(එච්. චන්දන)
විදුලි නොමැති අවස්ථාවලදී ප්‍රයෝජනය සදහා විදුලි ජනක යන්ත්‍රයක් නොමැතිකමින්, පුත්තලම ප්‍රදේශයට විදුලිය නොමැති ඉකුත් දිනවලදී පුත්තලම ළය රෝහලේ රෝගීන්ගෙන් පරීක්ෂා කිරීමට ලබා ගත් ලේ හා සෙම පටල රැසක් විනාශ වී ඇති බව වාර්තා වේ.
ස්වසන රෝග (ක්ෂයරෝග මර්දනයට) සම්බන්ධව පුත්තලම දිස්ත්‍රික්කයේ ඇති එකම රෝහල මෙය වන අතර මෙහි වායුසමීකරණ යටතේ තැබිය යුතු බෙහෙත් ගබඩාවක්ද, රෝගීන්ට අවශ්‍ය එක්ස් කිරණ පරීක්ෂණ වෙනුවෙන් එම යන්ත්‍රයක්ද මෙහි ස්ථාපනය කර ඇත.
මේ පිළිබදව අවස්ථා දෙකකදී පුත්තලම දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී සෞඛ්‍ය බලධාරීන්ගෙන් දිස්ත්‍රික්කයේ දේශපාලනඥයින් විමසා සිටි නමුත් ඒ හැම මොහොතක පැවසුවේ මේ පිළිබදව සොයා බලන බවයි.
ඉකුත් 10 වෙනි දින පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යායේදී ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සමාජ යටිතල පහසුකම් සංවර්ධණය කිරීමේ ග්‍රාමීය ආර්ථික නගා සිටුවීමේ වැඩ සටහන අවස්ථාවේදී පුත්තලම ලය රෝහලේ විදුලි ජනක යන්ත්‍රයක් නොමැති කම පිළිබදව පුත්තලම දිස්ත්‍රික් සංවර්ධන කම්ටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා කළ විමසීමකදී , එම අවස්ථාවට පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නියෝජනය කරමින් සහාභාගිවු ප්‍රජා සොඛ්‍යය විශේෂඥ (සැලසුම්) වෛද්‍ය තුෂාණි දාබරේ මහත්මිය සදහන් කළේ රසායනාගාරයේ භාවිත කළ හැකි කුඩා විදුලි ජනක යන්ත්‍රයක් පුත්තලමට ලය රෝහලට ලබා දී ඇති බවය.
නමුත් ඉකුත් 28 වන දිනද පුත්තලම ලය රෝහලට පැමිණි රෝගීන් රැසකගේ ලේ පටල හා සෙම් පටල විදුලිය නොමැති කමින් පරීක්ෂා කිරීමට නොහැකිව,තමන්ට වාර්ථා ලබා ගැනීමට බැරි වු බවත්, ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකිව හැරී යාමට සිදුවු බව එම රෝගීහු පවසති.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පුත්තලම ළය රෝහලේ විදුලි ජනක යන්ත්‍රයක් නොමැතිකමින් සෙම් පටල විනාශයි