(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පානදුර හොරණ මාර්ගයේ එලුවිල හන්දියේ දී සුඛෝපභෝගී මෝටර් රථයක ගැටීමෙන් වයෝවෘද්ධ පුද්ගලයෙක් මිය ගොස් ඇති බව පානදුර දකුණ පොලිසිය කියයි.
එම පුද්ගලයාගේ ගැටීමෙන් අනතුරුව මෝටර් රථය අසල කුකුළු මස් වෙළඳසැල කඩා වැදී තිබූ බව පොලිසිය සඳහන් කරයි
අනතුරින් මියගොස් ඇත්තේ පානදුර සිල්වා මාවතේ පදිංචිව සිටි වි එස්. විල්සන් නැමැති 81 හැවිරිදි සිව් දරු පියෙකි.
අනතුර සිදු කළ මෝටර් රථ රියදුරු සහ ඔහුගේ බිරිඳ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත
එකම පවුලේ මව පියා සහ දියණිය පානදුර සිට බණ්ඩාරගම දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයේ ගමන් කර ඇති අතර පියා විසින් අනතුර වන අවස්ථාවේදී මෝටර් රථය පදවා ඇති බවට පොලිසිය කියයි
පානදුර හොරණ මාර්ගයේ වම් මංතීරුවේ මගීන්ට ගමන් ගැනීම සඳහා වෙන්කල තීරුවේ මියගිය පුද්ගලයා ගමන් කර ඇති අතර මෝටර් රථයේ ගැටීමෙන් එම පුද්ගලයා මීටර් දහයක් පමණ ඉදිරියට විසිවී ගොස් අසල කානුවට වැටී ඇති බව පොලිස් නිලධාරියකු පැවැසීය.
අත්අඩංගුවට ගත් සැකකාර රියදුරුට රියදුරු බලපත්‍රයක් නොමැති බවට වැඩිදුරටත් අනාවරණය වූ බවත්,එවන් පුද්ගලයකුට මෝටර් රථයක් පැදවීමට ලබාදීම සම්බන්ධයෙන් මෝටර් රථයෙන් රථ රථයෙන් ලියාපදිංචි අයිතිකාරිය වූ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව පොලිස් නිළධාරියෙකු පැවසීය
අනතුරෙන් කුකුල් මස් අලෙවිසැලට සහ මෝටර් රථයකට රථයට බරපතල අලාභ සිදු වී ඇත
අත්අඩංගුවට ගත් රියදුරු සහ ඔහුගේ බිරිඳ පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මෝටර් රියක ගැටී පුද්ගලයෙක් මරුට