හේමලතා ඩී හේවගේ
අධික වර්ෂාවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට බලපෑ ජලගැලීම් හේතුවෙන් ග්‍රාම සේවා වසම් 46 ක ආපදාවන්ට ලක්වූ පවුල් සංබ්‍යාව 884 දක්වා ඉහළ යාමෙන් පුද්ගලයින් 3153 ක් පීඩාවට පත්ව ඇති බව පන්නල ප්‍රාදේශීය ලේකම් සමන්ත වික්‍රමරත්න බණ්ඩාර මහතා පැවසීය.
කන්දෙපොළ පවුල් 197 ක් හුන්දිරාපොල 93 , මාහරගම 61 , වෙල්පල්ල 42 , වැල්ලෑව 29 , පන්විලකුඹුර 27 , ඇලබඩගම බටහිර 26 , නාලවලාන 23 ක් ඇතුඵ ග්‍රාම සේවා වසම් වලින් මෙම අවතැන් වූ පිරිස් වාර්තා වී ඇති අතර පූර්ණ වශයෙන් හානිවූ නිවාස 07 ක් සහ අර්ධ ලෙසින් හානිවූ නිවාස 54 කටද අලාභ හානි සිදුව ඇති බවද සඳහන් වේ.
කොට්ඨාසයේ ප්‍රධාන හා අතුරු මාර්ග 36 ක් ප්‍රතිසංස්කරණය කළ යුතු බවත් ජලගැලීමෙන් ළිං 452 ක් පමණ අපිරිසිදු තත්වයේ ඇති බැවින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සහ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ අධීක්ෂණය මත නාවික හමුදා භටයින්ගේ සහයෝගය ඇතිව ජලය සම්පූර්ණයෙන් බැස ගිය පසු පිරිසිදු කිරීම් කටයුතු සිදුකරන බවද ලේකම්වරයා කීය .
අවතැන්වූ පිරිස් වෙත මේ වන විටත් පිසූ ආහාර පානීය ජලය , වියලි ආහාර ද්‍රව්‍ය ඇතුඵ පොදු පහසුකම් සියල්ල ලබාදීමට කටයුතු යොදා ඇති අතර පීඩාවට පත්ව සිටින ජනතාව වෙත අවශ්‍ය පහසුකම් කඩිනමින් ලබාදීමටද බුද්ධශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ ද උපදෙස් ලැබී ඇත.
තවදුරටත් මෙම ජලගැලීම් තත්වය කොට්ඨාසය තුළ වර්ධනය වුවහොත් ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම වෙනුවෙන් නාවික හමුදා භටයින් තිදෙනෙකුද අනුයුක්ත කර ඇති බවද හෙතම පැවසීය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පන්නල ජල ගැලීමෙන් පවුල් 884 ක් අවතැන්