
(අධිකාරි මුදියන්සේ)
ලක්ෂ දෙකකට අධික වටිනාකමින් යුතු කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අද(11) අත්අඩංගුවට ගත් බව පොල්ගහවෙල පොලිසිය පවසයි.
මෙම සැකකරුවන් දෙදෙනා කෑගල්ල අඹන්පිටිය හා අටුගොඩ ප්‍රදේශයේ පදිංචි 49 හා 59 හැවිරිදි පුද්ගලයන් ය.
යාපනයේ සිට කොළඹ කොටුව බලා ධාවනය වන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේ මෙම සැකකරුවන් දෙදෙනා පැමිණ පොල්ගහවෙල දුම්රිය ස්ථානයෙන් බැස යන අවස්ථාවේ දී කේරළ ගංජා තොගය සමග අත්අඩංගුවට ගෙන ඇත.
එක් සැකකරුවෙකු සන්තකයේ කේරළ ගංජා කිලෝවක් සහ ග්‍රෑම් 235ක් හා අනෙක් සැකකරු සන්තකයේ ග්‍රෑම් 280ක් තිබී ඇති අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ දෙකකට ආසන්න බවත් ඔවුන් කලක පටන් කෑගල්ල ප්‍රදේශයට කේරළ ගංජා ගෙනවිත් අලෙවි කර ඇති බවත් පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හා කේරළ ගංජා තොගය හෙට(12) පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
785
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
579
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලක්ෂ දෙකක කේරළ ගංජා සමඟ දෙදෙනෙකු දැලේ