ප්‍රංශයේ පිරණීස් කඳු පාමුල ස්පාඤ්ඤ දේශ සීමාව ආසන්නයේ "මොන් ද මර්සැන්" පිවිතුරු ගම්මානයකි. ප්‍රංශ ගුවන් හමුදාවේ එක් කඳවුරක් මෙහි පිහිටීම නිසා මුළු රටටම මෙම නගරය වැදගත්ය. "බොර්ඩෝ" ප්‍රාන්තයට අයත් මෙම නගරයේ ප්‍රංශ ජාතිකයන් 26 දෙනෙකුගේ සහභාගීත්වයෙන් විපස්සනා භාවනා සති අන්තයක් පසුගිය දා සිදු කැරිණි. ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ ආචාර්ය තවලම ධම්මික හිමියන් හා හල්විටිගල සුජාත හිමියන් මෙම වැඩසටහන මෙහෙයවනු ලැබූහ.
සතර ඉරියව්වලින් කය මෙහෙයමින් පවත්වන මෙම භාවනා පුහුණුව හා උපදේශන බොහෝ දෙනෙකුට ජීවිතයට අනුස්මරණීය අත්දැකීමක් එක් කළ බව අපමණ ප්‍රිතියෙන් යුතුව සිහිපත් කළහ.
මේ අතර ස්විට්සර්ලන්තයේ සාන්ත සර්ග් කඳු මුදුන යුරෝපයේ සුප්‍රකට ජූරා කඳු පද්ධතියෙහි දකුණු සීමාවයි. එහි ඉතාම දර්ශනීය කඳු ගම්මානයක් වන මොන්තරෙට් හි දී දින තුනක විපස්සනා භාවනා වැඩසටහනක් ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරය විසින් පසුගියදා සංවිධානය කෙරිණි.
ස්විස් ජාතිකයන් හා ආසියාතික බෞද්ධයන් සහභාගී වුණු මෙම වැඩ සටහනට සමගාමීව එම බිමෙහි ශීත හා උණුසුම් කාල ගුණයන්ට යෝග්‍ය විශේෂ පැළෑටියක් රෝපණය කිරීම ද සිදු කෙරිණ.
එය භාවනා සිතක් හා ස්වභාව ධර්මය තුළ පැවතිය යුතු අනුයෝජනීය සම්බන්ධතාවය සංකේතවත් කරණ ප්‍රබල අත්දැකීමක් ලෙස සැමගේ අවධානයට ලක්විණි. නිව්ශතෙල් නගරයේ මන්ජු, වාසනා, ප්‍රේමා මහත්ම මහත්මීන් ද ජිනීවාහි සමන්ත, දිමුතු, ලලිත්, සමන්ති හා බණ්ඩාර මහත්ම මහත්මීන් ද වන්දනා ගමනක අත්දැකීම මෙම රටෙහිදී විඳිමින් බොහෝ දුර බැහැර සිට පැමිණෙමින් මහා සංඝ රත්නයට හා භාවනා කළ යෝගාවචරයන්ට දානය පිළිගැන්වීම ද විශේෂයක් වීය.
ජිනීවා විහාරයේ ආචාර්ය තවලම ධම්මික නාහිමි, හල්විටිගල සුජාත හිමි හා ස්විස් ජාතික ලක්ඛණ හිමි මෙම වැඩසටහන මෙහෙය වූහ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
යුරෝපයේ විපස්සනා භාවනා වැඩ සටහන්