(ප්‍රියාණි මංගලිකා)
කොරෝනා වයිරසය ආසාදනය වූ පුත්තලම ශ්‍රී ලංගම ඩිපෝවේ බස් කොන්දොස්තරවරයාගේ පවුලේ සිව්දෙනෙකු සහ ආශ්‍රිතයන් ලෙස පවුල් 12 ක පුද්ගලයන් 40ක් පමණ නිරෝධායනයට ලක් කළ කොටවෙහෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අද (12) පැවසීය .
එම කොන්දොස්තරවරයා පදිංචි කොටවෙහෙර ප්‍රදේශයේ එම ගම්මානයේ පිරිසක් සහ එම ආසාධිත බස් කොන්දොස්තරවරයා කිරි ඉතිරවීම සඳහා සහභාගී වූ බව කියන කොටවෙහෙර ප්‍රසිද්ධ සංහිඳකට එදින සම්බන්ධව සිටි බව කියන ආශ්‍රිතයන් පිරිසක් මෙලෙස ස්වයං නිරෝධායනයට ලක් කළ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.
මෙම සිද්ධියට සම්බන්ධ තවත් සමීප ආශ්‍රිතයන් ඇද්ද යන්න සොයා තව දුරටත් පරීක්ෂණ සිදු කරමින් සිටින බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කලේය .
මෙලෙස සිය නිවෙස් තුළ ස්වයං නිරෝධායනයට ලක් කළ පිරිස් වලට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවද ,පී.සී.ආර්.පරීක්ෂණ සිදු කිරීමට නියමිත බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය .
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පුත්තලම බස් කොන්දොස්තරගේ ගමේ අය 40 ක් නිරෝධායනයට