IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


විකෘති මුහුණ සැත්කමකින් ප්‍ර‍කෘති කරයි

උපතින් ම මුහුණ විකෘති වීම හේතුවෙන් මව්කිරි පවා උරාබීමට නොහැකිව සිටි දරුවකු පැය හයක සැත්කමකට ලක් කිරීමෙන් සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමට හැකි වූ බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මුඛ, හනු හා මුහුණ පළිබද ශල්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරු කියති.

ඇඹිලිපියේ යුවලකට දාව උපන් මේ දරුවා විශ්මිත ලක්ෂාන් නමැතිය. වයස අවුරුදු එකයි මාසයකි. දරුවාගේ මුහුණේ වම් පැත්ත බැලූ විට පෙනෙන්නේ ඔහුට කටවල් දෙකක් පිහිටා ඇති බවයි. වම් පසින් බැලූ විට දරුවාගේ කටත් ඇසත් අතර ඉඩක් නැතිව ඒ දෙක එකට ඇලී පවතින අයුරක් දක්නට ලැබිණි.

සැත්කම සිදුකළ මුඛ, හනු හා මුහුණ පිළිබද ශල්‍ය වෛද්‍ය විශේෂඥ ඩී.කේ.ඩයස් මහතා පවසන්නේ දරුවාගේ දකුණු පැත්තේ උඩ හනුව අර්ධ වශයෙන් දෙකට බෙදී තිබූ බවයි. වම් පැත්තේ උඩ හනු අස්ථිය හා ඇස් කුහරය හා උඩහනුව එකිනෙක බද්ධ වී තිබූ බවත් ඔහු කියා සිටියේය.

‘‘ අපි මේ දරුවාගේ මුහුණ ප්‍ර‍කෘත්තිමත් කිරීමේ සැත්කමක් කළා. එහිදී ඔහුගේ මෘදු පටක හා පේෂි යළි සකස් කරලා මේ විකෘතිය හැකිතාක් අඩු කළා. ඉදිරියේ දී ඔහු සම්පූර්ණයෙන් ම යථා තත්ත්වයට පත්කිරීමටනම් තවත් සැත්කම් දෙකක් පමණ සිදුකළ යුතු වනවා. ඒ සදහා දරුවාගේ අස්ථි තව වැඩෙන්න අවශ්‍යයි. මේ කාලයේ දී එය කළ නොහැකියි. “

නිර්වින්දන විශේෂඥ වෛද්‍ය කේෂරී ද සිල්වා මහත්මිය සැත්කම සදහ දරුවා නිර්වින්දනය කළාය. මුඛ, හනු හා මුහුණ පිළිබද ශල්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරු හා කාර්ය මණ්ඩලයත්, කරාපිටිය රෝහලේ ඊ සහ එෆ් ශල්‍යාගාර කාර්ය මණ්ඩලයත්, ළදරු දැඩි සත්කාර ඒකකයේ වෛද්‍යවරුත් මේ දරුවා සාමාන්‍ය තත්ත්වයට පත්කර ගැනීම සදහා මහත් වෙහෙසක් දැරූහ.

මෙතෙක් උදරයට බටයක් දමා ආහාර ලබා දීම සිදුකර දරුවා දැන් ළදරු දැඩි සත්කාර ඒකකයේ ප්‍ර‍තිකාර ලබයි. ඉදිරි දින කිහිපයේ දී උගුරට ආහාර ඇතුළු කිරීමට කටයුතු කරන බවත් ඉතා ඉක්මනින් දරුවාට සාමාන්‍ය පරිදි ආහාර ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි ද වෛද්‍යවරුන්ගේ බලාපොරොත්තුවයි.

20160125_084219 20160126_121543 Child 01 Child 02 DSC00796 DSC00799 image-b337a5503ccfebd9b2177bac88a3d85d49027e1bb37d2b7b853cf84c1b4fa602-V

 



අදහස් (0)

විකෘති මුහුණ සැත්කමකින් ප්‍ර‍කෘති කරයි

නුවන් Tuesday, 02 February 2016 02:26 AM

ඉතා අගය කළයුතු වැඩක්. සියලු දෙනාටම බුදු සරණයි! (නි)

:       0       0

බුද්ධික Tuesday, 02 February 2016 03:03 AM

වෛද්‍යවරු හා කාර්ය මණ්ඩලයට මගේ හද පත්ලෙන් නැඟුනු උණුසුම් ආශිර්වාදය! ඔබ සැමට නිදුක් නිරෝගී බව ලැබේවා! (නි)

:       0       0

අරුණ Tuesday, 02 February 2016 03:25 AM

ඉක්මන් සුවය ලැබේවා....!!!!! (නි)

