(පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ)
උඩප්පුව පොලිස් වසමේ පල්ලිවාසල්පාඩුව ප්‍රදේශයේ පුද්ගලික පොල් ඉඩමකට රැගෙනවිත් තිබූ රෝහල් සායනික අපද්‍රව්‍යද ඇතුළත් අධික දුගඳක් සහිත අපද්‍රව්‍ය තොගයක් වහාම එම ස්ථානයෙන් ඉවත් කිරීමට මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එම්.එන්.ජවුසි මහතා අදාල ඉඩමේ හිමිකරුවන්ට නියෝග කර තිබුණි.
කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අයත් උඩප්පුව පල්ලිවාසල්පාඩුව ප්‍රදේශයේ පිහිටි මෙම ඉඩමට අදාල අපද්‍රව්‍ය තොගය ටොන් 30ට ආසන්න ප්‍රමාණයක් අවස්ථා දෙකකදී රැගෙනවිත් තිබූ බව පොලිසිය හා සෞඛ්‍ය අංශ කළ විමර්ශණවලදී අනාවරණය වී තිබේ.
පල්ලිවාසල්පාඩුව හා සින්නපාඩුව ජනතාව විසින් සෞඛ්‍ය අංශ වෙත මෙම කසළ තොගය පිළිබඳව දැනුම් දීමෙන් පසුව එම ස්ථානයට පැමිණි අදාල නිලධාරින් මේ පිළිබඳව නිරීක්ෂණය කර ඇති බව කියයි.
ජනතාව පවසන්නේ අදාල ඉඩම තුළින් සති 2ක කාලයක සිට නොකඩවා දැඩි දුර්ගන්ධයක් හමා ඒම හේතුවෙන් ඒ පිළිබඳව කල සොයා බැලීමේදී අදාල ඉඩමේ ස්ථාන කිහිපයක මෙම කසළ තොග ගොඩගසා තිබූ බවයි.
මෙම කසළ තොගය තුළ රෝහල් සායනික අපද්‍රව්‍ය සේම නොදිරන අපද්‍රව්‍ය රැසක්ද තිබී ඇත.
එසේම මෙම අධික දුගඳක් ඇති කසළ තොග ඉඩමේ හිමිකරුවන් විසින් කම්කරුවන් යොදවමින් පොල් ගස් වටා තෙතමනය රඳවා ගැනීමේ අරමුණින් විවෘතව මුදාහැර ඇත.
එසේම මෙම හඳුනා නොගත් අපද්‍රව්‍ය තොගය ඉඩමේ පොල්ගස් වටා දැමීමට යොදාගෙන තිබූ කම්කරුවන් කිසිඳු සනීපාරක්ෂක ක්‍රමවේදයන් අනුගමනය නොකරමින් සේවයේ යෙදෙන ආකාරයක් දක්නට ලැබුණි.
ජනතාව එල්ල කර තිබූ විරෝධතා හේතුවෙන් අදාල කසල තොගය රැගෙන ආ ස්ථානයටම නැවත රැගෙන ගොස් බැහැර කිරීමට මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා මෙම ඉඩමේ හිමිකරුවන්ට දන්වා තිබේ.
(ඡායාරූප - පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ)
(ඡායාරූප - පුත්තලම එච්.චන්දන)
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මහජන සෞඛ්‍ය පරික්ෂක අනුමැතියෙන් කසල ඉවත් කිරීමට නියෝග