(තරංග ගුණරත්න)
මැටි කර්මාන්ත කරුවන්ගේ ප්‍රධාන ගැටලුව වන මැටි ප්‍රවාහනය සඳහා මැටි කියුබ් තුනක් ප්‍රවාහනය කිරීමට අවසර ලබාදී ඇතැයි වේවැල් පිත්තල මැටි ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් කියා සිටියේ අද (29 ) දින වැලිගම කඹුරුගමුව මැදගොඩ පෙදෙස් මැටි ආශ්‍රිත කර්මාන්ත ගම්මානයක් ඇති කිරිමෙ අවස්ථාවට එක්වෙමිනි .
එහිදී තවදුරටත් මෙසේ ද පැවසීය.
වැලිගම කඹුරුගමුව මැදගොඩ බෝධිරාජ ගම්මානයෙ මැටි කර්මාන්ත නිර්මාණ නිර්මාණ කරුවන්ගේ අඩුපාඩු සම්බන්ධයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ සහ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පකුමාර බැටිටගේ මහතාගේ ඉල්ලිමක් මත තමයි මෙම කටයුතු ආරම්භ වුණේ හස්ත කර්මාන්ත සංවර්ධන වැඩපිළිවෙළ යටතේ කර්මාන්තකරුවන්ට අවශ්‍ය පහසුකම් කඩිනමින් ලබාදීමට කටයුතු කරනවා වගේම ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සහ මොරටුව විශ්වවිද්‍යාලයේ සහයෝගය මත අලුත් තාක්ෂණය ලබාදීලා මැටි කර්මාන්ත කරුවන්ගේ සාම්ප්‍රදායක ක්‍රියාවලිය වෙනුවට නව තාක්ෂණය සමඟ නව කර්මාන්තයක් ලෙස වැඩිදියුණු කිරීමට හා අවශ්‍ය දැනුම සහ උපකරණ ලබාදීමට ක්‍රියා කරනවා .
මොවුන්ගේ ප්‍රධාන ගැටළුව වශයෙන් හඳුනාගෙන තිබෙන මැටි ප්‍රවාහනය දී බලපාන ගැටළුව සඳහා ජාතික ශිල්ප සභාවේ ලබාදී ඇති හැඳුනුම්පත උපයෝගී කරගෙන මැටි කියුබි තුනක් ප්‍රවාහනය කිරීමට අවසර ලබා දී තිබෙනවා තවත් අවශ්‍ය නම් අමාත්‍යංශය මගින් බලපත්‍රයක් ලබාගෙන මැටි කියුබි තිහක් දක්වා ප්‍රවාහනය කිරීමට අවසර ලබාදි තියෙනවා බව අමාත්‍යවරයා සඳහන් කළේය මෙම අවස්ථාව සදහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පකුමාර බැටිටගේ මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලනඥයන් හා අමාත්‍යාංශයේ නිලධාරීන් එක්වූහ .
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මැටි ප්‍රවාහනයට අවසර