මෙලොව උපදින ඕනෑම මිනිසෙකුට බලාපොරොත්තුවක් ඇත. විටෙක නැගිටීමට හේතුවක් වනු ඇත. බලාපොරොත්තු පෙණ පිටක් සේ වුවත් පිරිසිදු අරමුණක් වී බලාපොරොත්තුව අධිෂ්ඨානය කර ගැනීමට සිත ශක්තිමත් කරගත යුතුය. මාගේ එකම අරමුණ නොනැවතී ගමන් ගන්නා වූ සංසාර ගමනින් මිඳීමයි. එය නම් නිර්වානයයි.
බෞද්ධයන් වන අපගේ එකම අරමුණ විය යුතු යුත්තේ නිවන මඟ මඟ පසක් කර ගැනීමයි. ඒ සඳහා දැනගත යුතු දෙය කළ යුතු මෙය බොහෝය. මරණ දැන්වීමක ”නිවන් සැප ලැබේවා.” කියා තිබූ පමණින් නිවන් මඟ යා නොහැකිය. බෞද්ධ යනු බුද්ධිමත් (දැනගත්) යන්නයි. දැනගත් පමණින් බුද්ධිමතකු වන්නේ නැත. දැනගත් දේ අවබෝධ කරගත යුතුය. පිළිපැදිය යුතුය. ඔහු හෝ ඇය බෞද්ධයෙකි. උගතෙක් වූ පමණින් බුද්ධමතකු වන්නේ නැත. බෞද්ධයෙකු වීමට අපට වාසනාව පෑදුනේ කොහොමද? පෙර ආත්මයක කල කුසල් බලයක් හේතුවෙන් නිරෝගි කයක් (ශරීරයක්) ඇතිව ඉපදීමත් නිවැරදි දේ දැනගෙන අවබෝධ කර ගැනීමට හැකි සිතක් ලැබීමත්, සාර්ථක ජීවිතයක් ගත කිරීමට උදව් උපකාර කළ හැකි පින්බර මවක් සහ පියෙක් ලැබීමත් නිවැරදි ගමන් මඟක යාමට බුදුවරයෙකු පහළ වූ කාලයක උන්වහන්සේ ජීවමානව වැඩ සිටිනා සේ ශ්‍රී සද්ධර්මය පවතින රටක ඉපදීම බෞද්ධයකු වීමට හේතුවයි. බෞද්ධයකු වූ අපගේ අරමුණ නිර්වාණය කරා යාම නම්, නිර්වාණය යනු ඉපදීම නැවත්වීමයි. දුකට හේතුව ඉපදීම නිසා වූ හෙයින් එය නැතිකර ගැනීමේ මාර්ගය සොයා 2014 මාර්තු 28 වන දින මාගේ 55 වන උපන් දිනයේදී ගිහි ජීවිතයෙන් මිදී පැවිදි වූයේ ස්වාමි පුරුෂයකු සතු පියෙකු සතු සියලූ වගකීම් යුතුකම් ඉටුකර අවසන් නිසා නමට බෞද්ධයෙකු වී පලක් නැති බව සිතුන නිසාය. ගිහිව සිටි කාලයේත් දහම් කටයුතුවල නිරත වු මාගේ අරමුණ වූයේ පැවිදිව මා කළ යුත්තේ ද මා නිවන් මඟ දැන ගන්න ගමන් මාගේ දැනුම අන් අයටද කියා දි අන් අයවද මේ සසර දුකින් අත්මුදවා ගැනීමය. දින සති මාස ගණන් වලට මාගේ පැවිදි ගමන ඉදිරියට යද්දි මා හට සිතුනේ දුශ්ශීලව ගත කරන චීවරධාරියෙකුට කලින් මස්කඩ මුදලාලි කෙනෙකුට නිවන් දැකිය හැකි බවයි. අහිංසක සතෙකුගේ ජීවිතයක් නැතිකර එය විකුණාගෙන ජීවත්වන මිනිසෙකුට වඩා අප ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ ශ්‍රී නාමයටත් නිර්මල අකාලික ශ්‍රී සද්ධර්මයටත් මුළු සතය පරපුරටමත් නිගා කරමින් අපහාස කරමින් තමන්ගේ කායික මානසික පහත් ආශාවන් ඉටුකර ගනිමින් වංචනිකව අහිංසක මිනිසුන් මුලාවේ දමමින් කරන අපරාධය, පාපය පෙර කි සත්ව ඝාතකයාට වඩා කල්ප ගණනාවක් නරකාදියේ ඉපදීමට කර ගන්නා පාප කර්මයක් බව සිතුනි. නිරයේ කල්ප ගණනාවක් දුක් විඳ මිනිස් ආත්මයක් ලැබුවත් එය ලැබෙන්නේ කල පාපකර්මය විඳවා මරණය සිදුවීමය. (මා මේ කියන දෙය සියලූම ආගම්වල දුශ්ශීල පූජ්‍ය යැයි කියන අය සඳහාය) මාස 07 ක් වැනි කාලයක් තුළ චීවරදාරියෙකුට නුසුදුස කි්රයාවන් දකිමින් අපායකින් මිදීමට තවත් අපායකට ආ බව සිතුන වාර අනන්තය. රටේ රජවරු පවා වැඳ නමස්කාර කරන වැරදි චීවරධාරින් විටෙක පියවරුන්ය. සීනි තේ කොළ පිරිකර වෙළෙඳුන්ය. ඉඩම් හිමියන්ය. වාහන වෙළඳුන්ය. ආදරවන්තයින්ය. වංචාකාර සම්මාදන්කරුවන්ය. වශී ගුරුකම් පැන්නුම් කරන අයය. මංකොල්ලකරුවන්ය. ස්තී‍්‍ර දූෂකයින්ය. ළමා අපචාරකයින්ය. මාධ්‍යයෙන් ලොවම දකින ආකාරයට පූජනීය කියූ වැදගත් උසස් යැයි කියූ හිමිවරු පාතාලයින් වගේය. සිවුරෙන් ඇඳලා අරගෙන බෙල්ල මිරිකන අවස්ථාද, පොලූ ගල් අරගෙන දේපල කුඩු කරන අවස්ථාද රජයේ වැදගත් ස්තානවලට ගොස් එම උසස් නිලධාරින් ගරු බුහුමන් කරද්දි අශෝබල ලෙස හැසිරෙමින්ද, පාතාල සංවිධාන මෙන් රටට ජාතියට ආගමට ලෙන්ගතුකමක් නැති දේශපාලූවන්ගේ අවශ්‍යතාවයන් ඉටු කිරීමට වංචනික ලෙස බොදු නම සඳහන් කරගෙන පෙනී සිටීමෙන්ද ආරක්ෂාවට ගස් උඩ නගිමින්, නුසුදුසු ආකාරයට උද්ඝෝෂණවලට සහභාගි වෙමින් පොලිස් බැටන් පොලූ පහරවලට ලක් වෙමින් සිදු කරන්නේ අනුගමනය කරන්නේ බුදු දහමේ න්‍යායට අනුවද මෙවැනි පාපකාරී දුශ්ශීල කි‍්‍රයාවල යෙදෙන්නේ හොඳ නරක කියා දීමට සිටිනා මිනිසුන් වන්දනීයැයි පූජනීයැයි කියන අය නොවේද? දුක නැතිකර ගැනීමේ මාර්ගය කියා දෙන්නේ. අනුකම්පාව, කරුණාව, දයාව පෙර දැඩි වූ බුදු දහම තුළින් අසරණ බෞද්ධයින්ගේ දුක නිවන්නේ මේ ආකාරයටද? අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ සැමට සෙත සැලසෙන ධර්ම දේශනාවක්, පිරිත් දේශනාවක් කළේ ගමන් වියදම් යැයි කියා බිල්පතක් කඩලාද?
