මැන්චෙස්ටර් ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමඟ තොරතුරු හුවමාරු කරගැනීම නවතා දැමීමට බ්‍රිතාන්‍ය පොලිසිය තීරණය කර ඇත.
අදාළ තොරතුරු ඇමෙරිකා මාධ්‍ය වෙත අනාවරණය වනු ඇතැයි ද එයින් බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරු සොයා කෙරෙන විමර්ශන කටයුතුවලට බාධා එල්ල වනු ඇතැයි ද යන හේතු නිසා කරගෙන බ්‍රිතාන්‍ය පොලිසිය එක්සත් ජනපදය සමඟ තොරතුරු හුවමාරු කරගැනීම නවතා දමා තිබේ.
සඳුඳා (22) එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පොලිසිය වේගයෙන් විමර්ශන කටයුතු කෙරෙන අවස්ථාවක අදාළ තොරතුරු වාර්තා විය.
මැන්චෙස්ටර් හි ‘මැන්චෙස්ටර් එරීනා’ වෙත එල්ල වූ ප්‍රහාරයෙන් කුඩා දරුවන් ද ඇතුළුව 22 දෙදෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් එවැනිම ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි බියක් මුළු බ්‍රිතාන්‍ය තුළ පැතිර තිබේ.
ප්‍රහාරයෙන් පසු ලන්ඩනය ද ඇතුළුව බ්‍රිතාන්‍ය ප්‍රධාන ස්ථානවල ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළ අතර ප්‍රහාරයෙන් පසු කාලයේදී අට දෙනෙක් අත්අඩංගුවට පත්වූහ.
බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇත්තේ 22 හැවිරිදි බ්‍රිතාන්‍යයේ උපත ලැබූ සල්මන් අබේදි නැමැත්තකු බව පොලිසිය කියයි. ඔහු කිසියම් සටන්කාමී ජාලයක කොටස්කරුවකු යැයි ද ඔහුගේ මාපියන් උපත ලැබූ ලිබියාවේ යැයි ද ප්‍රහාරයට දින කිහිපයකට බ්‍රිතාන්‍යයට පැමිණ ඇතැයි ද අනාවරණය වී තිබේ.
නිව්යෝක් ටයිම්ස් පුවත්පත බෝම්බ ප්‍රහාරය එල්ල වූ ස්ථානයේ ඡායාරූප පළ කිරීමත් ඇමෙරිකා මාධ්‍ය රහස්‍ය තොරතුරු අනාවරණය කිරීමත් නිසා එවැනි සිදුවීම්වලින් ආරක්ෂාව සම්බන්ධයෙන් ඇමෙරිකාව මිතුරන් ලෙස සලකා කටයුතු කිරීමේ විශ්වාසය පළුදු විය හැකි යැයි බ්‍රිතාන්‍යයේ පොලිස් ප්‍රධානීන් අවධාරණය කර තිබේ.
“ත්‍රස්තවාදයට එරෙහිව ප්‍රධාන පරීක්ෂණයක් ක්‍රියාත්මක වෙද්දි සාක්ෂි සහ මාධ්‍ය ආවරණය නොකළ කරුණු ප්‍රසිද්ධියට පත් කිරීම සැලකිය යුතු කරුණක්” යැයි බ්‍රිතාන්‍යයේ ජාතික ත්‍රස්ත විමර්ශන පොලිසියේ ප්‍රකාශකයා නිවේදනයක් නිකුත් කරමින් පැවැසීය.
බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ මහත්මිය බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැත්වෙන නේටෝ හමුවක් අතරතුර ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා හමු වී සාකච්ඡා කිරීමට නියමිත බව බ්‍රිතාන්‍ය රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.
නිව්යෝක් ටයිම්ස් පළ කළ ඡායාරූප අතර බෝම්බයේ ඉතිරි කොටස්, මරාගෙන මැරෙන බෝම්බකරු රැගෙන ආ ගමන් මල්ල හා තැන තැන විසිරී ඇති ලේ පැල්ලම් දැක්වෙන ඡායාරූප තිබී ඇත.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බ්‍රිතාන්‍ය පොලිසිය දැඩි තීරණයක