:       0       0

ප්‍රියාන් Tuesday, 02 February 2016 03:34 AM

දරු පැටිය පව්..ඉක්මන් සුවය ලැබේවා..(ම)

:       0       0

තුසිත Tuesday, 02 February 2016 03:37 AM

වෛද්‍යවරු හා කාර්ය මණ්ඩලයට ස්තුතියි චූටි පුතාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි . (ම)

:       0       0

නලින් Tuesday, 02 February 2016 03:47 AM

බොහොම පින් හැමදෙනාටම. ඉක්මන් සුව පතමි. (ම)

:       0       0

හේරත් Tuesday, 02 February 2016 03:50 AM

මීහිපිට දෙවිවරු, දරුවාට ඉක්මන් සුවය ලැබේවා.(බ)

:       0       0

ආරියතිලක ගුණවර්ධන Tuesday, 02 February 2016 07:16 AM

පුටු රත් කරන වෛද්‍යවරුන්ට සහ පැත්තක ඉඳල ජායාරුප වලට ඉන්න වෛද්‍යවරුන්ට නොවේ, මේ වගේ ශල්‍ය වෛද්‍යවරුන්ට නොමිලේ වාහන සහ සියලු පහසුකම් දියයුතුයි. පර්මිට් එකට නෙවෙයි (ර)

:       0       0

අමිල Tuesday, 02 February 2016 03:55 AM

මේවගේ දරුවෙක් ඉන්න දෙමාපියන්ට දැනේනේ දුක මම අත්දැකීමෙන්ම දන්නවා...මේ දරුවාගේ දෙමාපියන්ගේ දුක නිවපු වෛද්‍යවරුන්ට බුදු බව අත්වේවා...!!! (ම)

:       0       0

රාජික දිලිප් කුමාර Tuesday, 02 February 2016 04:11 AM

සැත්කමට සම්බන්ධ වුණ හැමෝටම පින් වර්ජන ගැන තර්ජන කරන අයට වඩා ඔබල සමුහය මිහිපිට දෙවියන්මය (ම)

:       0       0

සලීත් Tuesday, 02 February 2016 04:21 AM

වෛද්‍යවරු හා කාර්ය මණ්ඩලයට මගේ හද පත්ලෙන් නැඟුනු උණුසුම් ආශිර්වාදය! මේ දරුවට ඉක්මන් සුවය ලබෙවායි මම හද පතුලෙන්ම පාර්ථනා කරමි. (ර)

:       0       0

හෙට්ටිආරච්චි Tuesday, 02 February 2016 04:23 AM

චූටි පුතාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි! (ර)

:       0       0

ඉමේෂ් Tuesday, 02 February 2016 04:18 AM

අනේ පව් ඒ ළමයා. අනාගතේ සමාජයට කොහොම මුහුණ දෙන්න වේවිද? (ර)

:       0       0

මාලි Tuesday, 02 February 2016 04:46 AM

දරු පැටියටත් කාර්ය මණ්ඩලයටත් තෙරුවන් සරණ වේවා. දරු පැටියාට වේදනාවෙන් තොර නිරෝගී සුවය හැකි ඉක්මනින් ලැබේවා (ම)

:       0       0

විද්‍යා Monday, 01 February 2016 06:32 PM

ප්‍රසිද්ධියක් නැති , ලොකු හඬක් නැති විරුවන්. වෛද්‍යවරු හා කාර්ය මණ්ඩලයට මගේ හද පත්ලෙන් නැඟුනු උණුසුම් ආශිර්වාදය! ඔබ සැමට නිදුක් නිරෝගී බව ලැබේවා! (නි)

:       0       0

ගුණසිරි Monday, 01 February 2016 07:17 PM

ඒ විශ්වකර්ම වෙදමහතුන්ට පින්පෙත් පුදලා, පින්දහම් කරන්න පුතේ මතු ජීවිත වලදී ඔවුන්ට විපත් නොවන්න (නි)

:       0       0

චමින්ද Monday, 01 February 2016 07:23 PM

ඉක්මන් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. (නි)

:       0       0

අනුර - යුනයිටඩ් අරාබි එමිරේට්ස් Monday, 01 February 2016 07:24 PM

මිහිපිට දෙවිවරුන් වැනි ඔබතුමන්ලාට සියලු දෙවි රැකවරණය පතනවා. දරුවාටද ඉක්මන් සුවය පතනවා (නි)

:       0       0

තුසිත Tuesday, 02 February 2016 05:21 AM

හොඳ වැඩක්. මෙවැනි දේ අපි අගයන්න ඕනේ (බ)

:       0       0

සුගන්ධ Monday, 01 February 2016 11:04 PM

මිනිසා තමාගේ පෙර කර්මය නිමාකිරීම මෙයින් පෙන්වාදීම අප හොඳින් තේරුම් ගන්නේ නම් අපි කෙතරම් බුද්ධිමත්ද​? (නි)