මා හිතන විදිහට මෙවැනි දේ සිදු වීමටද ඉඩදී අප නායක ස්වාමීන් වහන්සේලා නිහඬව සිටීමට හේතු කීපයක් ඇත. මේ පළමු එකනම් ධම්ම පදයේ මුල් ගාථාවේ තේරුම සත්‍ය නිසාද,දෙවෙනි යකඩය නැතිවීමට හේතුව යකඩයෙන්ම ඇතිවන මළකඩ නිසාද, තෙවැනුව නායක ස්වාමින් වහන්සේලාට වඩා බල පුළුවන්කාර කමක් දේශපාලූවන්ගේ අවශ්‍යතාවයන් ඉටුකරන දුශ්ශීල චීවරධාරින්ට ඇති නිසා කළුගලේ ඔළුව ගසා ගන්නේ නැතිව ලැබෙන දේ වළඳා වෙන දේ නොදැක්කා සේ සිටීමද, මාගේ මේ අදහස් ශීලවන්ත හිමිවරුන්ගේ කෝපයට හේතුවක් නොවන බව සිතමි. එයට හේතුව නම් වැරදි දේ වැරදි ලෙසත් නිවැරදි දේ නිවැරදි ලෙසත් තේරුම් ගැනීමට හැකි බුද්ධිමත් ශීලවන්තකම නිසාය.
මේ හේතූන් නිසා, පැවිදි දී බුදු දහම වෙනුවෙන් විශාල දෙයක් කිරීමට හැකියාව ලැබේ යැයි සිතුවත් පැවිදි ජීවිතය පටන් ගත් තැන සිටම ඇතිවූ කලකිරීම මාද මේ පාප කි‍්‍රයාවලට සුළුවෙන් හෝ සම්මාදන් වෙන බව දැනිණි. රැකියාව වශයෙන් හමුදා ජීවිතයක් අවුරුදු 22 ක් ගත කළ මා හට පැවිදිව සිටි කාලයේදි වැරදි දේ දැකීමෙන් ඉවසීම සීමාවන අවස්ථා උදා විය. නිවන් මඟ සොයා පැමිණි මා වැරදි මාර්ගයකට අවතීර්ණ වන බව දැනුණු අතර නිවන් මඟ යාමට ගිහි පැවිදි භේදයක් නොමැති බවත් මහණකමහෝ උපාසකකම ඇත්තේ කහ සිවුරේවත් සුදු ඇඳුමේවත් නොව පිරිසිදු යහපත් ගුණගරුක නම්‍යශීලි බුද්ධිමත් හදවතක් තුළ බවය. නිවන් යාමටවත් බුදු දහම දන්නා තරමින් කියා දීමටවත් උපවැදි වීම බාධාවක් නොවන නිසා 2014 ඔක්තෝබර් මස පැවිදි ජීවිතයෙන් ඉවත් විය.
”ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරි” හිරු සඳු නොනැවතී බැබලෙනවා සේම මේ වචන විශ්වයේ බැබලෙමින් ප්රතාහාර්ය පාන බව නමස්කාර පූර්වකව සිහිපත් කළ යුතුය. මීට වසර 2600 ගානට ප්‍රථම අප බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ලෝකය විනාශ වන අවසාන කාලය වන විට බුදු දහම බැබළෙමින් පවතින්නේ ලංකාද්වීපයේ බවයි. ඒ බව ශ්‍රී ලංකා වාසින්ට සනාත වූයේ මීට වසර ගණනාවකට පෙර සිදුවූ සුනාමියයි. එක බුදුපිළිම වහන්සේ නමක්වත් නොසෙල්වී තිබුණ බව බෞද්ධයින් වන අප ගෞරවයෙන් මතක් කළයුතුය. වනවාසි භික්ෂුන් වහන්සේලා බුදු දහමට අනුකූලව ජීවත් වන බවද සඳහන් කරන්නේ බුදු දහමේ වටිනාකම ගෞරවයෙන් පිළිබදින ගරුතර යැයි කිව හැකි පිරිසක් සිටින බවද ශාසනා ලැදිව සඳහන් කරමින් අනාගතයේදී රහතන් වහන්සේලා ශ්‍රී ලංකා භූමියේදී ලොවටම දකින්නට හැකි වේවි.
