(බන්දු තඹවිට)
මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් මීගම ප්‍රදේශයේ තුනී ලෑලි කර්මාන්ත ශාලාවකින් කොරෝනා ආසාදිතයන් 12 දෙනෙකු හමුවීමත් සමග එම කර්මාන්ත ශාලාව වසා දැමීමට පියවර ගත් බව මතුගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ජී.ඩී. ලයනල් මහතා පැවසීය.
එහි සේවකයන් සියලු දෙනා නිරෝධායනයට යොමුකළ බවත් එම පිරිසට අමතරව මතුගම ප්‍රදේශයේ ඇඟලුම් කම්හලකින් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු සහ යටදොලවත්ත ප්‍රදේශයෙන් ආසාදිතයන් 10 දෙනෙකු වාර්තාවූ බවත් ඒ මහතා කීය.
මතුගම වැලිපැන්න ප්‍රදේශයේ පසුගිය දිනකීපයෙදී කොරෝනා ආසාධිතයන් 65 දෙනෙකු හමුවිය.
එම ආසාදිතයන් හමුවූ වැලිපැන්න මුස්ලිම් පාර දින කීපයක් හුදකලා කර පසුගිය 19 වනදා සවස නැවත විවෘත කළේය. ඉන් අනතුරුව මතුගම අවට ආයතනවල සහ විවිධ ස්ථානවල පී.සී.ආර්. පරීක්ෂණ මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් සිදුකිරීමෙන් අනතුරුව ඊයේ දිනයේදී ආසාධිතයන් 24 දෙනෙකු වාර්තා වී ඇත.
මීගම තුනී ලෑලි කර්මාන්ත ශාලාවේ සේවකයන්ට අද දිනයේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට නියමිතය. මතුගම ප්‍රදේශයේ ආයතනවල සහ අහඹු ලෙස පී.සී.ආර්. පරීක්ෂණ සහ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ගයාත්‍රි විතාන මහත්මිය සහ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ජී.ඩී. ලයනල් මහතාගේ අධීක්ෂණයෙන් සිදුකිරීමට කටයුතු සංවිධානය කර ඇත.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මතුගම තුනී ලෑලි කම්හලක් වහයි