(රවින්ද්‍ර විරාජ් අබයසිරි සහ මහේෂ් කීර්තිරත්න)
මාතලේ නගරයේ ගොංගාවෙළපොළ අසලදී 2009 වසරේදී මාළු වෙළෙන්දෙකු මන්නා පිහියකින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරු වූ සැකකරුට මරණීය දණ්ඩනය නියම කිරිමට මාතලේ මහධිකරණ විනිසුරු ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා අද(20) වන දින නියෝග කළේය.
වර්ෂ 2009 අප්‍රේල් 27 වන දින මාතලේ නගරයේ ගොංගාවෙලපොල භූමියේ මාළු වෙළදාමේ යෙදී සිටි මජිඩ් අම්ෂාර් (55)නැමති පුද්ගලයාට මන්නා පිහියකින්, හිසේ සිට පාද දක්වා කැපුම් තුවාල 11ක් සිදු කර ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මරණ දඬුවම නියම කෙරිණි.
එම සිද්ධියට අදාළ සැකකරු වන මාතලේ ඔයපහල ප්‍රදේශයේ පදිංචි පෙරියසාමී සිවකුමාර්(49)නැමැත්තා මිනීමැරුම කළ බවට ඔප්පු කර ඇති බැවින් 280 වගන්තිය යටතේ මරණීය දණ්ඩනය නියම කරණ බව මහාධිරණය විනිසුරුවරයා ප්‍රකාශ කළේය.
අදාළ තීන්දුව ලබාදීමට ප්‍රථම විත්තිකරුට අවසාන වශයෙන් යමක් අධිකරණයට පැවසීමට ඇත්තම් ඒ සදහා අවස්ථාවක් ලබාදීම සිදුකෙරුණූ අතර එහිදි විත්තිකරු ප්‍රකාශ කර සිටියේ තමා මරණ චේතනාවෙන් මෙම සිදුවීම නොකළ බවත් තමාගේ ජීවිත ආරක්ෂාවට මේ දේ කළ බැවින් තමාට අත්හිටවු සිරදඬුවම ලබාදෙන ලෙසත්ය.
එම අවස්ථාවේදී මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කර සිටියේ සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති මෙම මිනීමැරුමට අදාළව මරණීය දණ්ඩනය හැර වෙනත් විකල්පයක් නොමැති බැවින් මරණීය දණ්ඩනය ලබාදීමට සිදුවන බවත් අධිකරණය ඒ පිළිබදව කනගාටුවට පත්වන බවත්ය.
මාතලේ නගර මධ්‍යයේ සිදුවු මෙම මිනීමැරුමට අදාළව එම සිද්ධිය ඇසින්දුටු පොලිස් නිලධාරියෙකු හා ඇසින්දුටු සාක්ෂී හා අධිකරණ වෛද්‍ය වාර්ථාවට අනුව සාධාරණ සැකයෙකින් තොරව මෙම තීන්දුව ලබාදි තිබේ.
සිද්ධියට අදාළව පැමිණීලි පාර්ෂවය වෙනුවෙන් රජයේ නිතිඥ ඔස්වල් පෙරේරා මහතා පෙනී සිටි අතර විත්තිය පාර්ෂවය වෙනුවෙන් නීතිඥ අනුරුද්ධ රණසිංහ මහතා පෙනිසිටියේය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මාතලේදී කළ මිනීමැරුමට වසර 11 කට පසු මරණ දඬුවම