මාගේ උපවැදි වීමේ ලිපිය බාර දීමට ගිය අවස්ථාවේදී බුද්ද ශාසන අමාත්‍යාංශයේ සිටි හිමිනම මාගෙන් ඇසුවේ උපවැදි වීමට හේතුව කුමක්ද කියාය. මා පැවිදි වූයේ බුදු දහම තුළින් නිවරදි දෙයක් කිරීමට මිස රැකියාව නැති අඩුපාඩුව සම්පූර්ණ කරගැනීමට නොවන බව මාගේ පිළිතුර විය. පිළිතුර එසේ වන විට උන්වහන්සේ පැවසුවේ හැම තැනම එක වගේ නැති බවය. නමුත්, මා හට නිසි තැනක් හමුවූයේ නැත. දුටුවේ නැත. අවසානයේදි පෙර කී වචනය සනාථ කරමින් ගෞරවණීය හිමිනමක් දුටුවේය. උන්වහන්සේ මාව පිළිගත් ආකාරය, කතා කළ ආකාරය, හැසිරුණ ආකාරය ඉතාම විනීතය. ශීලවන්තය, ඒ රාමඤ්ඤ නිකායේ මහානායක හිමිවන ගෞරවණීය නාපාන පේමසර හිමිපාණන්ය. වන සිවුපාවුන් මැද දේවි දේවතාවන් සිටින බව දැනුණි.
සියලූ දේ අතහැර නිර්වාණය ශාක්සාත් කර ගැනීමට කසාවත් ඉල් පාවිදි වන අය දුශ්ශීල වන්නේ මා මාතෘකාවෙන් කියූ පරිදි තමන්ගේ අවශ්‍යතාවයන් ඉටුකර ගැනීම සඳහා සිත මහණ නොකොට ගත පමණක් මහණ කිරීම නිසාය. වර්තමානයේ වැඩි පිරිසක් මේ ගමනට අවතීරණ වන්නේ දුගි දුප්පත්කම මඟ හරවා ගැනීමට සුදුසුකම් අවශ්‍ය නැති ලාභ ලැබිය හැකි රැකියාවක් ලෙසය. උසස් අධ්‍යාපනයක් කරා යාමට සිතාය. (උපාධිය ගත් පසු සිවුර බණ මඩුවේ මුල්ලකය.) ඥාති සම්බන්ධතාවය අනුව දේපල හිමිකම් බාර ගැනීමටය. වයසට ගොස් අසරණ වූවාට පසුවය. තවත් අභිමතාර්ථයන් මත පැවිදි වන අය ඇත. ”සබ්බ දුක්ක නිස්සරණ නිබ්බාන සච්ජිකරනන්තාය” යන පාඨයේ තේරුම පිළිපැදීමට පැවිදි වන අය නැතුවාම නොව දුර්ලභය. පැවිද වූවාට පසු මහණකමේ පිළිවෙත් ආරක්ෂා කළ යුතුය. එයට ලොකු කුඩා භේදයක් නොකොට ගත යුතුය. රාහුල පොඩි හාමුදුරුවෝ බුදු හාමුදුරුවන් සමඟ කාලය ගත කරන වේලාවක වැසිකිළි වලක නිදා ගත්තේ පැවිදි වූවාට පස් සාමනේර නමක් මිස ඥාති සම්බන්ධතාවයක් නොදැනුන නිසාය. එයයි අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ සසුනේ ආරක්ෂාව ගෞරවය විනීත බව කියාදුන් ආකාරය. වර්තමානයේ පොඩි හාමුදුරුවෝ (සැම ම නොවේ) ලොකු හාමුදුරුවන්ගේ හුරතලාය. නොතේරෙන මේ පොඩි අය සිවුර බිම දමා ගස් නගිති. හැංගි මුත්තං කරති. කි‍්‍රකට් ගසති. ප්‍රශ්නයක් වූ විට ඔළු පලා ගනිති. දානය ගන්නා විට මාළු කෑල්ලේ කටු ඇරදීමට ලොකු හාමුදුරුවන්ට සිදුවන අවස්ථා ඇත. රාති‍්‍රයේදී සැතපෙන විට ටෙඩිබෙයා අවශ්‍යය. නොතේරෙන වයසකදී කියා දුන්නත් තේරුම් ගැනීමට නොහැකි පොඩි ළමයෙකු මහණ කිරීම හාස්‍යයට ලක්ව අවස්ථා ඇත. සුදුසු කාලය පැමිණෙන තුරු පිරිවෙන් අධ්‍යාපනය ලබමින් සසුනේ පිළිවෙත් දැන ගනිමින් ගුරු ගෞරවය රැුක ගැනීමට හැකි ස්වාමීන් වහන්සේ නමක් යටතේ ගිහියෙකු වශයෙන් විහාරස්ථානයේ සිට පසුව මහණ කළ යුතුය. හාමුදුරුවන්ගේ අඩුව පිරිමැසීමට අන්ධයෝ ගොළුවෝ කොරු අබ්බගාතයෝ මෝඩයෝ පැවිදි නොකළ යුතුය. නිසි පිලිවෙත බුදු දහමේ පැහිදිලිව කියා ඇත. එසේ නොවන විට සිදුවන්නේ ”පෑදි දියට බොර දිය එක්කළා සේ” ය. අප බුදු රජාණන් වහන්සේගේ කාලයේත් මීට අවුරුදු 75 කට පමණ පෙර කාලයේත් පැවිදි අයෙකුගේ ශාන්ත බව සංවර බව නිහතමානී බව ගෞරවයක් ලැබිය යුතු හිමි නමක් බව ඇසින් දැක ගැනීමට හැකි වූ නිසා කුඩා භේදයක් නොවීය. වර්තමානයේ පිරිසක් බුදු දහමේ ගෞරවය කෙලෙසන නිසා කල්පනාකාරි විය යුතුය. නැතහොත් සිදුවන්නේ තවත් අසංවර දුශ්ශීලයින් පිරිසක් බිහි වීමය.
