(චන්ද්‍රසේන ගමගේ)
තංගල්ල පොලිස් වසමේ විතාරන්දෙනිය තේනගම ප්‍රදේශයේ නිවසකට පැමිණ ඇති පිරිසක් සහෝදරයන් දෙදෙනෙකුට පහරදී වැඩිමහල් සොහොයුරා ඝාතනය කොට බාල සොහොයුරාට බරපතල තුවාල සිදු කොට ඇතැයි තංගල්ල පොලීසිය පවසයි.
ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ වැඩිමහල් සොහොයුරා පහරකෑමට ලක්වූ ස්ථානයේදීම මිය ගොස් තිබූ බව පොලීසිය කියයි.
ප්‍රහාරයෙන් මිය ගොස් තිබුණේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කසාගල පිවිසුමේ පොලිස් රථවාහන අංශයේ සේවයකරනු ලැබූ විදාන ගමගේ චතුරංග දිල්ෂාන් නම් 34 වැනි වියේ පසු වූ එක්දරු පියෙකි.
ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා ඇත්තේ 26 වැනි වියේ පසුවන මිය ගිය අයගේ සහෝදරයා බව පොලීසිය කියයි. ඔහු මේ වන විට කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටින බව පොලීසිය කියයි.
මියගිය චතුරංග දිල්ෂාන් සේවයට වාර්තා කිරීම සදහා නිවසින් පිටව යාමට සුළු මොහොතට පෙර ඊයේ (18) රාත්‍රියේදී දස දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් පොලු මුගුරු රැගෙන නිවස ඉදිරිපිට ට පැමිණ කළහකාරි ලෙස හැසිරි ඇති බවට පොලීසියට තොරතුරු ලැබී තිබේ.
ඉන් අනතුරුව නිවස තුළ සිටි සොහොයුරන් දෙදෙනා පිටතට පැමිණ ඇති බවත් ඉන් අනතුරව සොහොයුරන් දෙදෙනාට පහරදී ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් පොලිසිය කියයි.
පහරකෑමට ලක්වූ සොහොයුරන් දෙදෙනා බිම දිගේ ඇදගෙන ගොස් සිද්ධියට සම්බන්ධ සැකකරු අළුතින් ඉදිකරමින් පවතින නිවසට රැගෙන ගොස් පහරදී ඇති බවට ද පොලීසියට තොරතුරු ලැබී තිබුණි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
පිරිසකගේ පහරදීමකින් එක්දරු පියා මරුට
Bunny Preena Saturday, 19 February 2022 11:36 AM
ශුවර් එකටම ඉඩම් පලහිලව්වක් වෙන්න ඇති. අනේ මන්දා.. මිනිස්සුන්ට මේවා සමාදානයෙන් විසඳාගන්න බැරි හැටි... මැරුණාට පස්සේ අපි මේවා ඔක්කොම දාලානේ යන්නේ...!