‘කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ... පිරිපුන් මිනිසුන් වැඩුනේ බලයෙන් ඈගේ... එපා එපා මස් කන්නට කිරි අම්මාගේ‘ යන ගීතය 70 දශකයේ කා අතරත් හද බැදගත් ගීතයකි. මහින්ද සිල්වා මහතාගේ පද වැලක් ගීයට නැගුවේ එකල ජනප්‍රිය බයිලා ගායකයෙකු වූ නිහාල් නෙල්සන් විසිනි. ඉහත ගීය ගැයීමෙන් පසු තමන් මස් මාංශ කෑම අත් හැරිය බව නිහාල් නෙල්සන් එදා කීවේය. අදටත් ඔහු එම ප්‍රතිපත්තිය අකුරට පිළිපදිමින් ශ්‍රීලාංකික රසිකයන් බයිලා ගීතයෙන් කුල්මත් කරවීමට සමත්ව ඇත්තේය.
නිහාල් නෙල්සන් බොහෝ නිහැඬියාවකින් පසු යුරෝපා සංචාරයකට එක් වෙමින් පසුගියදා පැරීසියේ ප‍්‍රසංඟයකට සහභාගී විය. පැරීසියට පැමිණි නිහාල් නෙල්සන් එහිදී පුවත් පත් සාකච්ඡාවකටද එක් විය.
ප්රශ්නය:
ඔබ බොහෝ කලකට පසුවයි මෙවැනි යුරෝපා සංචාරයකට එක් වන්නේ. පැරීසිය යනු ලෝක ප්‍රසිද්ධ කලාගාරයක් ලෙස හඳුන්වනවා. ලෝක ප්‍රසිද්ධ ගායක ගායිකාවෝ සෑම සති අන්තයකම පැරීසියේ ප්රංසංඟ වේදිකාවේ ගී ගයනවා. ශ්‍රීලංකාවේ අසහාය ගායක නිහාල් නෙල්සනුත් පැරීසියේ ගී ගයනවා. ඔබට ඒ ගැන මොනවද හිතෙන්නේ ?
පිළිතුර:
ගායකයෝ, වාදකයෝ, නළුවෝ, නිළියෝ ආදි ලෙස ඔවුන්ගේ හැකියාවන් තුල ඉහළටම නගින්නයි. ඕනෑම කලාකරුවෙකුගේ එකම අධිෂ්ඨානය හා සිහිනය. මමත් එහෙමයි. මගේ කලා ජීවිතයේ ආරම්භය සමඟම එදා බොහෝ රසිකයන් මගේ ගීත අසමින් ප්රසංඟ නරඹමින් මාව ධෛර්යමත් කළා. මගේ ගීත අසපු රසිකයෝ පාසලෙන් ගමට ගියා. ගමෙන් නගරයටත් නගරයෙන් රටටත් ගියා. මේ අයුරින් ඉතාමත් දුෂ්කර ගමනකින් පසු ශ්‍රී ලංකාවේ රසිකයන් අතර ජනප්‍රිය ගායකයෙක් ලෙස මට යම් ප්‍රසිද්ධියක් ලැබුනා. ඒ අතරතුර තමයි වීදේශ සංචාර සඳහා ඇරයුම් ලැබෙන්නේ. ඒක ලොකු වාසනාවක්. ඒ ගැන මම ගොඩක් සතුටු වෙනවා. මීට අවුරුදු 30 කට පමණ පෙර ප්රසංඟ වලට සහභාගි වීමට මම ප්‍රංශයට පැමිණ තිබෙනවා. අපි දැන් වයෝවෘද්ධ ගායකයෝ. නමුත් අදටත් අපේ ගීත අසමින් රස විඳින රසිකයෝ ලෝකයේ හැම තැනම ඉන්නවා. ප්රංශයෙත් ඉන්නවා. ඇත්ත පැරීසිය සුන්දර නගරයක්. කලාවට සංගීතයට සුප්‍රසිද්ධ නගරයක්. ලෝක ප්‍රසිද්ධ ගායක ගායිකාවෝ පැරීසියට යනවා එනවා. ඒ අතරට මටත් පැරීසියට පැමිණ ප‍්‍රසංඟයකට සහභාගි වීමට ලැබීම ගැනත් මම හුදෙක්ම සන්තෝෂ වන අතරම ඒ අවස්ථාව ලබා දුන් ප්‍රංශයේ ආසියාතික කලා සංසදයට හා එහි නිලධාරීන්ටත්, සභාපති විමල් බණ්ඩාර මහතාටත් බෙහෙවින් ස්තුතිය පුද කරනවා.
