( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුද්ගලික බැංකුවකින් තමන්ට ණය ලබා දෙන බව පවසමින් ලබා ගත් මුදල් ආපසු ලබා දෙන ලෙස ඉල්ලා කාන්තාවන් පිරිසක් පුත්තලම නගරයේ පුද්ගලික ශුද්ධ මූල්‍ය ණය ලබා දෙන බැංකුවක වහලයට නැගි විරෝධතාවයක් අද ( 30 ) නිරත වුහ
මෙසේ විරෝධතාවයක නිරත වුයේ මදුරන්කුලිය කිර්තිසිංහ ගම්මානයේ කාන්තාවන් පිරිසකී.
කාන්තාවන් පවසන්නේ තමන්ට පුත්තලම නගරයේ අදාල ශුද්ධ මූල්‍ය ණය ලබා දෙන අදාල බැංකු ශාඛාව මගින් ලක්ෂ දෙකකට අධික ණය මුදලක් ලබා දෙන බව පවසමින් මසකට පෙර එක් අයකුගෙන් රුපියල් 10,000 බැගින් අය කල බවයි.
එසේ අය කලද අදාල ණය මුදල දිගින් දිගටම ප්‍රමාද කිරිම නිසා ඒ පිළිබදව කල විමසිමේදි අදාල ණය මුදල ලබා දිය නොහැකි බව පවසා බවත් ලබා ගත් මුදල්ද නැවත ලබා දිමට නොහැකි බවත්ය .
මේ නිසා තමන් අවස්ථා ගනනාවක අදාල ශුද්ධ මූල්‍ය බැංකුවට ලබා දුන් මුදල් ඉල්ලා සිටියද එය නොලැබිම නිසා මෙසේ බැංකුවට පැමින එහි ඉහල මාලයට නැගි විරෝධතාවය ඇරඹු බවය.
කාන්තාවන් කිප දෙනෙකු අදාල බැංකුවේ ඉහල මාලයට නැගි විරෝධතාවයේ නිරත වද්දි තවත් පිරිසක් බැංකුව ඉදිරිපරිපිට සිට විරෝධතාවයට සහාය දක්වා තිබේනු දැක ගත හැකි විනි.
සිද්දියත් සමග අදාල ස්ථානයට පැමිනි පුත්තලම මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක පී .කුමාරදාස මහතා මෙම කාන්තාවන් හා බැංකු කළමණාකාරිත්වය සමග සාකජ්ජා මෙම කාන්තාවන්ගෙන් බැංකුව ලබා ගෙන ඇති මුදල් දෙසැම්බර් 3 දින ලබා දිමට කටයුතු කරන බවට ලබා දුන් පොරෝන්දුව මත ඉවත් ව යාම සිදුවිනි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පුත්තලමේ මූල්‍ය ආයතනයකට එරෙහිව විරෝධතා