මේ සියල්ලටම විසඳුම මා උපවැදි වීමද මා මාගෙන්ම ඇසුවෙමි. නැත. මෙම කි‍්‍රයාවලිය නිවැරදි කිරීමට උත්සාහ කළ යුතුය. මෙම නිවැරදි කිරීමට බැරි වුවත් අපවත් නිවැරදි වීමට උත්සාහ ගත යුතුය. එයට අවශ්‍ය වන්නේ බුදු දහම පිළිබඳ විශ්වාසයයි. මෙතෙක් මා සමඟ සිටි සියලූම දෙනාට මම ආරාධනා කරන්නේ ඇති හැකි අය එකතු වුවොත් නැති බැරි අසරණයින්ට පිහිට වීමට හැකි නිසා අඩුම තරමේ පන්සිල් පද පහේ තේරුම දැනගෙන ජීවත් වීමට මිනිසුන් පිරිසක් බිහි කළ යුතු බවයි. මෙයට අවශ්‍ය වන්නේ මුදලට වඩා දැනුමයි. කීප දෙනෙකුගේ දැනුම තව පිරිසක් දැනුවත් කිරිමට හැකිවනු ඇත. ගිහියෙකුව සිටි කාලයේත් පැවිදිව සිටි කාලයේත් මා සමඟ එකතු වී සිදුකළ ශාසනික හා සමාජීය කටයුතු මින් ඉදිරියටත් කරගෙන යාම මාගේ බලාපොරොත්තුවයි. ඒ නිසා මගේ ධර්ම සාකච්ඡා වලට, ධර්ම දේශනාවලට, දවස පුරා කළ භාවනා වැඩසටහන්වලට, දන්දීම්, පොදු සමාජ සේවාවන් වලට උදව් උපකාර වුත්. අන්තර්ජාලය ඔස්සේ මාගේ දහම් පති‍්‍රකා කියවූ සියලූම පිංවතුන්ට මා සමඟ එකතු වී මේ අප ලබාපු දුර්ලභ මිනිස් ආත්මය තුළින්ම අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කළ පරිදි දුක නැතිකර ගැනීමේ මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය ඉගෙන, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන, නිර්වානය සාක්සාත් කරගැනීමට තුණුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා යන්න මාගේ මතු ප්‍රාර්ථනාව බව ශාසනාලැදිව ප්‍රකාශ කර සිටිමි.
මා මේ ලිපිය ඉදිරිපත් කරන්නේ මා පිළිබඳව දැන සිටින ශ්රාවකයින්ට මා උපවැදි වූ බවත් එයට හේතුවත් දැනුම් දීමත් පිරිසිදු නිර්මල බුදු දහම වෙනුවෙන් ඉදිරියටත් ඇපකැප වී සිටින බව ශාසන ළැදිව දැනුම් දීමටයි.
සෝමතිලක හෙට්ටිආරච්චි
(පැවිදිව සිටි කුලියාපිටියේ ධම්ම ගවේෂි හිමි)
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘මහණ කළ යුත්තේ සිතයි : ගත නොවේ‘