ප්රශ්නය:
නිහාල් අයියා 1963 සිට මේ දක්වා ශ්‍රීලංකා සංගීත ක්ෂේත්රයේ අමරණීය නමක් දිනූ අසහාය ගායකයෙක්. එදා මෙදා තුර ඔබගේ කලා ජීවිතය විස්තර කරන්නේ කෙසේද?
පිළිතුර:
1963 මාර්තු මස31 වැනිදා දහවල් 11.20 ට කරු අයියා (කරුණාරත්න අබේසේකර) විසින් ශ්‍රී ලංකා ගුවන් විදුලිය හරහා මාව හදුන්වා දෙමින් මෙන්න මෙහෙම කිව්වා. ‘මම අද හදුන්වා දීමට යන්නේ නියම මල් වෙඩිල්ලක්. හොඳ ලස්සන මල් වෙඩිල්ලක්. මල් වෙඩි පත්තු කළාම ඒවා උඩට ගිහින් විසිතුරු පාට වලින් අහස අලංකාර කොට නිවිලා යනවා. නමුත් මේ මල් වෙඩිල්ල එහෙම නිවිලා යන මල් වෙඩිල්ලක් නොවේ. එසේ නොවේවා කියා අපි පතමු‘
ඒ මගේ ගීත දිවියේ ආගමනයයි. ‘ලස්සනට පිපුණු වන මල් ගල් පීරන දියවැල්‘ යන ගීතය එදා මම ප්‍රථම වරට ගායනා කළා. ඒ එදා කරු අයියගේ දැක්ම. ඒ වගේ සොඳුරු මිනිසුන් හොයා ගන්න හරිම අමාරුයි. අදටත් මම ඔහුට ගෞරව කරනවා. එදා හඳුන්වා දුන් නිහාල් නෙල්සන් 5000 කට ආසන්න ගීත ගායනා කරමින් ජීවන ගමනේ මේ දක්වා ඇවිත් තිබෙනවා. ඔබලා පවා නිහාල් නෙල්සන් නැමැති ගායකයාව අඳුරන්නේ, ආදරය කරන්නේ ඒ නිසයි. එය මට ලොකු සතුටක්.
ප්රශ්නය:
60, 70, 80 දශකයන් ඔබලාගේ සංගීත වර්ෂයන් ලෙස හැදින්වීම වුවද වරදක් නොවේ. එදා සහ අද සංගීත ක්ෂේත්රයේ හොඳ නරක ගුණ අගුණ සසඳන්නේ කෙසේද?