:       0       0

බුද්ධික Tuesday, 02 February 2016 05:30 AM

අගය කළ යුතු වැඩක් වෛද්‍ය තුමනි, ඔබට පින් ,ඉක්මන් සුව ලැබී ඊළග සත්කමිනුත් ප්‍රකෘති තත්ත්වයට ලැබේවායි කියා ප්‍රාර්ථනා කරනවා, (ම)

:       0       0

හේමන්ත Monday, 01 February 2016 11:09 PM

ස්තූතියි වෛද්‍යතුමනි! (නි)

:       0       0

ජයවික්‍රම Monday, 01 February 2016 11:17 PM

චූටි පුතාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි! (නි)

:       0       0

චතුර Monday, 01 February 2016 11:18 PM

බුදුසරණින් ඉක්මනට සනීප වෙන්න රත්තරන් පුතේ ..... (නි)

:       0       0

මනෝජ් Monday, 01 February 2016 11:30 PM

විශිෂ්ටයි! අපේ ආචාරය ඔබට! (නි)

:       0       0

සමන්ති Tuesday, 02 February 2016 09:26 AM

වෛද්‍යවරුනේ ඔබ තුමන්ලා වගේ වෛද්‍යවරු අපේ රටට උතුම් වස්තුවක් (බ)

:       0       0

නීතා Monday, 01 February 2016 11:55 PM

මෙවැනි වෛද්‍යවරුන් මතු බුදුවේවා! (නි)

:       0       0

ජීවන් Tuesday, 02 February 2016 05:37 AM

චන්දන ඔබ හරියටම හරි....(බ)

:       0       0

පාලිත Tuesday, 02 February 2016 05:32 AM

මේ දරුවට ඉක්මණින් නිදුක් නීරෝගී දීර්ඝායු ලැබේවා. මේ පිංකම කළ දොස්තර මහත්වරුන්ට ආත්ම ගානක් පින් ලැබේවා. (ම)

:       0       0

රන්ජිත් Tuesday, 02 February 2016 05:45 AM

පුංචි පුතාට බුදුසරණීන් ඉක්මන් සුවය ලැබේවා. අහිංසකයා ලොකු වේදනාවක් විඳිනවා ඇති.ඒවගේම අපේ ප්‍රණාමය මේ ශල්‍ය කර්මයට දායක වුණු හැමෝටම. (ම)

:       0       0

රුවනි Tuesday, 02 February 2016 12:10 AM

අනේ පවු.මේ පුංචි දරුවා කොච්චර නම් වේදනාවක් විඳිනවද? තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා...! සියලුම දොස්තරවරුන්ට අපේ ප්‍රණාමය. දරුවා ලොකු වුණාම ප්ලාස්ටික් ශල්‍යකර්මයක් කරන්න. අපිත් ආධාර කරන්නම්. ලංකාදීපයට දන්වන්න. (නි)

:       0       0

බණ්ඩාර - කුවෙට් Tuesday, 02 February 2016 05:55 AM

මිහිපිට දෙවිවරු ඔබය අපේ ප්‍රණාමය !!! (ම)

:       0       0

මොහාන් Tuesday, 02 February 2016 01:03 AM

රෝහලේ වෛද්‍යවරුන් සියළු දෙනාටම දීර්ඝායුෂ ලැබේවා! (නි)

:       0       0

ටෙනිසන් Tuesday, 02 February 2016 01:27 AM

මේ ජීවමාන දෙවිවරු නොපෙනෙන දෙවිවරු අභිබවාගොස් ඇති බව පෙනේ (නි)

:       0       0

ආනන්ද Tuesday, 02 February 2016 01:29 AM

මේක නම් ආශ්චර්යයක් (නි)

:       0       0

චන්දන Tuesday, 02 February 2016 01:30 AM

ඔබගේ අතීත විස්කම්ද බොහොමක් තිබෙනවා. මීට වඩා මෙවැනි උතුමන්ලා අගය කළයුතු වෙනවා. ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් ලබාදිය යුතුයි (නි)

:       0       0

හේමන්ත Tuesday, 02 February 2016 01:38 AM

සුගන්ධ, සියල්ලම පෙර කර්මයන්ට අනුව සිදුනොවේ. නියාම ධර්ම වලට අනුවයි මෙය තේරුම් ගතයුත්තේ. මෙය බීජ නියාමයට අනුව බීජ දෝෂයක් විය හැක. කර්ම නියාමයක්ද විය හැක. ලස්සන දුරුවෙක්. නවීන විද්‍යාවෙන් ඔහුට ප්‍රතිකාර ලබා සුවය ලැබේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 315 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1302 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 384 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 464 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 445 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 335 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 521 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2056 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site