(රවින්ද්‍ර විරාජ් අබයසිරි)
මාතලේ විල්ගමුව ප්‍රදේශයේ මහවැලි ගඟ දෙපස සිදු වෙමින් පවතින වැලි ජාවාරම පිළිබඳව වසර තුනක් තිස්සේ කතා කළද ඒ පිළිබඳ වගකිව යුත්තන් කටයුතු නොකිරීමේ ප්‍රතිවිපක දැන් අත්දැකිමට සිදු වී තිබෙනවා ඒ නිසා දැන්වත් මේ පිළිබද තිරණයක් ගතයුතුයැයි පාර්ලිමේන්තු මන්ත්‍රිනි (එජප) රෝහිණි කවිරත්න මහත්මිය පැවසුවාය.
වැලි ගොඩදැමීම හේතුවෙන් විල්ගමුව නිපොන් පාලම විනාශවීමේ අවධානම් තත්වය පිළිබඳ මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී අමාත්‍යවරිය මෙ අදහස් පළ කළාය.
මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක හා පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් අලුවිහාරේ මහතාගේ සම සභාපතිත්වයෙන් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී රැස්වීම පැවැත්විණි.
වැඩිදුර අදහස් දැක්වු අමාත්‍යවරිය
විල්ගමුවේ සියළු ග්‍රාමනිළධාරී මහතාගේ සිට සියළුම රාජ්‍ය නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ නම් වලට වැලි ගොඩ දැමිමේ බලපත්‍ර තියනවා. ඒ වගේම අනෙක් බලපත්‍ර ටික පිට පළාත්වල අයටයි තියෙන්නේ . මොවුන් ඉවක් බවක් නැතිව බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් වැලි ගොඩ දැමිමෙන් සිදුවන හානිය පළිබද කොතෙක් කතා කළත් වැඩක්වුණේ නෑ.දැන් විශාල විනාශයක් අත ළගට ඇවිත් තියනවා මේ හේතුවෙන් ලිංවල වතුර මට්ටත් අඩුවෙළා. ඉදිරියේදී බලපත්‍ර ලබාදිමේදී සංවර්ධන කමිටුවේ අනුමැතියට යටත්ව කටයුතු කළ යුතුයි.‘
විල්ගමුව මහවැලි ගගේ මීටර් 500කින් එහා වැලි සංචිත අවසන් වී තිබෙන්නේ වැලි ගොඩ දැමිමේ බලපත්‍ර 220ක් ලබා දී තිබුණා. ක්‍රමයෙන් බලපත් ලබාදීම අඩුකර එය 102දක්වා අඩුකර තිබෙනවා. මාධ්‍ය තුළින් මෙහි නිපොන් පාලම අවට තත්වය පිළිබද කරණ ලද අනාවරණයෙන් පසු සිදු කරණ ලද ක්ෂේත්‍ර පරික්ෂණයෙන් අනතුරුව පාලමේ සිට මිටර් 500ක් දක්වා වැලි ගොඩ දැමීම තහනම් කර ඇති බව පතල් හා භුවිද්‍ය දෙපාර්තමේන්තු ක්ෂේත්‍ර සහකාර විල්ගමුව උපකාර්යාල ස්ථානභාර නිළධාරි බුද්ධික විකුමරත්න මහතා ද අදහස් දක්වමින් පැවසුවේය.
මෙම අවස්ථාවට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍ය බන්දුල යාලේග, පළාත් සභා මන්ත්‍රිවරුන්වන එම් ඩබ්ලිව් යසමාන හා මොහෝමඩ් ඉබ්‍රහිම් යන මහතවරු හා මාතලේ මහදිසාපති ඩි පි ජි කුමාරසිරි මහතා ඇතුළු රාජ්‍ය නිළධාරින් රැසක් සහභාගී වුහ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘මහවැලි ගඟ දෙපස වැලි ගොඩ දැමීම නතර කිරීමට පියවර ගන්නවා‘