පිළිතුර:
කාලෝචිතවූ සියලූ දේවල් වෙනස් වෙනවා. වෙනස් වන නවීන ලෝකයේ සියලූම දේවල් වෙනස් වෙනවා. සංගීතයත් එසේමයි. අද නවීන තාක්ෂණය හේතු කොට දියුණු පරිසරයක් ඇතිවී තිබෙනවා. ඊට සාපේක්ෂකව සංගීතයත් දියුණු වෙලා තිබෙනවා. එසේ වුවද සාර ධර්ම කියන ඒවා වෙනස් වෙන්නේ නැහැ. හොඳ සාර ධර්ම ඇතුලත් පරිසරයක් අපට හිමිවී තිබෙනවා. එහි හොඳ නරක ලෙස දෙකක් තිබෙනවා. හොඳ සාර ධර්ම ආරක්ෂා කර ගනිමින් යම් කෙනෙක් නිවැරදි ගමනක් යනවා නම් තම හැකියාවන් මගින් රැකියාවක් ලබා ගෙන හොඳ ජීවිතයක් ගත කළ හැකි වෙනවා. අපි කවුරුත් බලාපොරොත්තු වන්නේ එයයි. නමුත් හොඳ සාර ධර්ම ආරක්ෂා කරන උදවිය වගේම නොකරන අයත් ඉන්නවා. එදා වගේම අදටත් ශ්‍රී ලාංකික සංගීත කලාව හොඳ තත්වයක පවතිනවා. අතීතයක් නොමැතිව වර්තමානයක් හදන්නත් බැහැ. වර්තමානයක් නොමැතිව අනාගතයට යන්නත් බැහැ පිරිසිදු සාරධර්ම සමඟ වර්තමානය ගොඩ නැගුවොත් හොඳ අනාගතයක් ලබා ගන්න හැකිවේවි. එසේ නොවුනොත් වර්තමානයේම හුදෙකලා වේවී. ඉහත ධර්මතාවයන් ආරක්ෂා කරමින් ඉදිරියට යන ඕනෑම කෙනෙකුට හොඳ අනාගතයක් ලැබේවි. කලාකරුවාටත් එම සූත්‍රය වලංගු වෙනවා.
ප්රශ්නය:
80 දශකය වන විට ඔබ ශ්‍රී ලංකා සංගීත ක්ෂේත්රයේ පෙරමුණ ගත් ප්‍රසිද්ධ බයිලා ගායකයෙක්. ඔබ සිය ගණනක් ගී තැටි එළිදැක්වූ ගායකයෙක්. එසේ වුවද බයිලා චක්‍රවර්ති නිහාල් නෙල්සන් ලෙස හඳුන්වනවා අපි කවදාාවත් අහලත් නැහැ දැකලත් නැහැ. චක්‍රවර්ති නාමය ඔබට එක් නොවුනේ මන්ද?
පිළිතුර:
මට සම්මාන ලැබුනේ නැත්තේ ඇයි ? කියල අහන ප්‍රශ්නයක් ඔබ බෙහෝම වැදගත් ලෙස මගෙන් ප්‍රශ්න කළා. මගේ කලා දිවියේ සම්මාන ලැබිය යුතු බොහෝ දේවල් මම කරලා තිබෙනවා. නමුත් සම්මාන ලැබුණේ නැහැ. ඔය ලී කොට සම්මාන නොලැබුණාට, මට ගම්මාන ලැබිල තිබෙනවා. මල්ලි ඒක මට ලොකු සතුටක්. අද ලංකාවේ ඕනෑම තැනකට ගියොත් නිහාල් අයියා කියලා ආදරයෙන් කතා කරන අය ඕනෑ තරම් ඉන්නවා. ඒ තමයි මම ලබපු සම්මාන. ඒවා ලීකොට වලට වඩා වටිනවා.
ප්රශ්නය:
ඔබ කලක් පේ‍්‍රමදාස ජනාධිපති බොහෝම ළඟින්ම ඇසුරු කරපු ගායකයෙක්. අද ඔබ 70 වැනි ජන්ම වසර පසු කරන පියෙක් හා සීයා කෙනෙක් වීමට ඉන්න කෙනෙක්. එදා සහ අද ශ්‍රී ලංකාවේ දේශපාලන චක්‍රය ගැන විග්රහ කරන්නේ කෙසේද?
