවීන සන්නිවේදන උපකරණ භාවිතයෙන් පසුගිය දශකයේ දී වයස්ගත පුද්ගලයන් පසුපසට තල්ලුකැර දමා ගැටවරයන් ඉදිරියට එමින් තිබෙන බව පර්යේෂකයෝ පවසති. සන්නිවේදන නිරික්ෂණ ආයතනයක් ලෙස කටයුතු කරන ඔෆ්කොම් නමැති ආයතනය පවසන්නේ වසර 2000 දී හෙවත් නව සහශ්‍රකයේ උපත ලබා දැන් වයස අවුරුදු 14 හා 15 වැනි වයස්වල පසුවන නව යොවුන් වියේ දරුවන් උපන් දා සිටම අන්තර්ජාලය සමග ජීවත්වීම හේතුවෙන් ඔවුන් නූතන තාක්ෂණය ඉතා විශ්වාසකටයුතු ලෙස පරිහරණය කරන බවයි.

එසේ ම පෙරපාසල් වයසේ දරුවන් පවා ඔවුන්ගේ වැඩිහිටියන් භාවිතා කරනවාට වඩා නූතන තාක්ෂණික උපකරණ භාවිතා කිරීමට පෙළඹී ඇතැයි ද හෙළිවී තිබේ.

පරීක්ෂණයට සහභාගී වූ අවුරුදු 55ට වැඩි පුද්ගලයන්ගෙන් සියයට 60ක් නව තාක්ෂණය හමුවේ අපහසුතාවයට පත්වූහ. ඔෆ්කෝම් අයාතනය පවසන්නේ නූතන ඩිජිටල් තාක්ෂණය හා මාධ්‍යවල හැඩය තීරණය කරන්නේ සහශ්‍රෙය් දරුවන් විසින් බවයි. දැනට වයස අවුරුදු අටේ දරුවන් ෆේස්බුක්, ට්විටර්, යූ ටියුබ් වැනි සමාජ අන්තර්ජාල අඩිවි නොමැති ලෝකයක් ගැන දන්නේ නැත. ඒ අතරම බොහෝ වැඩිහිටි පුද්ගලයන් ඊ මේල් යැවීම සම්බන්ධව ඉගෙන ගනිමින් සිටියි. 

මේ අධ්‍යයනයට බ්‍රිතාන්‍යයේ 2800ක් සම්බන්ධ වූහ. එහිදී නූතන තාක්ෂණය හා විවිධ උපකරණ, භාවිතා කිරීමේ හැකියාව පිළිබඳ ප්‍රශ්නාවලියකට පිළිතුරු දීමට ඔවුන්ට සිදුව ඇත. එම ප්‍රශ්න මාලාවෙන් අවුරුදු 14-15ත් අතර දරුවන්ගේ ලකුණු සාමාන්‍ය 114 ක් වෙද්දී වයස අවුරුදු හයේ දරුවන්ගේ ලකුණු සාමාන්‍යය 98 කි. අවුරුදු 45ක වයසේ පසුවන්නන්ගේ සාමාන්‍ය ලකුණු ප්‍රමාණය 96ක් ලෙස සටහන් වෙද්දී වයස අවුරුදු 75ට වැඩි පුද්ගලයන්ට හිමිවූයේ ලකුණු 80 ක සාමාන්‍යයකි.

තවද වයස අවුරුදු 12ත් 15ත් අතර පසුවන දරුවන්ගෙන් සියයට 84ක් ප්‍රකාශ කැර තිබුණේ අන්තර්ජාලය ඇතුළු නූතන තාක්ෂණය නොමැතිව ජීත්වන්නේ කෙසේ ද යන්න ඔවුන් නොදන්නා බවයි.

com nol (4) Girls (13-15) doing homework in kitchen com nol (2)



අදහස් (0)

නව දැනුම නැතිව ජිවත් වෙන්න බෑ

ගාමිණී - සිරි Thursday, 07 August 2014 06:52 PM

තාක්ෂනය ඉතාමත් අගය කරනවා. නමුත් මෙයින් නුතන පරම්පරාව අනිසි දේවල් වලට පෙළඹීම කනගාටුවට කරුණක්. 17 වසරක ගැටවරයෙක් කිසිදු බියක් ,සැකක් නොමැතිව බැංකු 6 කින් පමණ කෝටි 1 ,1/2 ක මුදලක් ඇද ඇති බව අනාවරණය උනා. ෆේස් බූක් මගින් හඳුනාගෙන සියදිවි නසාගත් පාසල් දැරියන් ගැන වාර්තා උනා. මුදල් නෝට්ටු මුද්‍රණය කෙසේ වෙතත් ඉංග්‍රීසි අසමත් උනත් අප රටේ නුතන පරපුර තාක්ෂනය අතින් ඉදිරියෙන් සිටින බව පිළිගත යුතු කරුණක් (නදී)

:       0       0

චමින්ද Thursday, 07 August 2014 01:23 PM

සහතික ඇත්ත කතාවනම්. මමත් පරිගණකයේ හිරවුණු තැන වලදී ඒවාට විසදුම් අහගන්නේ. අවුරුදු දහයක් වයස මගේ පුතා ගෙනුයි. මොකද අපි පොඩි කාලේ පරිගණක තිබුණු එකක්යැයි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 290 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1287 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 373 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 446 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 432 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 324 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 7 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 632 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 499 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site