(ශාන්ත චන්ද්‍රසිරි)
කොටගල නගරයේ මස් වෙළෙඳ සැල්වල සිදු කරන ලද හදිසි පරීක්ෂාවකදී අළෙවි කිරීමට තබා තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු ගව මස් තොගයක් විනාශ කිරීමට කොටගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කණ්ඩායමක් අද (16) පියවර ගනු ලැබූහ.
කොවිඩ් 19 වයිරසය සම්බන්ධයෙන් කොටගල නගරයේ මස් හා මාළු අළෙවි කරනු ලබන වෙළෙඳ ප්‍රජාව රජය විසින් ලබාදුන් සෞඛ්‍ය පුරුදු සිදු කරනවාද යන්න පිළිබඳව සිදු කරන ලද පරික්ෂා කිරීමේදී මෙම ගව මස් තොගය හමුවූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීහු පැවසූහ.
මිනිස් පරිභෝජනයට නුසුදුසු ගව මස් කිලෝ 30 ක් සොයා ගනු ලැබූ බවද ඔවුහු සඳහන් කළහ.
මිනිස් පරිභෝජනයට නුසුදුසු ගව මස් තොගය භුමිතෙල් යොදා ගිණි තබා විනාශ කිරීමට පියවර ගත් බවත් මේ පිළිබඳව ගව මස් වෙළෙඳ සැලේ හිමිකරුට දැඩි ලෙස අවවාද කළ බවත් කොටගල මහජන සෞඛ්‍ය පරීක්ෂක සවුන්දර් රාගවන් මහතා කීය.
බොහෝ මස් වෙළෙද සැල්වල නියමිත අස්වැසුම් භාවිතා නොකොට අපිරිසුදු අයුරින් මස් අළෙවි කිරීමේ යෙදී සිටින අයුරු නිරීක්ෂණය වු බවත් ඔවුන්ට එවැනි ක්‍රියාවන්ගේ යළි නොයෙදෙන ලෙස දැඩි ලෙස උපදෙස් ලබාදීමට පියවර ගත් බවත් ඒ මහතා පැවැසීය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පරිභෝජනයට නුසුදුසු ගව මස් තොගයක් අල්ලයි