පිළිතුර:
මම කල්පනා කළේ මේ ප්රශ්නය අහන්න මෙතරම් ප්‍රමාද වුණේ මොකද කියලයි. කෙසේ නමුත් එම ප්රශ්නය ඇසීම ගැන ඔබට ස්තුති වන්ත වෙමි. රටේ දේශපාලනය කලාවට අදාළ නැහැ. නමුත් කලාකරුවා යනු දේශපාලනයේ හොඳ නරක හොඳට අවබෝධ කර ගත හැකි සංවේදි මිනිසෙක්. දේශපාලඥයාගේ හොඳ නරක ඔහුට හොඳට තේරෙනවා. මම පේ‍්‍රමදාස ජනාධිපති ඉතා ළඟින් ඇසුරු කරපු කෙනෙක්. පොඩි මිනිහගේ දුක අවබෝධ කර ගත් නායකයන් අතර ඔහුට ප්‍රථම ස්ථානය හිමි වෙනවා. ඔහු මගේ ගීත අසපු රසිකයෙක්. මගේ ගීත අගය කරපු කෙනෙක්. එම ගීත වල අර්ථයන් සමඟ මම ජීවත් වන කෙනෙක්ද කියලා හොයල බලපු කෙනෙක්. නමුත් මම කෙදිනකවත් ඔහුගෙන් ළමයෙක්වත් පාසැලකට දා ගන්න කතා කරපු එවැනි උදව් ඉල්ලපු කෙනෙක් නොවේ. අපි එහෙම කරන එක සුදුසු නැහැ. නමුත් ඔහු සමඟ මම හරි වැරැදි කතා කරලා තිබෙනවා. කලාකරුවෙක් කලාකරුවා විනා නලා කරුවෙක් වෙන්න එපා කියලයි මම කියන්නේ.
ප්රශ්නය:
ඔබ බොහෝ කාලයකට පසු යුරෝපයේ සංගීත ප්රසංඟ කිහිපයකට සහභාගි වුණා. මෙම සංචාරය ගැන ඔබගේ විස්තර කිරීම කෙසේද?
පිළිතුර:
අපි මෙම සංචාරය ආරම්භ කළේ ඉතාලියෙන්. රෝමය, වෙරෝනා, පාදුවා, මිලානෝ යන නගර වල ප්රසංඟ වලට අපි සහභාගි වුණා. අවසානයට තමයි පැරීසියට පැමිණියේ. රෝහාන් ද සිල්වා හා නදීර නෝනිස් කියන නව පරපුරේ ඉතාමත්ම දක්ෂ තරුණ ගායකයෝ දෙදෙනාත් මා සමඟ මෙම ප්රසංඟ වලට සහහාගි වුණා. ඔවුන් දෙදෙනාම ගායනයට මෙන්ම වාදනයටත් දක්ෂයෝය. ඔවුන්ට හොඳ අනාගතයක් ලැබේවි කියා මම හිතනවා. ඒ වගේම මෙම සංචාරයේදි කෑමෙන්, බීමෙන්, ඉදුම් හිටුම් ආදි ලෙස අපට අවශ්‍ය පහසුකම් සපයමින් අපිව හොඳට රැකබලා ගත්තා. ඒ ගැන පැරීසියේ ආසියාතික කලා සංසඳයටත් අනෙකුත් සංවිධායකවරුන්ටත් අපේ ස්තුතිය පුදකර සිටිනවා. බුදුන් වහන්සේටත් ගල් පෙරලලා තුවාල කරපු දේවදත්තයෝ වගේ විරුද්ධවාදීන් හිටියා. ජේසුස් වහන්සේට ජුදාස්ලා වගේ අය හිටියා. ඉතින් වර්තමාන සමාජයෙත් දේවදත්තයෝ, ජුදාස්ල වගේ අය නැතුවා නොවේ. එහෙම අය ඉන්නවා. ඔවුන් ගැන අපි කලබල වියයුතු නැහැ. ඔවුන්ගේ අනාගතය කවදාවත් පිරිසිදු වෙන්නෙ නැහැ. එම නිසා කොපමණ බාධා පැමිණියත් තමන්ගේ ක්‍රියාව නිවැරදි නම් හොඳ ප්‍රතිඵල ලැබේවි. එබැවින් මෙම ප්රසංඟයත් සාර්ථක වේවායි අපි පතමු. මෙවැනි විදේශ සංචාරයකට එන්න ලැබීමත් එක්තරා වාසනාවක්. එය උදාකර දීමට සැලසුම් කළ මිත්‍රයන්ට හා සංවිධායකවරු සියල්ලන්ටත් මම මගේ ස්තුතිය පුද කරනවා.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘ලී කොට සම්මාන නැතත් මට ගම්මාන ලැබිලා තිබෙනවා‘