(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මත්තේගොඩ නිවාස සංකීර්ණයේ ප්‍රධාන මාර්ගයේදී යතුරුපැදියක් සහ ත්‍රිරෝද රථයක් ගැටී සිදු වූ අනතුරින් වයස අවුරුදු 7ක පාසල් සිසුවියක ඇතුළු සිව්දෙනකු තුවාල ලබා අද(06) හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව මත්තේගොඩ පොලිසිය පවසයි.
එකම පවුලේ මව පියා සහ දියණිය ත්‍රිරෝද රථයක යමින් සිටියදී මත්තේගොඩ නිවාස සංකීර්ණයේ ජල ටැංකිය ඉදිරිපිට දී මාර්ගය හරහා ගමන් කළ සුනඛයකු බේරීමට ත්‍රිරෝද රථය වම්පසට හරවනවාත් සමගම ඉදිරියෙන් පැමිණි යතුරු පැදියෙහි ගැටී අනතුර සිදුව ඇති බව පොලීසිය කියයි.
අනතුරින් පසුව අවස්ථා තුනකදී ත්‍රිරෝද රථය මාර්ගය හරහා පෙරළී ගොස් යාබද වෙළඳසැලක් ඉදිරිපිටදී නැවතී ඇති අතර එම අවස්ථාවේදී ත්‍රිරෝද රථයේ පැමිණි මව පියා සහ සිසුවිය තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි. අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් කාන්තාව බරපතළ තුවාල ලබා ඇති අතර සෙසු අයගේ තත්ත්වය සාමාන්‍ය බව ද රෝහල් ආරංචි මාර්ග පවසයි.
අනතුරින් ත්‍රිරෝද රථයේ හා යතුරුපැදියේ ඉදිරිපස කොටස්වලට බරපතල හානි සිදුව තිබූ බවද පැවසේ.
මත්තේගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මත්තෙගොඩ අනතුරකින් 4 ක් රෝහලේ